අද කොවිඩ් මරණ 38 ට බසී ; නව ආසාදිතයින් 746 ක් වාර්තා වෙයි

දිනකට වාර්තා වන කොවිඩ් මරණ සංඛ්‍යාව අද දිනයේ 38 ක් දක්වා අඩු වී ඇති අතර අද දිනය තුළ අලුතින් හඳුනාගත් කොවිඩ් ආසාදිත සංඛ්‍යාව සටහන් වුයේ 746 ක් වශයෙනි.

මේ අනුව මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව සටහන් වන්නේ 13,267 ක් වශයෙනි.

සැප්තැම්බර් 23 සිට 30 දක්වා කාලයේ හමුවූ නමුත් වාර්තාවලට ඇතුලත් නොවූ බව කියන ආසාදිතයින් 641 ක් ද සමස්ත ආසාදිත සංඛ්‍යාවට අද දිනයේ එකතු කොට ඇත.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිත සංඛ්‍යාව සටහන් වන්නේ 524,937 ක් වශයෙනි.

මේ අතර රෝහල්වල ප්‍රතිකාර ලබන කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාවේ කැපී පෙනෙන අඩුවක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා අද ප්‍රකාශ කළේ ය.

රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව මේ වනවිට 9,481 ක් දක්වා අඩු වී තිබේ.

දැඩි සත්කාර හා අධි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව ද මේ වන විට 94ක් දක්වා අඩුවී ඇතැයි ද , සෞඛ්‍ය සේවා  නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්වරයා කීවේ  ය.

හේමන්ත හේරත් මහතා මේ බව පැවසුවේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ දී අද (8) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *