කිරිපිටි කිලෝව 350 කින්, පැකට්ටුව 140 කින් නැගී ; 400 පැකට්ටුවේ නව මිල රු: 550 යි

කිරිපිටි සඳහා පාලන මිල ඉවත් කිරීමත් සමග කිර්පිටි කිලෝවක් රුපියල් 350 කින් ද , ග්‍රෑම් 400 පැකට්ටුවක් රුපියල් 140 කින් ද මිල වැඩි කිරීමට ආනයනකරුවන්ගේ සංගමය තීරණය කොට තිබේ.

ඒ අනුව කිරිපිටි කිලෝවක නව මිල රුපියල් 1,300 ක් වන අතර ග්‍රෑම් 400 ක පැකට්ටුවක නව මිල රුපියල් 550 ක් වෙයි.

මේ අතර වරායේ ඇති කිරිපිටි තොග සියල්ල සඳුදා වන විට  නිදහස් කරගත හැකි වනු ඇති බවත්, ලබන සතිය තුළ වෙළෙඳපොළට නිකුත් කිරීම ආරම්භ කළ හැකි වන බවත්, ව්‍යාපාරික ආරංචි මාර්ග කියයි.

කෙසේ වෙතත්, අලුතින් කිරිපිටි ආනයනය කොට වෙළෙඳපොළ යථා තත්ත්වයට පත් කිරීමට මාසයකට වැඩි කලක් ගතවනු ඇතැයි කියති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *