කිරිපිටි, ගෑස්, තිරිඟු පිටි, සිමෙන්ති මිල පාලනයෙන් ඉවතට ; ඇමති මණ්ඩලය තීරණය කරයි

කිරිපිටි, ගෑස් , තිරිඟු පිටි සහ සිමෙන්ති සඳහා පනවා තිබු පාලන මිල ඉවත් කිරීමට ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ රැස් වූ ඇමති මණ්ඩලය තීරණය කොට ඇත.

මෙම භාණ්ඩවල පාලන මිල වැඩි කිරීමට පාරිභෝගික සේවා අධිකාරිය සහ ජීවන වියදම් කමිටුව ඉදිරිපත් කොට තිබු නිර්දේශ ගැන සාකච්ඡා කළ අමාත්‍ය මණ්ඩලය තීරණය කොට ඇත්තේ පාලන මිල වැඩි කිරීම වෙනුවට මිල පාලනය සම්පුර්ණයෙන් ඉවත් කිරීමට ය.

එම භාණ්ඩ ආනයන කරුවන් සමග සාකච්ඡා කොට ඔවුන්ගේ වියදම් අනුව මිල නියම කිරීමට පාරිභෝගික සේවා අධිකාරියට බලය පවරා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *