තේ වගාවට රසායනික පොහොර යොදන්න අවසර ; පොහොර ආනයන තහනම ඉවත් වෙයි

තේ වගාව සඳහා රසායනික පොහොර යෙදීමට අවසර ලබා දීමට අමාත්‍ය මණ්ඩලයේ ඊයේ පැවති විශේෂ රැස්වීමේ දී තීරණය කොට ඇති අතර ඒ අනුව රසායනික පොහොර මෙරටට ගෙන්වීමට පනවා තිබු තහනම ද ඉවත් වෙයි.

රසායනික පොහොර නොමැතිව තේ වගාව කරගෙන යා නොහැකි බව වතු සමාගම් රජයට පෙන්වා දී තිබීම නිසා සහ තේ අස්වැන්න මේ වනවිටත් පහළ වැටෙමින් තිබෙන නිසා ඇමති මණ්ඩලය මෙම තීරණය ගෙන තිබේ.

ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවති විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී මෙම තීරණය ගෙන තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *