ඩයනා ගමගේ සජබයෙන් නෙරපයි

සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ඩයනා ගමගේ මහත්මිය පක්ෂයෙන් නෙරපීමට තීරණය කළ බව එම පක්ෂය නිවේදනය කරයි.

පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා අද මේ බව නිවේදනය කොට ඇත.

ඩයනා ගමගේ මන්ත්‍රීවරිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනයට පක්ෂව ඡන්දය දෙමින් ආණ්ඩු පක්ෂය සමග එක්වීම මෙලෙස පක්ෂයෙන් නෙරපීමට හේතු වී තිබේ.

සමගි ජන බලවේගය ලෙස නම වෙනස් කර ප්‍රතිසංවිධානය කළ පක්ෂයේ මුල් හිමිකරුවන් වන්නේ ඩයනා ගමගේ මහත්මිය ඇතුළු පිරිසකි.

ගමගේ මහත්මියට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය හිමිවුයේ ද පක්ෂය ලබා දීමට ප්‍රති උපකාර වශයෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *