මහ බැංකු අධිපති වූ කබ්රාල්ගේ ඇමති ධුරය අහෝසි කරයි ; බලතල බැසිල්ට

මහ බැංකු අධිපති ධුරයට පත් වූ අජිත් නිවාඩ් කබ්රාල් මහතා එතෙක් දැරූ මුදල් සහ ප්‍රාග්ධන වෙළෙඳපොළ රාජ්‍ය ඇමති ධුරය අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් අහෝසි කොට ඇත.

කබ්රාල් මහතා මහ බැංකු අධිපති තනතුර භාර ගැනීම සඳහා රාජ්‍ය ඇමති තනතුරින් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ද ඉල්ලා අස් වී ය. ඉන්පසු එම තනතුර හිස්ව පැවතුනි.

නව ගැසට් නිවේදනය මගින් රාජ්‍ය ඇමති තනතුර අහෝසි කොට එම තනතුරට තිබු කාර්යභාරය මුදල් අමාත්‍යංශයට පවරා දී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *