රසායනික පොහොර තහනමට එරෙහිව සජබෙන් මුලික අයිතිවාසිකම් පෙතසමක්

රසායනික පොහොර ආනයනය තහනම් කිරීමට අමාත්‍ය මණ්ඩලය ගත් තීරණය නිසා මෙරට ගොවි ජනයාගේ මුලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇතැයි මානව ආයිතිවාසුකම් පෙත්සමක් සමගි ජන බලවේගය විසින් ශ්‍රේෂ්ටාධිකරණයට ඉදිරිපත් කොට ඇත.

සමාගී ජන බලවේගයේ ප්‍රධාන ලේකම් රන්ජිත් මද්දුම බණ්ඩාර මහතා සමග හේමකුමාර නානායක්කාර සහ පී හැරිසන් මහත්වරුන් මෙම පෙත්සම ඉදිරිපත් කොට තිබේ.

ඔවුන් මෙම පෙත්සම ඉදිරිපත් කොට ඇත්තේ සමගි ගොවි ජන සම්මේලනයේ සාමාජිකයින් වශයෙනි.

රසායනික පොහොර තහනම මගින් ගොවි ජනයාගේ අයිතීන් උල්ලංඝනය වන බවට පෙත්සම මගින් අධිකරණයට කරුණු ඉදිරිපත් කොට තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *