යළිත් අලුත්ගම, දිගන කරා? – තිසරණී ගුණසේකර

රාජපක්‍ෂවරුන්ගේ හා ඔවුන්ගේ ගිහි පැවිදි අනුගාමිකයන්ගේ මුසාබසට රැවටී යළිත් අගාධයේ වැටෙමුද? රාජපක්‍ෂ පවුලේ අනාගතය වෙනුවෙන් බැසිල් රාජපක්‍ෂ ජනපතිවරයකු හා නාමල් රාජපක්‍ෂ ජනපතිවරයකු වෙනුවෙන් අපේ අනාගතය බිලිදෙමුද?

ඉක්බාල් අහමඩ් යනු ලෝක ප්‍රකට පකිස්තානු බුද්ධිමතෙකි. මුස්ලිම් රටවල නායකයන් තමන්ගේ ජනප්‍රියතාව හීන වන විට බලය රැකගැනීම සඳහා ඉස්ලාම් දහම අවියක් කරගන්නා අයුරු ඔහු සිය Confronting Empire ග්‍රන්ථයේ විස්තර කළේය.

ඉක්බාල් අහමඩ් හෙළා දුටු මේ පුරුද්ද මුස්ලිම් රටවලට පමණක් සීමා නොවේ. බලය ලබාගැනීමටත් බලය රැකගැනීමටත් ‘ජාතිය’ හා ‘ආගම’ තරම් දේශපාලනඥයන් අතින් අපයෝජනයට පත් වෙනත් යෙදුම් දෙකක් නොමැති තරම්ය. මිනිසුන්ගේ මොළය අවුල් කිරීමට මෙතරම් සුදුසු උපක්‍රමයක් නොමැති බව දේශපාලකයෝ දනිති. රටක ප්‍රශ්න වැඩිවත්ම, ජනතා කලකිරීම ඉහළ යත්ම, ජාතික කොඩිය හා ජාතික ගීය වඩාත් වැළඳගැනීමටත්, පන්සල් කෝවිල් හෝ කිතුනු/මුස්ලිම් දේවස්ථාන කරා නිරන්තරයෙන් (මාධ්‍යද පිරිවරා) ගමනාගමනය කිරීමටත් දේශපාලනඥයන් පෙළඹෙනුයේ එබැවිනි.

2019 රාජපක්‍ෂවරුන් යළි බලයට ආවේ ‘සිංහල බෞද්ධ’ රටත් ‘සිංහල-බෞද්ධයාත්’ රැකීම තම එකම අරමුණ ලෙස පෙන්වමිනි. රාජපක්‍ෂ ජනපතිවරණ ව්‍යාපාරයේ තීරණාත්මක කාර්යභාරයක් ඉටුකළේ දේශපාලන භික්‍ෂූන්ය. ඔවුහු පන්සල් දේශපාලන වේදිකාවක් බවට පත්කළෝය. ඉන්න රටක් ඉතුරු වනුයේ රාජපක්‍ෂවරුන් යළි බලයට පත්වුවහොත් පමණක් යන මතය ගමක් නගරයක් ගානේ දේශනා කළහ. රටේ ඉදිරි පැවැත්මත් රාජපක්‍ෂ බලයත් අතර සමාන ලකුණක් යෙදීමට මේ දේශපාලනික-භික්‍ෂු නිකාය ඉමහත් කැපවීමෙන් ක්‍රියාකළේය. 2019 හා 2020 රාජපක්‍ෂවරුන් ලත් මහා ජයග්‍රහණයන්හි වැඩි බරක් ඇද්දේ මේ භික්‍ෂූන්ය. රාජපක්‍ෂවරුන්ට තුනෙන්-දෙකේ බලයක් දීම පිනක්- මරණ මංචකයේදී සිහිකොට සතුටුවිය හැකි පිනක්-යැයි දෙසන තරමට මෙම රාජපක්‍ෂවාදී භික්‍ෂූහු බුදුන් වහන්සේගේ වචනය විකෘති කළහ.

රාජපක්‍ෂ ජනපතිවරණ ව්‍යාපාරයේ තීරණාත්මක කාර්යභාරයක් ඉටුකළේ දේශපාලන භික්‍ෂූන්ය. ඔවුහු පන්සල් දේශපාලන වේදිකාවක් බවට පත්කළෝය. ඉන්න රටක් ඉතුරු වනුයේ රාජපක්‍ෂවරුන් යළි බලයට පත්වුවහොත් පමණක් යන මතය ගමක් නගරයක් ගානේ දේශනා කළහ. රටේ ඉදිරි පැවැත්මත් රාජපක්‍ෂ බලයත් අතර සමාන ලකුණක් යෙදීමට මේ දේශපාලනික-භික්‍ෂු නිකාය ඉමහත් කැපවීමෙන් ක්‍රියාකළේය. 2019 හා 2020 රාජපක්‍ෂවරුන් ලත් මහා ජයග්‍රහණයන්හි වැඩි බරක් ඇද්දේ මේ භික්‍ෂූන්ය. රාජපක්‍ෂවරුන්ට තුනෙන්-දෙකේ බලයක් දීම පිනක්- මරණ මංචකයේදී සිහිකොට සතුටුවිය හැකි පිනක්-යැයි දෙසන තරමට මෙම රාජපක්‍ෂවාදී භික්‍ෂූහු බුදුන් වහන්සේගේ වචනය විකෘති කළහ.

රාජපක්‍ෂ බලය වෙනුවෙන් මෙලෙස භික්‍ෂූන් පෙළගැසීම අහම්බයෙන් වූවක් නොවේ. තම සිංහල බෞද්ධ ඡන්ද පදනම 50%කට අධික ජනපතිවරණ – මහා මැතිවරණ බහුතරයක් දක්වා පුළුල් කිරීමේ රාජපක්‍ෂ ව්‍යායාමයේ දැනුවත් හා සැලසුම්සහගත පියවරකි. එය ඇරඹුණේ 2015 ජනපතිවරණ පරාජයේ සිටයි.

2015 ජනපතිවරණ පරාජයෙන් පසු මැදමුලනට ගිය මහින්ද රාජපක්‍ෂ මහතා වළව්වේ ජනේලයක එල්ලී රැස්ව සිටි පාක්‍ෂිකයන්ට කීවේ ඊලමේ ඡන්ද නිසා තමන් පැරදුණ බවය. උතුරේ, නැගෙනහිර හා වතුකරයේ ඡන්ද හේතුවෙන් තම ප්‍රතිවාදියා ජයගත් බව ඔහු තම පාක්‍ෂිකයන්ට තවදුරටත් කියා සිටියේය. මෛත්‍රීපාල සිරිසේන මහතාට ලාංකිකයන් බහුතරයක ඡන්ද ලැබුණද සිංහල බහුතරයක ඡන්ද නොලැබුණ නිසා ඔහුගේ ජය සැබෑ ජයක් නොවන බව මෙම මැදමුලන ප්‍රකාශනයේ යටි අරුත විය.

‘මහින්ද සුළඟේ’ සිට රාජපක්‍ෂ විපක්‍ෂයේ මතවාදීමය පදනම වූයේ මෙම මැදමුලන ප්‍රකාශනයයි.

2015-2019 කාලය තුළ රාජපක්‍ෂවාදී විපක්‍ෂය ආමන්ත්‍රණය කළේ ලාංකික ඡන්දදායකයන්ට නොව සිංහල-බෞද්ධ ඡන්දදායකයන්ටය. සිරිසේන -වික්‍රමසිංහ පාලනය පිළිබඳව ඔවුන් සිදුකළ සියලු විවේචන පදනම් වූයේ මෙම දෘෂ්ටි කෝණය මතය. සතියක් පාසා පන්සලක් පන්සලක් ගානේ යමින් මහින්ද රාජපක්‍ෂ මහතා කීවේ, සිරිසේන-වික්‍රමසිංහ පාලනය ‘සිංහල-බෞද්ධ’ රටේත් ජනතාවගේත් පැවැත්මට තර්ජනයක් බවය.
සිංහල-බෞද්ධ ඡන්ද සුනාමියක් නිර්මාණය කොට බලයට ඒමේ මෙම රාජපක්‍ෂ උත්සාහයේ ප්‍රධානතම අංගයක් වූයේ සිංහල සමාජය තුළ ජාතිවාදය හා ආගම්වාදය හැකිතාක් උත්සන්න කිරීමය. සිංහල-බෞද්ධ නොවන ලාංකික පුරවැසියන් මෙරට නිජබිම කරගත් සහෝදර ජනතාවක් නොව ලංකාව වැනසීමට උගුල් අටවන සතුරන්ය යන විශ්වාසය ප්‍රචලිත කිරීම රාජපක්‍ෂ විපක්‍ෂයේ ප්‍රධානතම කාර්යභාරයක් විය.
සිරිසේන-වික්‍රමසිංහ පාලනයේ මුල් වසර එකහමාරක පමණ කාලය තුළ මෙම ජාතිවාදී-ආගම්වාදී දේශපාලනය එතරම් සාර්ථක නොවීය. මන්ද ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වය පිළිබඳ බහුතර ජනතාව තුළ ප්‍රසාදයක් තිබුණු බැවිනි. ‘මහින්ද සුළඟ’ අසාර්ථක වූයේත් 2015 මහා මැතිවරණයෙන් රාජපක්‍ෂවරුන් යළිත් පරාජය වූයේත් එබැවිනි. නමුත් සිරිසේන- වික්‍රමසිංහ පාලනයේ වැරදි, අඩුපාඩු වර්ධනය වත්ම රාජපක්‍ෂවරුන්ගේ මෙම අගතිගාමී ප්‍රචාරයන්ට තෝතැන්නක් සිංහල සමාජාය තුළ නිර්මාණය විය.

රටේ ජනකොටස් අතර සැකය, බිය, වෛරය සහ අසමගිය වර්ධනය වීම රටේත් ජනතාවගේත් අනාගතයට අයහපත් වුවද, රාජපක්‍ෂවරුන්ගේ අනාගතයට එය අත්‍යවශ්‍යය. 2015-2019 කාලයටත් වඩා අදටත්, අදට වඩා හෙටටත් මෙය සත්‍යයකි. සිංහල-බෞද්ධ අගතිවාදය උත්සන්න කොට බලයට පැමිණි රාජපක්‍ෂවරුන්ගේ පවුල්-ව්‍යාපෘතියේ පැවැත්ම රැඳී ඇත්තේ ජාතිවාදය හා ආගම්වාදය මහමෙරක් කිරීම මතය.

රටේ ජනකොටස් අතර සැකය, බිය, වෛරය සහ අසමගිය වර්ධනය වීම රටේත් ජනතාවගේත් අනාගතයට අයහපත් වුවද, රාජපක්‍ෂවරුන්ගේ අනාගතයට එය අත්‍යවශ්‍යය. 2015-2019 කාලයටත් වඩා අදටත්, අදට වඩා හෙටටත් මෙය සත්‍යයකි. සිංහල-බෞද්ධ අගතිවාදය උත්සන්න කොට බලයට පැමිණි රාජපක්‍ෂවරුන්ගේ පවුල්-ව්‍යාපෘතියේ පැවැත්ම රැඳී ඇත්තේ ජාතිවාදය හා ආගම්වාදය මහමෙරක් කිරීම මතය.

එවැනි උත්සාහයක ප්‍රතිඵලය රට යළිත් ලේ විලක් වීම විය හැක. නමුත් ගෝඨාභයගෙන් පසු බැසිලුත් බැසිල්ගෙන් පසු නාමලුත් ජනපතිවරයා වන අනාගතයක් සහතික කිරීම සඳහා වෙනත් ක්‍රමවේදයක් පාලක පවුලට තිබේද?

මැරෙන්න රටක්?

ඊළාම් යුද්ධය ජයග්‍රහණයෙන් නිමවූ පසු ජනතාව විශේෂයෙන්ම සිංහල බහුතරය අපේක්‍ෂා කළේ මරණ බිය නැති අත මිට සරු අනාගතයකි. නමුත් යුද්ධයෙන් පසු ඒ අපේක්‍ෂිත ප්‍රතිලාභ- විශේෂයෙන්ම ආර්ථික සහනයන්-ජනතාවට ලැබුණේ නැත.

සාමයේ ආර්ථික ප්‍රතිලාභ (peace dividends) ලාංකික සමාජයට අහිමි වූයේ රාජපක්‍ෂ දේශපාලනය හා ආර්ථික උපායේ ඍජු ප්‍රතිඵලයක් ලෙසය. එක් අතකින් ආරක්‍ෂක වියදම් වසරින් වසර ඉහළ දැමීමටත් අනෙක් අතින් තමන්ගේ නම යන ප්‍රදර්ශනවාදී හා නාස්තිකාරී ව්‍යාපෘතීන් සඳහා ප්‍රමුඛත්වය දීමටත් 2010-2015 කාලය තුළ රාජපක්‍ෂවරු ක්‍රියාකළහ. මෙහි ප්‍රතිඵලය වූයේ යුද්ධ සමයටත් වඩා වැඩි ආර්ථික පීඩනයක් ජනතාව මතට වැටීමය.

ජනතාවට තම ආර්ථික ප්‍රශ්න අමතක කරවීම සඳහා අලුතින් සතුරකු නිර්මාණය කිරීම එකලද රාජපක්‍ෂ අරමුණ විය. දෙමළ-විරෝධී හා කිතුනු -විරෝධී ක්‍රියාවන් විටින් විට සිදුවුවද වැඩි බරක් යෙදුණේ මුස්ලිම්-විරෝධය වෙතය. බොදු බල සේනාව මනා මූල්‍යමය හා සංවිධානාත්මක බලයකින් හිටිඅඩියේ නිර්මාණය වූයේත් හලාල් විරෝධය රටේ බරපතළම ප්‍රශ්නය ලෙස ඉස්මතු වූයේත් මෙම සංදර්භය තුළය.

මේ මුස්ලිම් විරෝධී රැල්ලේ ගමනාන්තය වූයේ අලුත්ගමයි.

ප්‍රදේශයේ භික්‍ෂුවක්, ඔහුගේ රියැදුරා හා මුස්ලිම් මුස්ලිම් තරුණයන් තිදෙනෙකු අතර ඇතිවූ කුඩා ආරවුලක් මහා අර්බුදයක් බවට පත්වූයේ බොදු බල සේනාව අලුත්ගමට අවතීර්ණ වීමෙන් පසුවය. අලුත්ගම නගරයේ පැවති රැස්වීමක් නිමාවූයේ බොහෝ විට සුදුවතින් සැරසුණු පිරිස් මුස්ලිම් නිවෙස්, කඩ-සාප්පු හා දේවස්ථානවලට පහර දීමෙනි.
2015න් පසු යළිත් සංවිධානාත්මක මුස්ලිම්-විරෝධය උත්සන්න විය. මෙවර එහි මූලික තේමාව වූයේ සිංහල ජාතිය වඳ කනවාය යන චෝදනාවයි. වඳ පෙති, වැඳ කොත්තු, වඳ සැත්කම් ප්‍රචලිත වූයේ ඒ අවධියේය. 2018 දිගන මුස්ලිම්-විරෝධී ප්‍රචණ්ඩත්වයට මග සැකසුණේ මෙම ‘වඳ’ උන්මාදය තුළිනි.

2018 පෙබරවාරි 20දා තෙල්දෙණිය නගරයේ ලොරියක් හා ත්‍රිරෝද රථයක් අතර වූ රිය අනතුර නිමා වූයේ ත්‍රිරෝද රථයේ මගීන් ලොරි රියැදුරාට ක්‍රෑර ලෙස පහර දීමෙනි. මාර්ග අනතුරුවලට පසු එලෙස පහරදීම්, රථ ගිනි තැබීම් මෙරටේ සුලබය. තෙල්දෙණිය සිදුවීමේදී පහර කෑ ලොරි රියැදුරා සිංහල ජාතිකයකු වූ අතර, පහර දුන් ත්‍රිරෝද රථ මගීහු මුස්ලිම් ආගමිකයෝ වූහ. ලොරි රියැදුරා වහාම රෝහල්ගත කෙරුණු අතර, පහරදුන් මගීන් වහාම ඇප නැතිව රිමාන්ඩ්භාරයට පත්කෙරිණි.

2018 මාර්තු 3දා ලොරි රියැදුරා රෝහලේදී මියගියේය. තරුණ සැමියකු හා පියකුගේ මෙම ඛේදජනක මරණය නිසා දිගන කම්පා වූවා නිසැකය. නමුත් මෙම වේදනාව තුළින් මුස්ලිම්-විරෝධී ප්‍රචණ්ඩත්වයක් ස්වයංවම හට ගත්තේය.

මරණය වූ දාට පසුදා එනම් මාර්තු 4දා රාත්‍රියේ බොදුබල සේනාධිපති ගලගොඩ අත්තේ ඥානසාර භික්‍ෂුව මරණ ගෙදරට පැමිණියේය. ඔහු නික්ම ගොස් පැය කිහිපයකින් පසු මුස්ලිම් විරෝධී ප්‍රචණ්ඩත්වය ආරම්භ විය.

අලුත්ගම හා දිගන සිද්ධීන් දෙකේදීම ප්‍රධාන රංගනයක් කළ බොදු බල සේනාධිපති භික්‍ෂුව යළිත් කරළියට පැමිණ ඇත. මෙවර ඔහුට රජයට අයත් ජාතික රූපවාහිනියෙන්ද වේදිකාවක් ලැබී තිබේ.

මහින්ද රාජපක්‍ෂ අගමැතිවරයා ඉතාලියේ බොලොඤ්ඤා නගරයට ගොස් ආගමික සහජීවනය ගැන දේශනා කළේය. ගෝඨාභය රාජපක්‍ෂ ජනපතිවරයා නිව්යෝර්ක් නගරයේදී ජනවාර්ගික සාමය ගැන දේශනා කළේය.

රටේ ඉහළම නායකයන් දෙපළ ජාත්‍යන්තර වේදිකාවලදී සංහිඳියාව වෙනුවෙන් පෙනී සිටින විට රාජපක්‍ෂවාදී භික්‍ෂූහු රට තුළ මුස්ලිම්-විරෝධය හා කිතුනු විරෝධය අවුළුවති.
නායකයන් සංහිඳියාව ගැන ඉංග්‍රීසියෙන් දෙසද්දී අනුගාමිකයෝ සිංහලෙන් යළිත් රට ගිනිවද්දන්නට උත්සාහ කරති.

රටේ ඉහළම නායකයන් දෙපළ ජාත්‍යන්තර වේදිකාවලදී සංහිඳියාව වෙනුවෙන් පෙනී සිටින විට රාජපක්‍ෂවාදී භික්‍ෂූහු රට තුළ මුස්ලිම්-විරෝධය හා කිතුනු විරෝධය අවුළුවති.
නායකයන් සංහිඳියාව ගැන ඉංග්‍රීසියෙන් දෙසද්දී අනුගාමිකයෝ සිංහලෙන් යළිත් රට ගිනිවද්දන්නට උත්සාහ කරති.

රාජපක්‍ෂ පාලනයේත් රාජපක්‍ෂ දේශපාලනයේත් යථාර්ථය මෙයයි.

යළිත් මුස්ලිම් – විරෝධී (හෝ කිතුනු විරෝධී) ප්‍රචණ්ඩත්වයක් නිර්මාණය වූවායැයි මොහොතකට අනුමාන කරමු. එවැන්නක ආර්ථික හා සමාජමය ප්‍රතිඵල කවරක් වේදැයි මඳකට කල්පනා කරමු.

ජනවාර්ගික, ආගමික ප්‍රචණ්ඩත්වයක් ඇති රටකට විදේශ ආයෝජකයන් එන්නේ නැත. එපමණක් නොවේ. ජීඑස්පී වැනි සහන අහිමිවීමට පවා එය හේතුවක් විය හැක. යළිත් වරක් මුස්ලිම් නිවෙස්, කඩසාප්පු හා දේවස්ථානවලට ප්‍රහාරයන් එල්ල වුවහොත් හදිසියට ඩොලර් අතමාරුවක් බංග්ලාදේශයෙන් ලබාගැනීමට හෝ ඉරානයෙන් ණයට තෙල් ඉල්ලීමට ආණ්ඩුවට නොහැකි වනු ඇත. අස්ථාවර රටකට විදෙස් සංචාරකයන් පැමිණීම අඩුවීමද ස්වාභාවිකය. මෙහි ප්‍රතිඵලය වනු ඇත්තේ රටේ ආර්ථික අර්බුදයත් විදෙස් විනිමය අර්බුදයටත් දෙගොඩ තලා යාමය. එවැනි ආර්ථික ගංවතුර කිසිම භේදයකින් තෝරව සියලුම ජනතාව විපතට පත්කරනවා නිසැකය. අද තිබෙන කිරිපිටි හා ගෑස් පෝලිම් මදිවාට ඉන්ධන පෝලිම් නිර්මාණය වීමත් ජීවන බර තවත් ඉහළ යාමත් දුප්පත්කම හා විරැකියාව වර්ධනය වීමත්, විදුලිය හා ජලය කප්පාදුවලට මුහුණ දීමත් ජාති ආගම් වෙනසකින් තොරව ලාංකික අපගේ ඉරණම වනු ඇත.

රාජපක්‍ෂ අනාගතය වෙනුවෙන්
ලංකාවේ අනාගතය බිලිදීම

2015-2019 දක්වා රාජපක්‍ෂවරුන් දේශපාලනය කළේත්, 2019දී ඔවුන් යළිත් බලයට පත්වූයේත්, සිංහල-බෞද්ධ පාරාදීසයක් ලංකාවේ නිර්මාණය කරන පොරොන්දුව මතය.

මාස 22ක් වැනි කෙටි කලක් තුළ ඒ රම්‍යවූ සිහිනයෙන් පෙර කිසි කලෙක අත් නොවිඳි කටුක යථාර්ථයකට අවදිවීමට 69 ලක්ෂයක් වූ රාජපක්‍ෂ ඡන්දදායකයන්ට සිදුව ඇත.

වර්තමානයට වඩා අනාගතය දුෂ්කරය. දශක ගණනක් රසායනික පොහොර භාවිතයට හුරුවූ මෙරට කෘෂිකර්මය එක කන්නයකින් කාබනික පොහොර භාවිතයට පරිවර්තනය කිරීමේ ගෝඨාභය සැලැස්මේ භයංකර ප්‍රතිඵල දැන් පැහැදිලි වෙමින් පවතී. චීනයෙන් ආනයනය කිරීමට සැලසුම් කරන කාබනික පොහොරවල මෙරට පසට හා ශාකයන්ටද අහිතකර බැක්ටීරියා ඇති බව පරීක්‍ෂණවලින් දෙවන වරටත් සනාථ වී තිබේ. මේ ප්‍රතිඵල යට ගසා චීන පොහොර ගෙන්වීමට රාජපක්‍ෂ පාලනය ක්‍රියාකළහොත්, එයින් ලංකාවේ පාරිභෝගික හා අපනයන කෘෂිකර්මයටත් ඒ මත රැඳුණු ජනජීවිතවලටත් විය හැකි විනාශය අපරිමිතය.

දශක ගණනක් රසායනික පොහොර භාවිතයට හුරුවූ මෙරට කෘෂිකර්මය එක කන්නයකින් කාබනික පොහොර භාවිතයට පරිවර්තනය කිරීමේ ගෝඨාභය සැලැස්මේ භයංකර ප්‍රතිඵල දැන් පැහැදිලි වෙමින් පවතී. චීනයෙන් ආනයනය කිරීමට සැලසුම් කරන කාබනික පොහොරවල මෙරට පසට හා ශාකයන්ටද අහිතකර බැක්ටීරියා ඇති බව පරීක්‍ෂණවලින් දෙවන වරටත් සනාථ වී තිබේ. මේ ප්‍රතිඵල යට ගසා චීන පොහොර ගෙන්වීමට රාජපක්‍ෂ පාලනය ක්‍රියාකළහොත්, එයින් ලංකාවේ පාරිභෝගික හා අපනයන කෘෂිකර්මයටත් ඒ මත රැඳුණු ජනජීවිතවලටත් විය හැකි විනාශය අපරිමිතය.

කොරෝනා තුන්වෙනි හා හතරවෙනි රැලි නිර්මාණය වන විට රට වසන්නැයි වෛද්‍ය විශේෂඥයෝ හා සෞඛ්‍ය සේවකයෝ යළි යළිත් ඉල්ලා සිටියහ. රාජපක්‍ෂ පාලනය ඒ ඉල්ලීම් නොතැකීමෙන් රැකගත හැකිව තිබූ ජීවිත දහස් ගණනක් රටට අහිමි විය. රාජපක්‍ෂවරුන් රට වැසුවේ දෛනික මරණ සංඛ්‍යාව 200ද ඉක්මවූ පසුය.

රට වසා තිබෙන තත්වයන් තුළ සෞඛ්‍ය උපදේශ නොතකමින් මත්පැන් අලෙවිසැල් විවෘත කිරීමෙන් පෙනීයනුයේ ජනතාව අනතුරට පත්කොට හෝ මුදල් රැස්කිරීම රාජපක්‍ෂ ආර්ථික පිළිවෙත බවයි. ජනතාව ආහාර අහේනියකින් පෙළෙද්දී වැව් වටා ‘ජොගින් ට්‍රැක්’ ඉදිකිරීම සඳහා රුපියල් බිලියන 2ක් වෙන්කිරීමෙන් හෙළිදරව් වනුයේ රාජපක්‍ෂ යථාර්ථය හා ජනතා යථාර්ථය අතරැති පරතරයයි.

සහල් ‘මාෆියාවට’ මේඝ ගර්ජනා කළ පාලකයන් උපරිම සහල් මිලක් නියම කළ අලුත්ම ගැසට්ටුවත් හකුළා ගැනීමෙන් පෙනෙනුයේ ධනය හා බලය ඉදිරියේ රාජපක්‍ෂවරුන් කෙතරම් නිවටද යන්නය.

තමන්ගේ ජනප්‍රියතාව හීන වන බව රාජපක්‍ෂවරුන්ටද වැටහෙනවා නොඅනුමානය. මේ සෝදාපාලුව නතර කරන්නට ඔවුන් සතුව ඇත්තේ එකම පිළියමකි. එනම් රට ජාතිය හා ආගමයි. සිංහල-බෞද්ධ ධජය වැනීමයි. දෙමළ-මුස්ලිම් කිතුනු විරෝධය උත්සන්න කිරීමයි.

අලුත්ගම හා දිගන සිදුවීම් දාමය තුළ තීරණාත්මක රංගනයක් කළ ගලගොඩ අත්තේ ඥානසාර භික්‍ෂුව රාජ්‍ය මාධ්‍ය තුළින්ම යළිත් කලඑළි බැසීම අනාගත විනාශයක පෙර නිමිත්තක්ද?

2019 පාස්කු ඉරිදා සංහාරයට හේතුපාදකවූ ජාතික හා ජාත්‍යන්තර සාධක ගණනාවකි. ඒ සංහාරය සිදුකළ ඉස්ලාමීය අන්තවාදීන්ගේ චින්තනය සම වනුයේ අයිඑස්/තලේබාන් චින්තනයටය. ඔවුන් මනසින් ජීවත්වී ඇත්තේ ශතවර්ෂ ගණනාවක් පැරණි අතීතයකය. එවැනි අතාර්කික අගතිගාමීන්ගේ චින්තන රටාව මුළුමනින්ම පුරෝකථනය කිරීම අසීරුය. අලුත්ගම හා දිගන සිද්ධීන් සහරාන් හෂීම්ට විශාල උදව්වක් වූ බව අවිවාදිතය. කොටි සංවිධානයට කළු ජූලිය ඉමහත් ආධාරකයක් වූ ලෙසම සහරාන් හෂීම්ගේ විනාශකාරී දේශපාලනයට අලුත්ගම හා දිගන ආශීර්වාදයක් වූවා නිසැකය.

යළිත් අලුත්ගමක් දිගනක් නිර්මාණය වුවහොත් එයින් නව ජීවයක් ලබනු ඇත්තේ ඉස්ලාමීය අන්තවාදයයි.

බහුතරයේ අගතිගාමීත්වය හා සුළුතරයේ අගතිගාමීත්වය අතර නොබිඳෙන සහසබඳතාව පිළිබඳව අපේ පශ්චාත් -1948 ඉතිහාසයෙන් උගත හැකි පාඩම් බොහෝය. බහුතරයේ අන්තවාදය සුළුතරයේ අන්තවාදය පෝෂණය කරන බවත්, එය ලේ වැගිරීම්වල සිට යුද්ධ දක්වා වර්ධනය වන බවත් අපි අත්දුටුවෙමු. එයින් අපට අහිමි වූ ජීවිත කෙතරම්ද? එයින් රටට වූ විනාශය කෙතරම්ද?

යළිත් එවැනි විෂම චක්‍රයක්, නිර්මාණය කිරීමට ඉඩ දුනහොත් එයින් බැට කන්නේ අපිම නොවේද?

තමන්ගේ අහිමිවන ජනප්‍රියතාව වර්ධනය කරගනිමින් තම පවුල් ව්‍යාපෘතියේ අනාගතය තහවුරු කරගැනීම සඳහා ජාතිවාදයට හා ආගම්වාදයට අමතර මගක් රාජපක්‍ෂවරුන්ට නැත. ගැලවුම්කාරයන්ට වීරයන්ට අඳින්න නම් තර්ජනයන් හා සතුරන් සිටිය යුතුය. එවැනි රැවටිල්ලකින් තොරව රාජපක්‍ෂ පවුල් දේශපාලනයට 2024න් එපිට අනාගතයක් නොමැත.

තමන්ගේ අහිමිවන ජනප්‍රියතාව වර්ධනය කරගනිමින් තම පවුල් ව්‍යාපෘතියේ අනාගතය තහවුරු කරගැනීම සඳහා ජාතිවාදයට හා ආගම්වාදයට අමතර මගක් රාජපක්‍ෂවරුන්ට නැත. ගැලවුම්කාරයන්ට වීරයන්ට අඳින්න නම් තර්ජනයන් හා සතුරන් සිටිය යුතුය. එවැනි රැවටිල්ලකින් තොරව රාජපක්‍ෂ පවුල් දේශපාලනයට 2024න් එපිට අනාගතයක් නොමැත.

තමන්ගේ අහිමිවන ජනප්‍රියතාව වර්ධනය කරගනිමින් තම පවුල් ව්‍යාපෘතියේ අනාගතය තහවුරු කරගැනීම සඳහා ජාතිවාදයට හා ආගම්වාදයට අමතර මගක් රාජපක්‍ෂවරුන්ට නැත. ගැලවුම්කාරයන්ට වීරයන්ට අඳින්න නම් තර්ජනයන් හා සතුරන් සිටිය යුතුය. එවැනි රැවටිල්ලකින් තොරව රාජපක්‍ෂ පවුල් දේශපාලනයට 2024න් එපිට අනාගතයක් නොමැත.

රාජපක්‍ෂ පවුල් දේශපාලනයේ පැවැත්මත් ලංකාවේ අනාගතයත් අතර ඇති ප්‍රතිවිරෝධතාව අද වන විට සමනය කළ නොහැකි මට්ටමට උත්සන්නව ඇත. ඊට මූලික හේතුව මේ ආණ්ඩුවේ අඳ-බාල දැක්ම හා ළදරු වලිප්පු ක්‍රියාකාරිත්වයයි. එරහි ප්‍රතිඵලය වී ඇත්තේ තිබෙන ප්‍රශ්න උග්‍රවීමත් නැති ප්‍රශ්න නිර්මාණය වීමත්ය.

රාජපක්‍ෂවරුන් හොඳටම කළ හා ඔවුන්ට හොඳටම කළ හැකි එක් දෙයක් ඇත. එනම් ජාතිවාදය හා ආගම්වාදය ඇවිළවීමයි.

යළිත් දෙමළ-මුස්ලිම්-කිතුනු සතුරකු නිර්මාණය කොට සිංහල-බෞද්ධ සිත්සතන් භීතියෙන් මූඪ කොට තම බලය රැකගනීමට රාජපක්‍ෂවරුන් ක්‍රියාකරනු නිසැකය. එවැනි පිළිවෙතක් රාජපක්‍ෂවරුන්ට වාසිදායක විය හැක. නමුත් එයින් රටටත් ජාති ආගම් භේදයකින් තොරව ජනතාවටත් වනු ඇත්තේ තිස්-අවුරුදු යුද්ධයේ ශාපයෙන් වූ විනාශයටද වඩා වැඩි විනාශයකි.

යළිත් එවැනි විෂම චක්‍රයක් නිර්මාණය වුවහොත් එයින් ඵල ලබනුයේ රාජපක්‍ෂවරුන්ය. මහ මග මැරෙනුයේ අපය.

මේ බුද්ධියෙන් ක්‍රියාකළ යුතු කාලයකි. රාජපක්‍ෂවරුන්ගේ හා ඔවුන්ගේ ගිහි පැවිදි අනුගාමිකයන්ගේ මුසාබසට රැවටී යළිත් අගාධයේ වැටෙමුද? රාජපක්‍ෂ පවුලේ අනාගතය වෙනුවෙන් බැසිල් රාජපක්‍ෂ ජනපතිවරයකු හා නාමල් රාජපක්‍ෂ ජනපතිවරයකු වෙනුවෙන් අපේ අනාගතය බිලිදෙමුද?

තිසරණී ගුණසේකර

අනිද්දා

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *