කාට කාටත් දැන් අබ සරණ ය – නිශාන්ත කමලදාස

Nishantha_Kamaladasaමෛත්‍රීගේ ජයග්‍රහණය වෙනුවෙන් දිවි නොතකා පාරට බට ලක්ෂ්මන් විජේසේකර ඇතුළු අලුත් පරපුර කලාකරුවන්ට පහර දුන් කමල් ඉන්දිකට ආසන සංවිධායක තනතුරක් පිරි නැමුනේ ය. එයට එරෙහිව මතු වූ උද්ඝෝෂණ තඹ පයිසයකට වත් මායිම් නොකළ මෛත්‍රී ද මෛත්‍රීෙග් ගෝලයෝ ද එය සාධාරණය කිරීමට අපූරු තර්කයක් ද ගෙන එන්නේ ය. පත් කළ යුත්තේ චන්දයක් දිනිය හැකි අය ය. තේර්මී කමිටුව ඔහු තෝරාගන්නට ඇත්තේ ඒ අනුව ය. මැර කම් කළ අය අයින් කරන්නේ නම් කිසිවෙක් ඉතිරි නොවනු ඇත. ඒ සන්ධාන ලේකම් මහින්ද අමරවීරගේ වචන ය.

හිතන්නේ එහෙම නම් මෛත්‍රීට හා ඔහුගේ කණ්ඩායමට ද අප පැතිය යුත්තේ ගලගොඩ අත්තේ දෙසා බාන අබ සරණ ය. ගලගොඩ අත්තේටත් චන්දය දිනන්නට පුලුවන. ඇයි මර්වින් ට. ඇයි සාරුවා සුනි්ල් ට.

ඒ නිසා ඉන්දික හා සජින් වාස් කැත නැතුව ලංකර ගත්තා සේ ඔවුන් ව ද ලංකර ගත හැකි ය.

චන්දය දිනන්න නම් හොඳම ජොකියා මහින්ද ය. තනතුරක් පට්ටමක් දී ඔහුවත් දෙවැනි නායකයා බවට පත් කර ගත හැකි ය. ඔහුගේ පවුලේ අයටත් මොනවා නැතත් චන්දය දිනිය හැකි ය. ඒ අයව ද ලං කර ගත හැකි ය.

මේ විහිළු කතා නවතා දැන්වත් සිහි එලවා ගත යුතු ය.

අප පැතුවේ මහින්ද නැති මහින්ද පාලනයක් නොවේ.

දූෂණය මැරකම වංචාව රැවටීම නැති පාලනයකි. එහෙම එකක් දෙන්නට බැරි නම් මහින්ද ආවා වුවත් කමක් නැතැයි මේ යන විදිහට මිනිසුන්ට සිතෙන්නට ඉඩ තිබේ.

එදාට නම් කාට කාටත් අබ සරණ ය

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *