ජනාධිපතිගේ කැබිනට රැස්වීම හෙටත් නෑ ! බඩු මිල තීරණය කල් යයි !! හිගය, පෝලිම් දිගට ම !!!

කිරිපිටි, ගෑස්, සිමෙන්ති මිල වැඩිකිරීම ගැන අවසන් තීරණ ගැනීමට ජානාධිපති තුමාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් රැස්වීමක් හෙට දිනයේ දී ද නොපැවැත්වෙන බව කැබිනට් ප්‍රකාශක ඩලස් අලහප්පෙරුම මහතා අද ප්‍රකාශ කළේ ය.

හෙට පැවැත්වෙන්නේ කැබිනට් රැස්වීමක් නොවන බවත්, සති කිහිපයකින් කැබිනට් මණ්ඩලය හෝ නිලධාරීන් හමු නොවූ ජනාධිපතිතුමා ඔවුන් හමුවීමට කැමැත්තෙන් සිටින බව බමනක් දැනුම් දී ඇති බවත් ඒ මහතා පක්ෂ කළේ අද පැවතී කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේ දී මාධ්‍යවීදීන් කළ ප්‍රශ්න කිරීමකට පිළිතුරු දෙමිනි.

පසුගිය සති දෙකේ කැබිනට් රැස්වීම්වලට ජනාධිපතිතුමා සහභාගී නොවීම නිසා මිල වැඩි කිරීම් සහ වෙනත් වැදගත් තීරණ ගැනීම කල් දමා  තිබේ.

මේ අතර වෙළෙඳ පොළේ කිරිපිටි, ගෑස් සහ සිමෙන්ති හිග පවතින අතර කිටපිටි සඳහා දිගු පෝලිම්වල සිටින්නට මහජනයාට සිදු වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *