අද කැබිනට් රැස්වීමට ජනාධිපති නැහැ ; කිරිපිටි, ගෑස්, සිමින්ති මිල වැඩිකිරීම ගැන තීරණ ගන්න විශේෂ රැස්වීම අනිද්දා

අද දිනයේ පැවතී කැබිනට් මණ්ඩල රැස්වීමට ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතා සහභාගී නොවීම නිසා කිරිපිටි, ගෑස් සහ සිමෙන්ති මිල වැඩි කිරීමේ අවසන් තීරන ගැනීම කල් දමා ඇති බව වාර්තා වෙයි.

අනිද්දා (7දා) පැවැත්වෙන විශේෂ කැබිනට් රැස්වීමක දී එම  තීරන ගැනීමට නියමිත බව ද  වාර්තා වෙයි.

ජනාධිපතිතුමා සහභාගී නොවීම නිසා අද කැබිනට රැස්වීම අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වා ඇතත්, මිල වැඩි කිරීමේ තීරණ ඇතුළු කරුණු ගණනාවක් ගැන අවසන් තීරණ ගැනීම ජනාධිපතිතුමාගේ සහභාගීත්වයෙන් කිරීම සඳහා කල් තබා තිබේ .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *