අද කොවිඩ් මරණ 40 ක් ; නව ආසාදිතයින් 782 ක් වාර්තා වෙයි

රජය අද නිකුත් කළ නිල වාර්තා අනුව කොවිඩ් ආසාදිත මරණ හතළිහක් තහවුරු කොට ඇති අතර අද හඳුනාගත් නව කොවිඩ් ආසාදිත සංඛ්‍යාව සටහන් වන්නේ 782 ක් වශයෙනි.

මෙරටින් වාර්තා කොට ඇති සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව මේ වන විට සටහන් වන්නේ 13,142 ක් වශයෙනි.

මෙරටින් වාර්තා වී ඇති හඳුනාගත් සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව සටහන් වන්නේ 522,000 ක් වශයෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *