පොහොර ගනුදෙනුව ගැන චීනය තග දමයි ! එකඟතා කැඩුවයි චෝදනා !!

චීන සමාගමකින් ආනයනය කිරීමට ඇනවුම් කළ නයිට්‍රිජන් පොහොර තොගයේ ගිවිසුම අවලංගු කිරීමෙන් දෙරටේ හොඳ හිත පළුදු විය හැකි බව දන්වමින් මෙරට චීන තානාපතිවරයා කෘෂිකර්ම ඇමතිවරයාට ලිපියක් ඒවා ඇති බව වාර්තා වෙයි.

මහ කන්නය සඳහා වහාම ගෙන්වීමට සැලසුම් කොට තිබු මෙම පොහොර ඇනවුම අවලංගු කිරීමට රජයට සිදු වුයේ එම පොහොර වල ක්ෂුද්‍ර ජීවීන් සිටින බව පරීක්ෂණ මගින් තහවුරු වූ නිසා ය.

ඇනවුම අවලංගු කිරීම ගිවිසුම් උල්ලංඝනයක් ලෙස සලකා චීනය එයට විරෝධය පළ කොට තිබේ.

පරීක්ෂණ කරන්නට පෙර ම රජය පොහොර ඇනවුම් කර ඇති බව කියති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *