මාධ්‍යයට අදාල කටයුතු මෙහෙයවීමට ස්වාධීන මාධ්‍ය කොමිසමක් පත් කළ යුතුයි – නිදහස් මාධ්‍ය ව්‍යාපාරයෙන් ඉල්ලීමක්

indexමාධ්‍යයට අදාල ආයතන හා ව්‍යුහයන් ඇති කිරීම, ප‍්‍රතිව්‍යුහගත කිරීම්, නීති සංශෝධන ආදී කටයුතු ස්වාධීන ව්‍යුහයක් යටතේ සිදු කිරීම සමාජ වගකීම් සහිත නිදහස් මාධ්‍ය සම්ප‍්‍රදායක් ඇති කර ගැනීම සඳහා වැදගත් බව පෙන්වා දෙන නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ඒ සඳහා ස්වාධීන මාධ්‍ය නියාමන කොමිසමක් පිහිටුවන ලෙස රජයෙන් ඉල්ලා සිටී. ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය සැමරීම වෙනුවෙන් 2016 මැයි මස 4 වැනිදා සවස නාරාහේන්පිට ජානකී හෝටලයේ පැවැති උත්සවයේදී නිදහස් මාධ්‍ය ව්‍යාපාරය මේ අදහස සාකච්ඡුාවට ගෙන තිබුණි. එවැනි කොමිසමක් යටතේ පිහිටුවන  ස්වාධීන විද්වත් කමිටු මඟින් විද්‍යුත් මාධ්‍ය සඳහා බලපත‍්‍ර දීමට අදාල ස්වාධීන විකාශන අධිකාරියක් පිහිටුවීම, රජය එකඟ වී ඇති පරිදි රාජ්‍ය මාධ්‍ය මහජන සේවා මාධ්‍ය බවට පත් කිරීම, මාධ්‍යයට අදාල නීති සංශෝධන මෙන්ම ප‍්‍රතිව්‍යුහගත කිරීම් ආදී කටයුතු කළ හැකි බව පෙන්වා දෙන නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ඒ අරමුණ ඉදිරියට ගෙන යෑමේ ප‍්‍රථම උත්සාහය වශයෙන් මෙදින උත්සවය සංවිධානය  කොට තිබිණි.
‘‘නිදහස් හා සමාජ වගකීම් සහිත මාධ්‍යයක් උදෙසා, ස්වාධීන මාධ්‍ය නියාමන කොමිසමක්’’යන තේමාව යටතේ, අන්තර්ජාතික මාධ්‍ය සහයෝගීතාවයේ ආසියානු කළාපීය උපදේශක ආචාර්ය රංග කලන්සූරිය මහතා කෙටි දේශනයක් පැවැත්වූ අතර, මාධ්‍ය පර්යේෂක නාලක ගුණවර්ධන මහතා විසින් සංවාද මණ්ඩපය මෙහෙයවන ලදී. සංවාද මණ්ඩපය සඳහා අදහස් දැක්වීමට ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන, දකුණු ආසියානු මාධ්‍ය කාන්තාවෝ සංවිධානයේ සම කැඳවුම්කාරිනී හනා ඊබ‍්‍රාහිම්, දකුණු ආසියානු නිදහස් මාධ්‍ය සංගමයේ (ශී‍්‍ර ලංකා) සභාපති ලක්ෂ්මන් ගුණසේකර, කථිකාචාර්ය විජයානන්ද රූපසිංහ යන මහත්ම මහත්මීහූ එක්වී සිටියහ. ස්වාධීන මාධ්‍ය නියාමන කොමිසමක් ඉල්ලා සිටීමේ අරමුණ පැහැදිලි කරමින් නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කාරිනී සීතා රංජනී මහත්මිය අදහස් දැක්වූවාය.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *