හමුදාවෙ කිසිම කෙනෙක් ප‍්‍රභූ ආරක්‍ෂාවට නොදිය යුතුය – සමන් රත්නප‍්‍රිය – පුරවැසි සංවිධාන එකමුතුව

පාර්ලිමේන්තුවෙ පසුගිය දවසක ගුටිබැට හුවමාරුවක් සිද්ධ වුනා. ඒ ගුටි බැට හුවමාරුව ඇති වුනේ රනිල් වික‍්‍රමසිංහ මහත්මයා ආරක්‍ෂාව සම්බන්ධව පැහැදිලි කරල, ඒ පිළිබඳව තවදුරටත් පැහැදිලි කරන්න කියල, සරත් ෆොන්සේකා මහත්තයට ඒ කාරණය යොමු කරල, සරත් ෆොන්සේකා මහත්තය නැගිටල ප‍්‍රකාශයක් කරනකොට, දිනේෂ් ගුණවර්ධන, බන්දුල ගුණවර්ධණ, පියල් නිශාන්ත වගේ අය පාර්ලිමේන්තුවෙ සභා ගැබට ඇවිල්ලා විරෝධය ප‍්‍රකාශ කෙරුව. ඊට පෙර විපක්‍ෂයේ අය කෑගහන්න පටන් ගත්තා, විරෝධය ප‍්‍රකාශ කරල. ඒ නිසා කතාවට බාදා ඇතිවුනා. බදා කරාට පස්සෙ තමයි දෙගොල්ල ගහගත්තෙ. ඒක මාධ්‍ය වාර්තා කරල තිබුණ. අපි මාධ්‍ය මගින් දැක්කෙ. සී.සී.ටී.වී. කැමරාවල තියෙන්නෙත්, සිද්ධිය දැකපු අය කියන්නෙත් ඔය කාරනය තමයි. සිද්ධියට සම්බන්ධයි කියල, පාලිත තෙවරප්පෙරුමගෙ, පියල් නිශාන්තගෙ, බේරුවල මන්ත‍්‍රී පියල්, ප‍්‍රසන්න රණවීර හා ගුටිකාපු සන්දිස් වික‍්‍රමසිංහගෙ නම් තමයි මේ පිළිබඳව කියැවෙනනෙ. මේ කාරණය ඉතා පැහැදිලියි. පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් සාකච්ඡුාවෙන්, සම්මන්ත‍්‍රණයෙන් ප‍්‍රශ්න බේරගන්නෙ නැතුව අතින් පයින් ප‍්‍රශ්න බේරගන්න තැනකට පත්වෙලා තියෙනව. ජනතාව පාර්ලිමේන්තුවට මන්ත‍්‍රීවරු පත්කරල යවන්නෙ ඒකට නෙවෙයි. කෝටි 2 කට වඩා ජනතාවක් වෙනුවෙන් නියෝජිතයන් 225ක්  යවන්නෙ ව්‍යවස්ථාදායකය ඇතුළෙ සාකච්ඡුා කරල ප‍්‍රශ්න විසඳන්න. රටට අලූත් ප‍්‍රතිපත්ති ගේන්න. මූල්‍ය පාලනය කරන්න. ඒක ගුටිඇනගෙන ලේ හලාගෙන කරන්න පුලූවන් නම්, ඒකට පාර්ලිමේන්තුවක් අවශ්‍ය නැහැ. ඒක ඉතාම පැහැදිලි කාරණාවක්. මිනිස්සු විදිහට හැසිරෙන්නෙ නැතුව සත්තු විදිහට හැසිරෙනව නම්, ඒ පාර්ලිමේන්තුවෙන් මේ රටට දෙන ආදර්ශය මොකක්ද?
මේක බලාගෙන ඉන්න දරුවන්ට, රටේ ජනතාවට දෙන ආදර්ශය මොකක්ද? එවැනි ධනාත්මක ආදර්ශයක් දීමේ හැකියාවක් නැති තැනක් බවට පාර්ලිමේන්තුව අද පත්වෙලා තියෙනව. අපි මීට කලින් පැපරල් සංවිධානයත්, තවත් සංවිධානත් එක්ක පාර්ලිමේතුවට තර`ග කිරීමට ඉදිරිපත් වන අපේක්‍ෂකයන්ට අවශ්‍ය සුදුසුකම් පිළිබඳව නිර්ණායකයන් ඉදිරිපත් කළා. අපි කිව්වා මේ අයට අධ්‍යාපන සුදුසුකම් තියෙන්න  ඕනෙ කියල.  මොවුන් උසාවියකින් වරදකරුවෙක් නොවී සිටිය යුතුයි කියල කිව්ව. මේ අය බරපතල වැරැුද්දකට චෝදනාවකට ලක් නොවී සිටිය අය විය යුතුයි කියල. එවැනි සුදුසු අය පාර්ලිමේන්තුවට යවන්න කියල තමයි අපි කිව්වෙ.  ජනතාවත් වැරැුද්දක් කරල තියෙනව. මේ කණ්ඩායමෙන් භාගයකටත් වඩා ඉන්නෙ හොරකම් කරපු, මැරකම් කරපු, ¥ෂන කරපු අය. සමහර අය ඉන්නව 8 පාස් නැති අයත්. මේ ගහගත්ත අයගෙන් සමහර අය 5 ශ්‍රේණියටවත් ගියාද කියල සැකයක් තියෙනව. ඒ අයගෙ බුද්ධිය වැඩ කරන්නෙ නෑ. අතපය තමයි වැඩ කරන්නෙ. ගල් යුගය වගේ බාහු බලය තමයි වැඩ කරන්නෙ. බුද්ධිමත්ම වැඩ කිරීම, සාකච්ඡුාව, සම්මන්ත‍්‍රණය  මේ අයට ගැලපෙන්නෙ නෑ. ඒ හින්දා ගහගන්නව. මරාගන්නව. ඊට පස්සෙ ඉස්පිරිතාලෙ යනව. මේක මහ අශිෂ්ට වැඩක්. ඒක නිසා අපි ජනාධිපතිවරයාගෙන්, අගමැතිවරයාගෙන්, විශේෂයෙන්ම කතානායකවරයාගෙන් ඉල්ලන්නෙ මේකට කිසිම බුරුලක් නොදිය යුතුයි කියල.
මේ වනවිට තීරණය කරල තියෙනව මේ පිළිබඳ පරීක්‍ෂණ පොලිස්පතිතුමා හරහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පවරන්න. එහෙම පරීක්‍ෂණය කරල වැරදි කරපු අය ඉන්නව නම් දණ්ඩනයට ලක්කළ යුතුයි. පාර්ලිමේන්තු වරප‍්‍රසාදවලට මුවාවෙලා මේ වගේ බාහුබලයෙන් වැඩකරන අය පාර්ලිමේන්තුව ඇතුළෙ තියා ගත නොයතුය කියන එක තමයි අපි අවධාරණය කරන්නෙ. මේක පටන් ගත්තෙ දිනේෂ් ගුණවර්ධනලා. සරත් ෆොන්සේකා කතාකරනකොට සභා ගැබට එන්නෙ ඒ ගොල්ල. පාර්ලිවේන්තුවෙ අදහස් ප‍්‍රකාශ කිරීමේ අයිතියක් නෑ. සරත් ෆොන්සේකා කතාව කරනකල් ඉඳලා ඒකට උත්තරදෙන එක තමයි කරන්න තිබුණෙ. මේ ගොල්ල මේ බාධා කරන්නෙ පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදය රකින්න තේරෙන්නෙ නැති කමද? නැත්නම් මේවට උත්තර දෙන්න දන්නෙ නැති කමද? අවුරුදු 30 – 40ක් පාර්ලිමේන්තුවෙ හිටපු මිනිස්සු මේ පිළිබඳව දැනගන්න  ඕනෙ. නැත්නම් දැන්වත් ඉගෙන ගන්න  ඕනෙ. දැන් පුවත්පත් සාකච්ඡුා තියල කියනව අරය ගැහුව, මෙයා ගැහුව කියල. මෙවැනි දේවල් සිදු නොවියයුතුයි කියලයි අපි දකින්නෙ පාර්ලිමේන්තුවක් ඇතුලෙ.
මහින්ද රාජපක්‍ෂ මහත්තයගෙ ආරක්‍ෂාව අඩු කෙරුව කියල ඒකබද්ධ විපක්‍ෂය ලොකු උද්ගෝෂණයක් ගෙනියනව. ඇතැම් හාමුදුරුවරුත් මේකට එකතුවෙලා තියෙනව. ඔහුගේ ජීවිතේ අනතුරේ කියල තමයි කියන්න උත්සාහ ගන්නෙ. මහින්ද රාජපක්‍ෂ කියන්නෙ මේ රටේ ජනාධිපතිවරයා. ඔහුගේ ආරක්‍ෂාව ඉවත්කරල තියෙනවද? නැත්නම් හුවමාරුවක්ද සිද්ධ වෙලා තියෙන්නෙ. මේක හරියට පැහැදිලි කරගත යුතුයි. මහින්ද රාජපක්‍ෂ මහත්තයගෙන් හාමුදාවෙන් 50ක් ඉවත් කරල, එස්.ටී.එෆ්. එකෙන් (පොලිස් විශේෂකාර්ය බලකාය* 50ක් දීල තියෙනව. මහින්ද රාජපක්‍ෂ මහත්තයට හමුදාවෙ අය තවමත් ඉක්කව. අපි කියන්නෙ එහෙම නොසිටිය යුතුයි.  ආණ්ඩුව මේ තීරණ හරියට ක‍්‍රියාත්මක කරන්නෙ නෑ. බාගෙට ක‍්‍රියාත්මක කරන්නෙ. මහින්ද රාජපක්‍ෂ මහත්තයට අද වෙනකොට පොලීසියෙ හා හමුදාවෙ 216ක් ඉන්නව. මේ 216 පොලිසියේ අය 154ක් ඉන්නව. ආමිඑකේ අය කොටසක් ඉවත්කෙරුවට පස්සෙත්, දැනටත් 62ක් ඉන්නව. කලින් ආමි එකෙන් 112ක් ඉඳල තියෙනව. ඒ 112න් 50ක් ඉවත් කරල 50ක් එස්.ටී.එෆ්. දාලා තියෙන්නෙ. දැනටත් ආමි එකෙන් 162ක් ඉන්නව. පොලීසියෙන් 154ක් ඉන්නව. මේ රටේ හිටපු නායකයන් අතරින් වැඩිම පිරිසක් ඉන්නෙ මහින්ද රාජපක්‍ෂට. මේ ආරක්‍ෂාව මහින්දට මදිද? අපේ අදහස නම් මේ ආරක්‍ෂාව ඇති. එහෙමත් නැත්නම්  ඕනවටත් වැඩිය වැඩියි. හිටපු නායකයන්ට ආරක්‍ෂාව දිය යුත්තේ පොලීසියෙන්. වර්තමාන රාජ්‍ය නායකයින්ට ආරක්‍ෂාව තියෙන්නෙත් පොලීසියෙන්. ලෝකෙ හැමරටකම වගේ එහෙමයි. ලංකාවට එංගලන්ත අගමැති කැමරන් ආව. ඒ රටේ හමුදාව ආවද? නෑ ආවෙ පොලීසියෙන්. මේ ආරක්‍ෂාව මහින්ද රාජපක්‍ෂ නීත්‍යානුකූලව ගත්ත එකක්ද? නෑ. නීත්‍යානුකූලව ගත්ත එකක් නෙමෙයි.  ඔහු පරාදවෙලා ගෙදර යනකොට එයාට කැමති කණ්ඩායමක් අරගෙන ගියා. ඒ කණ්ඩායමේ 216ක් හිටිය. කවුරුත් අනුමත කරල නෑ 216ක් අරගෙන යන්න කියල. ඊට පස්සෙ යුද්දෙ දිණුව කියන කාරණාව අනුව ඒ කණ්ඩායම නීත්‍යානුකූලව ලබා දුන්නා. දැනට ක‍්‍රියාත්මක වන නීතිය යටතේ ප‍්‍රභූ ආරක්‍ෂාව සැපයිය යුත්තේ පොලීසිය විසින්. ප‍්‍රභූආරක්‍ෂාවට පොලීසිය විතරක් යොදාගන්න කියල අපි ඉල්ලූව. දින 100ආණ්ඩුවෙදිත් ඉල්ලූව. සංඛ්‍යාව තීරණය කරන්න  ඕනැ ආරක්‍ෂක අමාත්‍යාංශය විසින්. ඒක තීරණය කරන්න  ඕනෙ තමන් නෙමෙයි. තමන්ට මෙච්චර  ඕනැ කියල අරන් යන්න බෑ. ආරක්‍ෂාව පිළිබඳ විමර්ශනයක් තියෙන්න  ඕනැ. ඒ අනුව තීරණය කරන්න  ඕනැ මෙයාගෙ ආරක්‍ෂාවට මෙපමණ සංඛ්‍යාවක්  ඕනැ කියල. මෙයා හමුදාව දාගෙන මොනවද කෙරුවෙ? පොලීසිය දාගෙන මොනවද කෙරුවෙ? මේ ගොල්ල උත්සාහ ගන්නෙ ආණ්ඩුව පෙරළන්න.

දවුල්දෙන ඥාණිස්සර හාමුදුරුවො හමුදා ආරක්‍ෂාව දෙන්න කියල තිබුණ. මොකක්ද පදනම හමුදා ආරක්‍ෂාව දෙන්න. ඒක තීරණය කරන්නෙ ස්වාමින්වහන්සේලාද? මුරුත්තෙට්ටුවෙ ආනන්ද හාමුදුරුවො, බෙංගමුවේ නාලක හාමුදුරුවො කියනව හමුදා ආරක්‍ෂාව නැවත නොදුන්නොත් සති දෙකක් ඇතුළත පාරට බහිනව කියල. අපිත් බලාගෙන ඉන්නෙ පාරට බහිනකම්. කොහොම හරි හාමුදුරුවන්ටත් පාරට බහින්න ඉඩ තියෙනව. පන්සලේ සැබෑ අයිතිකරුවා පත්බේරිය හාමුදුරුවො නඩු දාලා තියෙනව. මේක හින්දා පාරට බහින් සිද්ධ වෙන්න බැරි නැහැ. තර්ජන කරල වැරදි මත ස්ථාපිත කරන්න එපා කියල තමයි අපි ඒ ගොල්ලන්ට කියන්නෙ.
ආරක්‍ෂක අමාත්‍යාංශයෙ තක්සේරුව මත තමයි චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියට  ිමිවෙච්ච කාන්තාවක්. තක්සේරුව 198යි. මහින්ද රාජපක්‍ෂ ආවට පස්සෙ කෙරුවෙ ආරක්‍ෂාවක් දීල තිබුණෙ. ඒ යුද්දෙ තියෙන කාලෙ. බෝම්බයක් වැදිල ඇහැක් අහ එක රැුයකින්, නිලනිවාසෙ තියෙන සියලූම බඩු මූට්ටු අයින් කෙරුව. ආරක්‍ෂකයන්ගෙන් අතිබහුතරය අයින් කෙරුව. 8 දෙනෙක් ඉන්දි සියලූම අය ඉවත් කරල පන්නල දැම්මා එළියට. චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණියට 8ක් ඇති. මහින්දට හමුදාව 216ක් අවශ්‍යයි. චදන්ද්‍රිකා බණ්ඩාරනායක උසාවියට ගිහින් තමයි 81ක් ආරක්‍ෂකයන් තහවුරු කරගත්තෙ. එතකොට අගවිනිසුරු සරත් එන්. සිල්වා. එයා තීරණය කෙරුවෙ 8ක් ඇති කියල. ආරක්‍ෂක අමාත්‍යංශයෙන් නැවත තක්සේරුවක් ඉල්ලලා, නැවත කැබිනට් එකෙත් කතා කරලා තමයි 81ක් දක්වා අරගෙන ආවෙ. ඒ ඉතිහාසය මතක නැතුව මහින්ද රාජපක්‍ෂ මහත්තයා දැන්න ඉල්ලනව 116ක්  ඕන කියල ඉල්ලනව. ඒකට අපි එක`ග නෑ. රටේ මිනිස්සුගෙන් සල්ලි වලන් ගේ තමයි දෙන්න වෙන්නෙ. ආරක්‍ෂක අමාත්‍යාංශ්‍ය තක්සේරු කරන්න ප‍්‍රභූ ආරක්‍ෂාව පිළිබඳව. තක්සේරු කරල මහින්ද රාජපක්‍ෂට ඒ ආරක්‍ෂාව දෙන්න  හමුදාවෙ කිසිමකෙනෙක් ප‍්‍රභූආරක්‍ෂාවට නොදිය යුතුය හමුදාව ඉන්නේ රාජ්‍ය ආරක්‍ෂාවට. පොලීසිය ඉන්නේ ප‍්‍රභූ ආරක්‍ෂාවට.

මනෝජ් රූපසිංහ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *