සජිත්ගේ ‘සමගි’ ජන බලවේගය කණ්ඩායම් පහක් ලෙස සමගියෙන් !

සජිත් ප්‍රේමදාස මහතා නායකත්වය දරන සමගි ජන බලවේගය පක්ෂය මේ වනවිට කණ්ඩායම් පහක් ලෙස බෙදී ඇති බව තතු දත් දේශපාලන අංශ වාර්තා කරයි.

මෙම කණ්ඩායම් පහ ලෙස වෙන් වී ඇත්තේ සජිත්ගේ කණ්ඩායම, සජිත් විරෝධී පිරිස, චම්පික රණවක මහතා සමග වැඩ කරන කණ්ඩායම, රනිල් වික්‍රමසිංහ මහතා සමග සම්බන්ධ කණ්ඩායම, සහ වෙන ම වැඩ කරන සුළුතර පක්ෂ වශයෙනි.

මෙම තත්ත්වය ඇතිවීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ සජිත් ප්‍රේමදාස මහතා පක්ෂයේ අභ්‍යන්තරයේ ප්‍රධාන මණ්ඩල කිසිවක ගන්නා තීරණ ක්‍රියාත්මක නොකර හිතුවක්කාර ආකාරයෙන් ක්‍රියා කිරීම බව කියති.

සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා ප්‍රසිද්ධියේ නායකත්වය විවේචනය කරන තත්ත්වයට පත්වීම සහ ඔහුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට යෝජනා වීම මගින් පසුගියදා මෙම අභන්තර අවුල ප්‍රකාශයට පත් වී ය.

මේ අතර 43 සේනාංකය පිහිටුවීමෙන් පසු චම්පික රණවක මහතා සජබ ප්‍රධාන කටයුතුවලින් ඉවත් කොට ඇති අතර පක්ෂයේ පුවත්පත් සාකච්ඡා සඳහා පවා ඒ මහතාට කැඳවීමක් නොකරයි. ඒ මහතා වෙන ම පුවත්පත් සාකච්ඡා පවත්වන අතර ඔහු සමග ද කණ්ඩායමක් එක්  වී සිටිති.

මේ අතර එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සමග සම්බන්ධතා පවත්වන කණ්ඩායමක් ද ගොඩ නැගී ඇත. එම කණ්ඩායමට දහ දෙනෙකුට වැඩි මන්ත්‍රී පිරිසක් සම්බන්ධ බව කියති.

සජබට සම්බන්ධ සුළුතර පක්ෂවල කිහිප දෙනෙකු ආණ්ඩුවට සහය දක්වන තත්ත්වයට පත්ව ඇති අතර එක්  පිරිසක්  ස්වාධීනව තමන්ගේ වැඩ කරගෙන යන බව කියති.

මෙලෙස සමගි ජන බලවේගය බරපතළ ලෙස භේද වී ඇත්තේ පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ හිතුවක්කාර ක්‍රියා කලාපය නිසා බව එම පක්ෂයේ බහුතර මතය වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *