ආනයනවලට පැනවූ අනිවාර්ය ආන්තික තැන්පතු නියෝග මහ බැංකුව රිවස් කරයි

රෙදිපිළි ඇතුළු භාණ්ඩ ගණනාවක් මෙරට ජනතාවට අත්‍යවශ්‍ය නොවන බව තීරණය කරමින්  ශ්‍රී ලංකා මහ බැංකුව එම භාණ්ඩ ආනයනය සඳහා පනවා තිබු අනිඅවර්ය ආන්තික තැන්පතු කොන්දේසිය වහා ම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කොට තිබේ.

භාණ්ඩ 623 ක් ආනයනයේ දී සියයට 100 ක් ආන්තික තැන්පතුවක් කළ යුතු බවට මහ බැංකුව කොන්දේසි පනවන ලද්දේ පසුගිය මාසයේ මුල දී ය. එය මහජනයාගේ දැඩි විවේචනයට ලක් වී ය.

නව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා අද නිකුත් කළ කෙටි කාලීන ආර්ථික සැලැස්ම මගින් එම තැන්පතු අවශ්‍යතාවය ඉවත් කොට තිබේ.

කොවිඩ් තත්ත්වය තුළ පාසල් දරුවන්ගේ මාර්ගගත අධ්‍යාපනයට මෙන් ම ,රජයේ සහ පෞද්ගලික අංශ සේවකයින්ගේ නිවසේ සිට වැඩ කිරීමට අත්‍යවශ්‍ය වී ඇති ජංගම දුරකථන , ස්ථාවර දුරකථන, පරිගණක ඇතුළු සන්නිවේදන උපකරණ ද මහ බැංකුවේ අත්‍යවශ්‍ය නොවන ලැයිස්තුවට ඇතුළත් කොට තිබිණි.

රෙදිපිළි සහ සියලු උපාංග ද මෙම ලයිස්තුවේ තිබූ අතර ඒවා බොහොමයක් ඇඟලුම් කර්මාන්තයේ යෙදවුම් ලෙස මෙරටට ආනයනය කරයි. ඒවා සීමා කිරීම ඇඟලුම් අපනයනයට ද  බලපාන බව තහවුරු වී තිබිණි.

මෙරටට ගෙන්වීම අධෛර්යමත් කළ භාණ්ඩ ලැයිස්තුවට  ජංගම දුරකතන, රූපවාහිනී, ශීතකරණ, ඩිජිටල් කැමරා, ටයර්, පලතුරු, සුවඳ විලවුන්, රෙදිපිළි සහ උපාංග ඇතුළු භාණ්ඩ රැසක් ඇතුළත්ව තිබිණී.

එම භාණ්ඩ ආනයනය අධෛර්යමත් කිරීමේ පැරණි නියෝගය නව සැලැස්ම මගින් රිවස් කොට තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *