ආර්ථිකය යළි පණගන්වන කබ්රාල්ගේ සැලැසම ප්‍රකාශයට පත්කරයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා විසින් සාර්ව ආර්ථික සහ මූල්‍ය පද්ධති ස්ථායීතාව සහතික කිරීම සඳහා වන සය මාසික පෙර දැක්ම අද (01) දින ප්‍රකාශයට පත්කරනු ලැබීය. ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයේ දී අද පෙරවරුවේ මෙම එළිදැක්වීම සිදුකළ අතර අත්‍යාවශ්‍ය නොවන ආනයන සඳහා පනවා තිබූ සියයට 100 ක ආන්තික තැන්පතු අවශ්‍යතාවය වහාම අහෝසි කිරීම, ජාත්‍යන්තර ස්වෛරීය බැඳුම්කර දළ දේශීය නිෂ්පාදිතයෙන් ප්‍රතිශතයක් ලෙස 10%ක ප්‍රමාණයකට අඩු කිරීම, දැනට ලබා දී තිබෙන ණය පමා කිරීමේ ක්‍රමවේදය තවදුරටත් කරගෙන යාම සඳහා අවශ්‍ය ද්‍රවශීලතාවය ලබා දීම ඇතුළු කරුණු රැසක් මෙහිදී ප්‍රකාශයට පත්කෙරිණි.

පහත දැක්වෙන්නේ එහි සඳහන් කරුණු කිහිපයකි.

  • රටේ බොරතෙල් බිල්පත් ගෙවීමට අවශ්‍ය මුදල් සපයමින් විදේශ විනිමය වෙළෙඳපොළ වෙත ද්‍රවශීලතාවය වැඩි කිරීම.
  • විනිමය අනුපාතිකය පිළිබඳ සහතිකයක් ලබා දී රුපියල් වටිනාකම මගින් නාමනය කරන ලද රජයේ සුරැකුම්පත්වල ආයෝජනය ප්‍රවර්ධනය කිරීම.
  • අත්‍යාවශ්‍ය ලෙස රුපියල් බවට පරිවර්තනය කිරීමට සිදුවන ඒ ක්‍රියාමාර්ගය දියත් කිරීම.
  • අපනයන සඳහා බදු සහන – “රජයට කියා සිටිනවා ඕනෑම අපනයනයක් අපනයනයක් බවට පත්වෙන්නේ ඒ අපනයනය අන්තිමටම රැපියල් බවට පත් වීම හරහා. රුපියල් එන්නට ඕනේ රටට. ඒ නිසා විශේෂ සහන ආකාරයට බදු සහනයක් ලබා දීම, සාමාන්‍යෙන් බදු ගෙවන්නේ සියයට 28 නම් එය සියයට 14 බවට පත්කරන්නේ ඒ පදනම මත.“
  • දැනට ලබා දී තිබෙන ණය පමා කිරීමේ ක්‍රමවේදය තවදුරටත් කරගෙන යාම සඳහා අවශ්‍ය වෙනවා නම් ද්‍රවශීලතාවය ඒ ද්‍රවශීලතාවය ලබා දීමට මහ බැංකුව ඉදිරිපත් වීම.
  • Parate execution වලින් දේපළ පවරා ගැනීම සහ  වාහන පවරා ගැනීම ඊළඟ මාස 06 තුළ දී නැවැත්වීමට බැංකු සහා බැංකු නොවන ක්ෂේත්‍රයට නියෝග ලබා දීම.
  • වසංගතය ඔස්සේ ව්‍යාපාරවලට වී ඇති හානිය දුරුකිරීම සඳහා ණය වැඩිපුර ගෙවීමට ඇති තැන්වල දී, ණය ගෙවීමට අපහසු වෙන තැන්වල දී, ණය ප්‍රමාද කිරීම වෙනුවෙන් සහනයක් ලබා දීමට රුපියල් මිලියන 15,000 ක් වෙන් කිරීම.
  • දැනට පිටරටවල්වලට යන අයට තමන්ගේ මුදල් ගෙනයාමට දී තිබෙන සහන ජනවාරි 01 සිට දිගටම ලබා දීම. අධ්‍යාපන සහ සෞඛ්‍ය සඳහා මුදල් ලබා ගැනීමට බලාපොරොත්තු වෙන අයට මුදල් ලබා දීම.
  • අත්‍යාවශ්‍ය නොවන, හදිසි නොවන ආනයන සඳහා පනවා තිබූ ආන්තික මුදල් තැන්පතු අවශ්‍යතාවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීම.
  • 2022 ජනවාරි 01 සිට බලපැවැත්වෙන පරිදි විදේශ විනිමය ගනුදෙනු අධීක්ෂණය සඳහා ජාත්‍යන්තර ගනුදෙනු වාර්තා කරන පද්ධතියක් ස්ථාපිත කිරීම.
  • සේවා සම්බන්ධ විදේශ විනිමය ගලා ඒම් අධීක්ෂණය කිරීම සහ එම මුදල් ආපසු රට තුළට ගෙන්වා ගැනීම සහ පරිවර්තනය කිරීම සහතික කිරීම.
  • කල්පිරෙන ණය ගැනීම සහ සෑම අවස්ථාවක දීම ණය නොවන මූලාශ්‍ර හරහා ලැබෙන නව ලැබීම් මගින් පියවීම.
  • වෙළෙඳපොළ තුළ ඉහළ මට්ටම් පවතී නම් 2022 වසරේ ජනවාරි මාසයේ සහ ජූලි මාසයේ කල්පිරෙන ජාත්‍යන්තර ස්වෛරීය බැඳුම්කරයන් හි සමස්ත නිකුතුව ආපසු මිල දී ගැනීම සඳහා සලකා බැලීම.
  • ජාත්‍යන්තර ස්වෛරීය බැඳුම්කර දළ දේශීය නිෂ්පාදිතයෙන් ප්‍රතිශතයක් ලෙස 10%ක ප්‍රමාණයකට අඩුකිරීම.
  • ස්වෛරීය ශ්‍රේණිගත කිරීම ඉහළ නැංවීමට පියවර ගැනීම.
  • නිල මාර්ග ඔස්සේ විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලබා ගැනීමට දිරි ගැන්වීම.
  • මුදල් හුවමාරු කරන්නන්ගේ බලපත්‍ර 27 ක් අද සිට නැවත ලබා දීම.

අද දෙරණ

 

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *