අද කොවිඩ් වාර්තාව ; මරණ 59 යි ; නව අසාදිතයින් 912 යි.

රජය අද දිනයේ තහවුරු කළ කොවිඩ් මරණ සංඛ්‍යාව 59 කි.

ඒ අනුව මෙරටින් වාර්තා කොට ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 12,965 ක් වෙයි.

අද දිනයේ අලුතින් හඳුනාගත් බවට වාර්තා කොට ඇති කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 912 කි.

මෙරටින් මෙතික් වාර්තා වී ඇති සමස්ත ආසාදිත සංඛ්‍යාව සටහන් වන්නේ 517,377 ක් වශයෙනි.

මේ අතර දින 43 ක් තිස්සේ ක්‍රියාත්මක කළ නිරෝධායන ඇඳිරි නීතිය අදින් අවසන් වන අතර නව සෞඛ්‍ය උපදේස මාලාවක් යටතේ රට විවෘත කිරීමට කටයුතු කොට ඇත.

ඒ අනුව පළාත් අතර සංචරණය සහ උත්සව සඳහා සීමා තව දුරටත් ක්‍රියාත්මක කෙරෙයි.

සංචාරකයින් මෙරටට පැමිණීමේ දී පී සී ආර් පරීක්ෂණ අනිවාර්ය කිරීමේ නීති ලිහිල් කොට තිබේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *