වරායෙන් කිරිපිටි නිදහස් කරගන්න මුදල් ලැබී නැහැ ; ප්‍රතිඅපනයනය කරන බව ආනයන කරුවෝ කියති

වරායේ සිරවී ඇති කිරිපිටි තොග නිදහස්කර ගැනීමට දේශීය බැංකු ඩොලර් නිකුත් නොකිරීම නිසා අදාළ කිරිපිටි තොග ඉන්දුනීසියාව හා බංග්ලාදේශය ප්‍රති අපනයනය කිරීමට අපේක්ෂා කරන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය ප්‍රකාශ කොට ඇත.

වරායේ සිරවී ඇති අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහිත බහාලුම් නිදහස්කර ගැනීම සඳහා මහ බැංකුව විසින් ඩොලර් මිලියන 50ක මුදලක් රාජ්‍ය බැංකු දෙකක් වෙත ඊයේ (29) නිදහස් කළ ද කිරිපිටි නිදහස් කර ගැනීමට අවශ්‍ය මුදල් ලබා දී නැති බව කියති.

ආනයනකරුවන් හා වරාය අමාත්‍යවරයා අතර ඊයේ පස්වරුවේ පැවති සාකච්ඡාවේදී ද අනාවරණය වුයේ පෞද්ගලික බැංකු මගින් ඩොලර් නිකුත්වීම ප්‍රමාදවන බවය.

අද දක්වාම එම ගැටලුවට විසඳුමක් නොලැබුණු බැවින් කොළඹ වරායේ රඳවා ඇති කිරිපිටි තොග ඉන්දුනීසියාව හා බංග්ලාදේශය ප්‍රතිඅපනයනය කිරීමට අපේක්ෂා කරන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය ප්‍රකාශ කොට ඇත.

කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයේ සාමාජික, ලක්ෂ්මන් වීරසූරිය පැවසුවේ කිරිපිටි නරක්වීමේ අවදානමක් ඇති බැවින් එවැනි පියවරක් ගැනීමට ඇති හැකියාව පිළිබඳව සොයන බවය.

මාස තුනකට වැඩි කලක් තිස්සේ රටේ කිරිපිටි හිගයක් පවතින අතර මිල පිලිබඳ ප්‍රශ්නයක් මෙන් ම ඩොලර් නිකුත්කිරීම පිලිබඳ ප්‍රශ්නයක් ද පවතියි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *