කොවිඩ් නිරෝධායන ඇඳිරි නීතියේ අවසන් දිනය උදාවෙයි

හෙට (30 දා , බ්‍රහස්පතින්දා ) උදාවන දිනය කොවිඩ් නිරෝධායන ඇඳිරි නීතියේ අවසන් දිනය වීමට නියමිත ය.

අනිද්දා, සිකුරාදා උදෑසන 4.00 ට ඇඳිරි නීතිය ඉවත් කිරීමට ජනාධිපතිතුමා උපදෙස් දුන් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද ප්‍රකාශ කළේ ය.

අගෝස්තු 20 දා ප්‍රකාශයට පත් කළ ඇඳිරි නීතිය දින 43 ක් ක්‍රියාත්මක වී ය.

රෝගය පාලනය වී තිබීම සහ ජනතාවගෙන් බහුතරයකට එන්නත් ලබා දී තිබීම නිසා යළිත් රට වසා දමන තත්ත්වයේ වසංගත රැල්ලක් මතුවීමට ඇත්තේ ඉතා අල්ප වූ ඉඩක් බව සොඛ්‍ය සේවා අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.

කෙසේ වෙතත්, තව දුරටත් ආරක්‍ෂිත පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අංශ රජයෙන් ඉල්ලා සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *