චීන කාබනික පොහොර දෙවෙනි වරටත් පරීක්ෂණයෙන් අසමත් ; ආනයනයට ඉඩක් නැහැ

රසායනික පොහොර අත්හිටුවීමත් සමඟ මෙරට වගාවන්ට යෙදීම සඳහා චීනයෙන් ආනයනය කිරීමට නියමිත කාබනික පොහොර නිදර්ශක  මෙරට දෙවැනි වරටත් කළ පරීක්ෂණවල දී ද  අසමත් වී ඇති බව වාර්තා වෙයි.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ජාතික ශාක නිරෝදායන ඒකකය මගින් සිදුකරන ද පරීක්ෂණයේදී දෙවැනි වරට ඒවා එසේ අසමත් වී ඇත.

ජාතික ශාක නිරෝධායන සේවයේ අධ්‍යක්ෂ එම්. වික්‍රමාරච්චි මහතා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට හා කෘෂිකර්ම අමාත්‍යංශයට ඊයේ දිනයේ මේ බව දැනුම් දී තිබේ.

අදාල පොහොර වලට සිදුකරන පරීක්ෂණ අනුව ඒවා ජීවානුහරණය කර නැති බවත් ක්‍ෂද‍්‍ර ජීවින් සිටින බවත් ඒ මහතා සඳහන් කරයි.

ඒ අනුව එම පොහොර මෙරටට ආනයනය කිරීමට සුදුසු තත්ත්වයක නැති බවත්, ඒවා ආනයනය නොකරන බවත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ ය.

මෙරට පවතින නිරෝධායන නීති අනුව ක්ෂුද්‍ර ජීඑවීන් සහිත කිසිදු ද්‍රව්‍යයක් ආනයනයට අවසර නැත.

කෙසේ වෙතත්, මෙම චීන පොහොර ගෙන්වීමට අවසර ලබා ගැනීමට දේශපාලන සහ ව්‍යාපාරික බලපෑම් එල්ල වෙමින් පවතින බව වාර්තා වෙයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *