දෙයියනේ මේ ආණ්ඩුව මෙච්චර මෝඩද? දැන් තිරගත වන්නේ හාල් වලින් ඇණ ගැනීමේ කතා වස්තුව – ආචාර්ය හර්ෂ ද සිල්වා

හාල්වල මිල පාලනය කැබිනට් මණ්ඩලය අයින් කරලා. අන්තිමට හරි මේ ආණ්ඩුවට ටිකක් මොලේ පෑදිච්ච එක ගැන මම සතුටු වෙනවා. හැබැයි, වැඩේ ප්රමාද වැඩියි. මම හැමදාම කිව්වේ වෙළෙඳපොළක් තුවක්කුවෙන් හෝ මිල පාලනයන් දමා හසුරුවන්න බෑ කියලයි.
ඒක මේ ආණ්ඩුව අත්දැකීමෙන්ම අවබෝධකර ගත්තාට පසුවයි මේ මිල පාලනය අයින් කරල තියෙන්නේ. එදා ආණ්ඩුව ආපු ගමන්ම හමුදා නිළධාරීන්ව දාල හාල් තොග එළියට ඇදල දානව වගේ රැඟුමක් කළා. පස්සෙ ඒක හරි ගියේ නැතිවුණහම හාල් වලට උපරිම මිලක් දැම්මා. රුපියල් 55 කට වී අරන් රුපියල් 98 කට හාල් විකුණන්න බෑ කියල මම පෙන්වා දුන්නාම සමහරු හිනහ වුණා. මොකද වුණේ? මිලිටරියට, මිල පාලනයට වෙළෙඳපොළ බය වුනාද? නෑ. හාල් හිඟයක් ඇතිවුණා. ටිකක් මොලේ පෑදිච්ච ආණ්ඩුව හාල් මිල පාලනය අයින් කරල තියනවා. අපි මුලින් මේක කිව්වාම උද්දච්ඡකමට ඇහුවෙ නෑ. ඉදිරියේදී හාල් හිඟයක් නැතිවේවි. හැබැයි වැඩි මිලට හාල් මිලදී ගන්න වේවි. මම හිතන්නේ දෙසැම්බර් වෙනකොට නාඩු කිලෝවක් රුපියල් 150 ක් සහ සම්බා කිලෝවක් රුපියල් 200 ක් විතර වෙන්නත් පුළුවන්.
අපි සහල් මාෆියාවට වෙළෙඳපොළ තරගයක් ලබාදෙන්න හදපු “ශක්ති” සහල් වැඩසටහන තිබුණා නම් මිල පාලනය අයින් කළා කියල හාල්වල මිල වැඩි වෙන්නෙ නෑ. මොකද? සහල් මාෆියාවට වෙළෙඳපොළ තරගයක් දෙන්න පුළුවන් තවත් කණ්ඩායමක් ඉන්න නිසා. කිසිම අවබෝධයක් සහ දැක්මක් නැති මේ ආණ්ඩුව දේශපාලන පාට කණ්ණාඩියෙන් බලල ඒ වැඩසටහන අහෝසි කළා.
ඒ වැඩසටහන තවත් ශක්තිමත් කරන්නයි තිබුණේ. එහෙනම් මෙච්චර වී ගොවිතැන් කරන රටේ අද හාල් මිල ප්රශ්නයක් වෙන්නෙ නෑ. හාල් මිල ස්ථාවර කිරීමට එකම විසඳුම වෙන්නේ සුළු හා මධ්යම පරිමාණ වී මෝල් හිමියන් සහ 10,000 ක් පමණ ගොවි ජනතාවක් එක්කර ගනිමින් සහල් මාෆියාවට වෙළෙඳපොළ තරගයක් දීමට මාගේ නායකත්වයෙන් නිර්මාණය කළ “ශක්ති” වැඩසටහන පමණක් යැයි මේ ආණ්ඩුවට දැන්වත් වැටහේවා.

ආචාර්ය හර්ෂ ද සිල්වා

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *