පාරිභෝගිකයා යටකළ අලුත්ම රිවස් එක – අනුර කේ එදිරිසුරිය

ආණ්ඩුව තවත් ගැසට්ටුවක් ” රිවස් ” කළේය. ඒ සහල් මිල පාලන ගැසට්ටුවයි. දැන් සහල්වලට තොග මිල පාලනයක් හෝ සිල්ලර මිල පාලනයක් හෝ නැත. ⁣සහල් මෝල් හිමියාට සහ ⁣සහල් තොග වෙළෙන්ඳාට කැමැති මිලකට සහල් අලෙවි කළ හැකිය.

පසුගිය සති කිහිපයේ වෙළෙඳ පොළෙහි දැඩි සහල් හිගයක් පැවතිණ. සහල් හිගයට හේතුව ආණ්ඩුව නියම කළ මිලට මෝල් හිමියන් සහ තොග වෙළෙන්දන් සහල් නිකුත් නොකිරීමය.ආණ්ඩුව නියම කළ මිලට තමන්ට සහල් වෙළෙදාම කළ නොහැකි බව ⁣මෝල් හිමියන්ගේ සහ තොග වෙළෙඳ සල්  හිමියන්ගේ තර්කය විය. ඒ අතර පාරිභෝගික සේවා අධිකාරිය සහල් වෙළෙඳ සල් වටලනුද පෙනුණි. ආණ්ඩුව නියම කළ මිලට තමන්ට සහල් තොග නොලැබෙන්නේය  ඒ නිසා , ආණ්ඩුවේ මිලට සහල් විකිණිය නොහැකිබව සිල්ලර  වෙළෙන්ඳන්ගේ තර්කයය. පවතින පීඩනය අනුව තමන්ට ගත හැකි එකම පියවර වෙළෙඳ සල් වසාදැමීම බව සිල්ලර වෙළෙන්ඳෝ කීහ. මෝල් හිමියන් වැඩි මිලට සහල් විකුණන්නේ , අනෙක් වෙළෙඳුන් එම මිලට සහල් මිලදී ගන්නා නිසා බව පාරිභෝගික අධිකාරියේ තර්කය විය. එම මතය සමහර විට ඉල්ලුම් සැපයුම් න්‍යායේ අලුත්ම සොයාගැනීමක් වන්නටද පුළුවන.

තත්වය තවත් දුරදිග ගියේනම් සමහර විට සහල් පාරිභෝගිකයාටද පාරිභෝගික සේවා අධිකාරියේ දණ්ඩනයට යටත් වන්නට සිදුවන්නට තිබුණි. අධිකාරියේ තර්කය අනුව පාරිභෝගිකයාද වැඩි මිලට සහල් මිලදී ගැනීමෙන් වරදට දායක වන බැවිනි. තවත් අතකින් ගත් කල පාරිභෝගික අධිකාරියේ ක්‍රියාමාර්ගය සහල් වෙළෙඳාමේ බෙල්ලෙන් ඇල්ලීම වෙනුවට කකුල් මාට්ටු දැමීමක් බඳු කටයුත්තකි. නියර මිටි තැනින් වතුර බස්සන්න කටයුතු කිරීමකි.

තත්වය තවත් දුරදිග ගියේනම් සමහර විට සහල් පාරිභෝගිකයාටද පාරිභෝගික සේවා අධිකාරියේ දණ්ඩනයට යටත් වන්නට සිදුවන්නට තිබුණි. අධිකාරියේ තර්කය අනුව පාරිභෝගිකයාද වැඩි මිලට සහල් මිලදී ගැනීමෙන් වරදට දායක වන බැවිනි. තවත් අතකින් ගත් කල පාරිභෝගික අධිකාරියේ ක්‍රියාමාර්ගය සහල් වෙළෙඳාමේ බෙල්ලෙන් ඇල්ලීම වෙනුවට කකුල් මාට්ටු දැමීමක් බඳු කටයුත්තකි. නියර මිටි තැනින් වතුර බස්සන්න කටයුතු කිරීමකි.

පාරිභෝගික අධිකාරිය ⁣සහල් වටලන දර්ශන අතරතුර රූපවාහිනීවල කීවේ , පනතට අලුතින් එක් කළ සංශෝධන නිසා වෙළෙන්දන්ට ලොකු ලොකු දඩ මුදල් නියම කළ හැකි බවය. එසේ කියා පැය දෙක තුනක් යද්දී  සහ සංශෝධනයට දින කිහිපයක් ගතවෙද්දී , සහල් මිල පාලන ගැසට්ටුව හකුලා ගැනිණ. ඒ අනුව පාරිභෝගික ආරක්ෂණ පනතට එක්කළ  අලුත් සංශෝධන හමස් පෙට්ටියේ දැමෙණු ඇත. පැරණි ගැසට්ටුවට කුණු කූඩය තිබේ.ඒ ගැසට්ටුවට ගැටලුවක් පැන නැඟෙන්නේනම් ඒ කුණු කූඩයේ ඉඩ සම්බන්ධයෙන් පමණි. මෙවැනි ගැසට් රැසක්ම මේ වන විටත් කුණු කූඩයේ ඇති නිසාය.

සහල් මිල පාලනය ඉවත් කෙරුණද වී මිලට නියම කෙරුණු උපරිම ⁣මිල සීමාවේ වෙනසක් නැත.වී මිලට උපරිමයක් නියම කෙරුණේ සහල් මිල පාලනයටය කියමිනි. මින් ඉදිරියට පාරිභෝගිකයාට වැඩි මිලට සහල් මිලදී ගන්නට සිදුවෙන්නේ නැත! යන පූචානම් කතාද ඒ සමඟ කියැවිණි. දැන් ඒ පූචානම් නරිවාදම් බවට පත්වී තිබේ.

වී මිල පාලන ගැසට්ටුව නිසා ගොවියාට නිසි මිලකට තම අස්වනු විකුණා ගැනීමට නොහැකි විය. වී මිල පාලනය කිරීමෙන් සහල් මිල අඩුවූයේද නැත. ඉන් සිදුවූයේ සහල් හිගයක් ඇති වීම සහ සහල් මිල ඉහළ යාමය. ආණ්ඩුව ගත් ක්‍රියාමාර්ගය නිසා ගොවියාත් පාරිභෝගිකයාත් දෙදෙනාම අමාරුවේ වැටුණා පමණි.

සහල් මිල පාලනය ඉවත් කිරීමෙන්ද ජනතාවට ලැබෙන සහනයක් නැත. මිල පාලන ගැසට්ටුව ඉවත් කිරීමෙන් ආණ්ඩුව කර ඇත්තේ මෝල් හිමියන්ට සහ වෙළෙන්දන්ට කැමැති මිලකට සහල් විකුණන්නට අවසර ලබා දීමය. එය මෝල් හිමියන් ඉල්ලූ සහනයටත් වැඩියෙන් බෝනස් එකකුත් දීමකි. මෝල් හිමියන් ඉල්ලුවේ පාලන මිලෙහි වැඩි කිරීමකි.ඒ වෙනුවට ඔවුන්ට කැමැති මිලකට සහල් විකිණීමේ අයිතිය ලබා දී තිබේ.

මිල පාලන ගැසට්ටුව ඉවත් කිරීමෙන් ආණ්ඩුව කර ඇත්තේ මෝල් හිමියන්ට සහ වෙළෙන්දන්ට කැමැති මිලකට සහල් විකුණන්නට අවසර ලබා දීමය. එය මෝල් හිමියන් ඉල්ලූ සහනයටත් වැඩියෙන් බෝනස් එකකුත් දීමකි. මෝල් හිමියන් ඉල්ලුවේ පාලන මිලෙහි වැඩි කිරීමකි.ඒ වෙනුවට ඔවුන්ට කැමැති මිලකට සහල් විකිණීමේ අයිතිය ලබා දී තිබේ.

ආක්ෂක තොග වශයෙන් සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කරන්නටත් කැබිනට්ටුවේ අනුමැතිය හිමිවී තිබේ. එසේ ගෙන්වන්නේ කාබනික සහල්ද යන ගැටලුවට නිසි පිළිතුරක් නැත.  කෙසේ වුව , සහල් ආනයනයට ආණ්ඩුව ගත් තීරණය රිවස් කරන්නට ආණ්ඩුවට සිදු නොවන බව විශ්වාස කළ හැකිය. හේතුව පවතින වී මිල සහ පොහොර හිගය හේතුවෙන් වී ගොවියාට අනිවාර්යයෙන්ම ගොවිතැනින් ඉවත්වන්නට සිදුවීමය. ඒ නිසා සහල් ආනයනය කිරීමේ තීරණය  රිවස් නොකර  පවත්වාගෙන යාමට ආණ්ඩුවට හැකි වන බවට සැකයක් නැත.

   අනුර කේ එදිරිසූරිය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *