වී, සහල් සහතික මිල මෝල් හිමියෝ නියම කරති

වී මිල දී ගන්නා නව මිල ගණන් සහ සහල් සඳහා වන විකුණුම් මිල ගණන් නියම කිරීමට මහා පරිමාණ සහල් මෝල් හිමියන් ගේ සංගමය පියවර ගෙන තිබේ.

ඒ අනුව නාඩු සහල් කිලෝවක සිල්ලර මිල රු 115ක්, සම්බා සහල් කිලෝවක් රු 140ක් සහ කිරී සම්බා කිලෝවක් රු 165කට අලෙවි කිරීමට මිල තීරණය කර ඇත.

වී මිල දී ගැනීමේ දී  නාඩු වී කිලෝවක් රු 62.50කට, සම්බා වී රු 70කට හා කිරී සම්බා රු 80කට යන මිල ගණන් යටතේ මිල දී ගැනීමට තීරණය කර ඇතැයි ද මහා පරිමාණ සහල් මෝල් හිමියන් ගේ සංගමය ප්‍රකාස කරයි.

වී සඳහා රජයේ සහතික මිල තවමත් පවතින්නේ නාඩු කිලෝවක් සඳහා රුපියල් 55 ක් වශයෙනි.

අද (28) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්  මෝල් හිමියන්ගේ සංගමයේ සභාපති, ඩඩ්ලි සිරිසේන මහතා මේ තොරතුරු පැවසීය.

මේ අතර සහල් සඳහා පනවා තිබූ උපරිම සිල්ලර සහ තොග මිල ගණන්වලට අදාළ ගැසට් පත්‍ර අවලංගු කිරීමට ඊයේ (27) කැබිනට් මණ්ඩලය තීරණය කළේය.

මෝල් හිමියන්ගේ සංගමය නව මිල ගණන් තීරණය කර ඇත්තේ ඉන් පසුව ය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *