කොවිඩ් ආසාදිත සංඛ්‍යාව දහසෙන් පහළට ; රෝගීන් 983 යි ; මරණ 51 යි

නව කොවිඩ් ආසාදිත සංඛ්‍යාව දහසේ සීමාවට වඩා අඩු වී අද වාර්තා වී ඇත්තේ ආසාදිතයින් 983 ක් පමණකි.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 514,592 ක් වශයෙන් සටහන් වී ඇත.

අද රජය වාර්තා කළ කොවිඩ් මරණ සංඛ්‍යාව ද 51 ක් දක්වා පහත වැටී තිබිණි.

ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව සටහන් වන්නේ 12,731 ක් වශයෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *