වී, සහල්, මිල පාලන නීති ඉවත් කර ගන්න කැබිනට් මණ්ඩලය තීරණය කරයි

වී මිල දී ගැනීමට සහ සහල් විකිණීමට උපරිම මිල නියම කරමින් නිකුත් කොට තිබූ ගැසට් නිවේදන ඉවත් කර ගැනීමට කැබිනට මණ්ඩලය අද තීරණය කොට ඇත.

එම ගැසට් නිවේදනවල මිල ගණන් ක්‍රියාත්මක කිරීමට හදිසි නීති රෙගුලාසි ක්‍රියාත්මක කොට අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජෙනරාල් වරයකු ද පත් කළ නමුත් ඒ කිසිවක් සාර්ථක වුයේ නැත.

එම මිල ගණන්වලට වැඩියෙන් විකුණන වෙළෙඳුන් සඳහා දඩ මුදල් වැඩි කොට පනතක් සම්මත කර ගැනීමට රජය කටයුතු කළ අතර එහි ප්‍රතිඵලය ලෙස බොහෝ වෙළෙන්දෝ  සහල් විකිනීමෙමන  වැළකී සිටියෝ ය.

එබැවින් රටපුර විශාල සහල් හිගයක් ඇති වී තිබිණි.

කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක කළ එම ක්‍රියාමාර්ග නිසා රට තුළ සහල් හිග වී විශාල විරෝධයක් ද ඇති වූ පසුව එම නීති ඉවත් කර ගැනීමට කැබිනට් මණ්ඩලය තීරණය කොට තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *