ආර්ථික කොරෝනාවට කබ්රාල්ගෙන් කොත්තමල්ලි !

ගෙදර කොත්තමල්ලිවලින් ලෙඩේ හොඳ කළ හැකිව තිබිය දී රෝහලකට ගොස් වෙනත් ලෙඩ සාදාගත යුතු නැති බවත්, එමෙන් ම මෙරට ආර්ථික ප්‍රශ්නවලට විසඳුම් සොයාගෙන ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට නොයා යුතු බවත්, ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබරල් මහතා ප්‍රකාශ කොට ඇත.

එමෙන් ම මුල්‍ය අරමුදලේ වැඩ සටහනකට ගියහොත් එයින් ගැලවීමට වසර දහයක් පමණ කල් ගතවන බව ද කබ්රාල් මහතා ප්‍රකාශ කොට තිබේ.

ශ්‍රී ලංකාව දැනට සිටින මූල්‍ය අර්බුදයෙන් ගොඩඒම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) සහාය ‌මේ අවස්ථාවේ දී අනවශ්‍ය බවත්, මූල්‍ය අරමුදලේ වැඩසටහනකට අනුගත වුවොතින් එයින් ගැලවීමට වසර 10ක පමණ කාලයක් ගත වන බවත් අජිත් නිවාඩ් කබ්රාල් මහතා ප්‍රකාශ කොට ඇත්තේ  ඇඩ්වොකාටා ආයතනය මගින් සංවිධානය කළ අන්තර්ජාල සාකච්ඡාවකට සහභාගී වෙමිනි.

“මම හිතන්නේ දැන් තියෙන තත්ත්වයට අපට මුහුණ දෙන්න පුළුවන්. අපිට අපේම අවශ්‍ය වෙන වැඩසටහනක් නිර්මාණය කර ගන්න පුළුවන්. ඒ නිසා තමයි අපි ඒක කරන්නේ. ඒක හරහා ඉදිරියට යන්න පුළුවන් ගමනක් තමයි අපි යන්න හදන්නේ”, යැයි මහ බැංකු අධිපතිවරයා එහි දී වැඩිදුරටත් ප්‍රකාශ කොට ඇත.

මෙරට ප්‍රකට ආර්ථික විද්‍යාඥයින් කියන්නේ ආර්ථික අර්බුදය ඉතා දරුණු බව සහ එයට මුහුණ දීමේ අඩු ම වේදනාකාරී මාර්ගය ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහාය ලබා ගංඑඑඑම බව යි.

කෙසේ වෙතත්, මහ බැංකු අධිපතිවරයා කියන්නේ මෙම අවස්ථාවේ දී මුල්‍ය අරමුදලේ සහාය අවශ්‍ය නැති බව යි.

ඒ මහතාට අනුව රටේ තවමත් තිබෙන්නේ කොත්තමල්ලි බී සුවකර ගත හැකි රෝගී තත්ත්වයකි.

මේ අතර වාර්තා වන්නේ ඩොලර් මිලියන 15 ක් ගෙවාගත නොහැකිව අත්‍යවශ්‍ය භාණ්ඩ කන්ටේනර් 800 ක් වරායේ සිර වී ඇති බව යි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *