අද කොවිඩ් මරණ 71 යි ; නව ආසාදිතයින් 1074 යි

අද දිනයේ නිල වශයෙන් වාර්තා කොට ඇති කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 71 කි.

ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව මේ වනවිට 12,680 ක් ලෙස වාර්තා වී ඇත.

අද දිනයේ අලුතින් හඳුනාගත් කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 1,074 කි.

ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව වාර්තා වන්නේ 513,605 ක් වශයෙනි.

දැනට ප්‍රතිකාර ලබමින් සිටින අසාධ්‍ය රෝගීන් සංඛ්‍යාවේ අඩු වීමක් ද පෙන්නුම් කරන බව සෞඛ්‍ය අංශ කියයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *