අපේ ප්‍රශ්න ඇත්තේ අත්සන් කළ යුගදනවී ගිවිසුමට නොවේ ; අත්සන් කරන්න යන LNG ගිවිසුමට යි – ඇමති විමල් වීරවංශ

තමන් ඇතුළු ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල ප්‍රශ්නය ඇත්තේ කෙරවලපිටිය යුගදනවී බලාගාරයේ සියයට 40 ක කොටස් ඇමෙරිකානු සමාගමකට ලබා දීමට දැනට අත්සන් කොට ඇති ගිවිසුමට නොවන බවත්, මෙරටට ස්වභාවික වායු සැපයීමේ කොන්ත්‍රාත්තුව එම සමාගමට ලබාදීම සඳහා යෝජිත අනාගත ගිවිසුම්වලට බවත්, ජාතික නිදහස් පෙරමුණේ නායක, කර්මාන්ත ඇමති විමල් වීරවංශ මහතා අද ප්‍රකාශ කළේ ය.

දැනට අත්සන් කළ ගිවිසුමෙන් සිදු කොට ඇත්තේ යුගදනවී බලාගාරයේ සියයට 40 ක කොටස් ඇමෙරිකාවේ නිව් පොට්‍රස් සමාගමට විකිණීම පමණක් බවත්, එයින් එහි කළමනාකරණය පවරා දී නැති බවත්, මුදල් ඇමතිවරයා සහ විදුලි බල මණ්ඩල සභාපතිවරයා තමන්ට ප්‍රකශ කළ බවත්, ගිවිසුම අත්සන් කොට ඇත්තේ එම පදනමෙන් නම් ඒ ගැන තමන්ට සලක බැලිය හැකි බවත්, විමල් වීරවංශ ඇමතිවරයා කියයි.

කෙසේ වෙතත්, මෙරටට ස්වභාවික වායු ( LNG ) සැපයීමේ දිගුකාලීන කොන්ත්‍රාත්තුවක් ගැන ගිවිසුමක් සහ තවත් බලාගාර පිහිටුවීමේ ගිවිසුමක් ඇතුළු තවත් ගිවිසුම් ඉදිරියේ දී අත්සන් කිරීමට සුදානම් බවත්, බරපතළ අනතුරක් ඇත්තේ එම ගිවිසුම් තුළ බව තම කණ්ඩායමේ අදහස බවත් කී ඇමතිවරයා ජනාධිපතිතුමා පැමිණි පසුව සාකච්ඡා කොට එම ගිවිසුම්වල අයහපත් කොන්දේසි ඉවත්කර ගැනීමට බලාපොරොත්තු වන බවත්, ප්‍රකාශ කළේ මාධ්‍යය කළ ප්‍රශ්න කිරීම්වලට පිළිතුරු දෙමිනි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *