‘රටෙි මීළඟ නායකයා විහිලු කාරයෙක් නොවිය යුතුයි’ – එජාප සභාපති වජිර අබේවර්ධන 


 

කඩා වැටී තිබෙන  රට යළි ගොඩනැගීමට නම්  මීළඟ පාලකයා විහිලුකාරයෙක් නොවිය යුතු බවත් එම අභියෝගය බාරගෙන ජයගත හැක්කේ ඊට  දර්ශනයක් හා වැඩපිළිවෙලක් තිබෙන එක්සත් ජාතික පක්ෂයට සහ එහි නායක රනිල් වික්‍රමසිංහ මහතාට බවත් එජාප සභාපති වජිර අබේවර්ධන  මහතා පැවසීය.

රනිල් වික්‍රමසිංහ මහතාට කුහකකම් කරමින් අවලාද හා හතුරුකම් කළ සියලුදෙනා අද වන විට විනාශයට තල්ලු වී ඇති බව වටහාගෙන සිටින රටේ ජනතාව මේ වනවිට එක්සත් ජාතික පක්ෂය වටා පෙළගැසෙමින් සිටින බව කීය.

වර්තමානයේ රට මුහුණපා සිටින ආර්ථික ඛේදවාචකය ලබන අවුරුද්දේ අප්‍රේල් මාසය වනවිට මීටත් වඩා දරුණු තැනකට ගමන් කරන බවද වජිර අබෙිවර්ධන මහතා පැවසීය.

අංජුල මහික වීරරත්න

ලංකාදීප

Leave a Reply

Your email address will not be published. Required fields are marked *