|

යට ඇදුම් වලට යටින් තියන ආර්ථික විද්‍යා​ව – ධනනාත් ප්‍රනාන්දු

පසුගිය දිනවල යට ඇදුම් ගැන සමාජ මාධ්‍ය කතා බහ පැති ගොඩකට විහිදිලා ගියා. ගොඩක් අය අහපු මූලිකම ප්‍රශ්ණය තමයි ලෝකෙම ප්‍රධාන පෙළේ සන්නාම වන වික්ටෝරියා සීක්‍රට්(Victoria Secret), ටොමී හිල්ෆිගර් (Tommy Hilfiger), පින්ක් (PINK) වගේ ආයතන සඳහා යට ඇදුම් මහන්න ලංකාවෙ අපිට පුලුවන්නම් ඇයි අපිට අපේම යට ඇදුම් ටික මහ ගන්න බැරි කියල.

මේ තර්ක දැකල මට පොඩි කාලෙ කතාවක් මතක් වුණා. පොඩි ලමයෙක් විදියට මං ඉස්සර තාත්තගෙන් නිතරම අහන ප්‍රශ්ණයක් තමයි දොස්තර මහත්තයට අසනීප වුණොත් එයාම වෙද නලාවෙන් එයාවම බලාගෙන ඒ දොස්තර මහත්තයම එයාට ඕන බෙහෙත් එයාම ලියා ගන්නවද නැත්තම් එයා වෙන දොස්තර කෙනෙක් ගාවට යනවද කියල. ඔය වගේ තර්ක කීපයක්ම මට තිබුණා. හැමෝගෙම කොන්ඩෙ කපන බාබර් මහත්තයට ඇයි එයාගෙම කොන්ඩෙ කපා ගන්න බැරි වගේම හොඳම ශල්‍ය වෛද්‍යවරයෙක්ට සැත්කමක් කර ගන්න ඕන වුනොත් ඔහුට ඔහුගේම සැත්කම කර ගන්න පුලුවන්ද වගේ ප්‍රශ්ණ.  මට හිතුණෙ පොඩි ළමයෙක් විදියට මට නොතේරුණු සාමාන්‍ය දැනීමම වෙනත් විදියට සමාජ මාධ්‍ය වල යට ඇදුම් සංවාද වලින් එලියට අවිල්ලා ආර්ථික විද්‍යා මූලධර්ම යට යනවද කියල. අපි ප්‍රශ්ණයේ මුලට යමු.

ශ්‍රී ලංකා මහ බැංකුව ආනයන භාණ්ඩ 623ක් ආනයනය සඳහා ණයවර ලිපි විවෘත කිරීමේදී බැංකු ණය ලබා ගැනීම නවතා ලීම සහ අදාළ භාණ්ඩ වර්ග සඳහා ආනයනයේදී 100%ක්ම වන මුදල බැංකුවේ තැන්පත් කිරීම සඳහා නව රෙගුලාසි නිකුත් කෙරුණා. ඒ අතරින් අදාළ භාණ්ඩ කාණ්ඩවල කාන්තා සහ පිරිමි යට ඇඳුම් සටහන් වී තිබීම නිසා සමාජ මාධ්‍ය ජාලවල විශාල කතා බහක් ඇතිවුණා.

සෑම ප්‍රශ්නයක් වගේම මේ පිළිබඳ බොහෝ දෙනා දැක තිබුණේ දේශපාලන කෝණයකින් මිස ආර්ථික විද්‍යා කෝණයකින් නොවෙයි. මෙම තීරණය වැරදි බව ඒත්තු ගන්වන්න උත්සහ කරන පිරිස උත්සහ කරන්නේ අනාගතයේ ශ්‍රී ලංකාවේ ප්‍රමාණවත් තරම් යට ඇඳුම් නොමැති වන බවත් එමගින් ජනතාවට යට ඇඳුම් නොමැති රටක් උදාවීමට නියමිත බවත්ය.

එම තීරණය නිවැරදි බව ඔප්පු කිරීමට උත්සහ කරන පිරිස ප්‍රකාශ කරන්නේ පමුණුව වැනි ප්‍රදේශවල ඕනෑ තරම් යට ඇඳුම් තිබෙන බවත් එම නිසා යට ඇඳුම්වල කිසිම ප්‍රශ්නයක් නොමැති බව සහ අවශ්‍යනම් සතොස හරහා යට ඇඳුම් විකිණීමට අවස්ථාව තිබෙන බවයි.

ඒ අතර සමහර තවත් පිරිසක් එම තත්ත්වය උපයෝගී කර ගනිමින් ප්‍රකාශ කළේ යට ඇඳුම් පමණක් නොව ශ්‍රී ලංකාවේ නිපදවිය හැකි ඕනෑම දෙයක් ගෙන්වීම තහනම් කළ යුතු බවත් ලෝකයේම ප්‍රමුඛ පෙලේ අපනයන මට්ටමේ ඇඟලුම් අපට නිෂ්පාදනය කළ හැකිනම් අප රටට අවශ්‍ය ඇඟලුම් අපටම නිර්මාණය කර ගත නොහැකිද යන ප්‍රශ්නයයි. මෙම තර්ක දෙක පිළිබඳ ආර්ථික විද්‍යාත්මකව බලන්නෙ කොහොමද?

පිරිසක් එම තත්ත්වය උපයෝගී කර ගනිමින් ප්‍රකාශ කළේ යට ඇඳුම් පමණක් නොව ශ්‍රී ලංකාවේ නිපදවිය හැකි ඕනෑම දෙයක් ගෙන්වීම තහනම් කළ යුතු බවත් ලෝකයේම ප්‍රමුඛ පෙලේ අපනයන මට්ටමේ ඇඟලුම් අපට නිෂ්පාදනය කළ හැකිනම් අප රටට අවශ්‍ය ඇඟලුම් අපටම නිර්මාණය කර ගත නොහැකිද යන ප්‍රශ්නයයි.

අප මුලින්ම තේරුම්ගත යුත්තේ පුද්ගලයෙක් යට ඇඳුමක් හෝ ඕනෑම ඇඳුමක් මිලදී ගැනීමේදී සලකා බලනු ලබන්නේ කුමන කරුණුද යන්නයි.

විශේෂයෙන්ම යට ඇඳුම් තෝරා ගැනීමේදී ඕනෑම කෙනෙක් සලකා බලන්නේ එම ඇඳුම තමන්ගේ ශරීරයට ගැළපෙනවාද, ප්‍රමාණය ගැළපෙනවාද, සනීපාරක්ෂාව සඳහා උපකාර වන්නෙ කෙසේද සහ එය තමන්ටම ආවේණික වූ ශරීර හැඩයට ගැළපෙනවාද යන්නයි.

ඒ වගේම යට ඇඳුම් තෝරා ගැනීමේදී සමහර වෙළෙඳනාමවලට සහ ඒවා මිලදී ගැනීමේදී දක්වන සන්නාම ළැදියාවත් (Brand Loyalty and Brand preference) ඉතාම සුවිශේෂියි. එම වෙළෙඳනාම / සන්නාම ළැදියාව බොහෝ භාණ්ඩ සහ සේවාවල දක්නට ලැබෙන්නක්.

සාමාන්‍ය භාෂාවෙන් කියනවානම් ඇඩ්වටයිසින් (වෙළෙඳ ප්‍රචාරණය) කරන අය සන්නාමයක ප්‍රතිරූපය ගොඩ නැගීමට විශාල මහන්සියක් දරනවා. යට ඇඳුම් වෙළෙඳනාමවලත් මේ තත්වය අනෙක් භාණ්ඩවල වගේම දක්නට ලැබෙනවා.

අදාළ ඇඳුම්වල මිලත් සලකා බලන තවත් කරුණක්. යට ඇඳුම් දේශීයද විදේශීයද යන්න බැලීමට පෙර අප මුලින්ම බලන්නේ ඉහත කරුණුයි.

ඕනෑම කෙනෙක් යට ඇඳුමක් මිලදී ගන්නේ තමාගේ අවශ්‍යතාවයට, සනීපාරක්ෂාවට සහ සුවපහසුව නිසා මිස නිෂ්පාදාකයාට උපකාර කිරීමේ අරමුණින් හෝ අදාළ යට ඇඳුම නිෂ්පාදනය කළ රටට උපකාර කිරීමේ අරමුණින් නොවන බව අප සැවොම අවිවාදයෙන් පිළි ගන්නවා.

එය අප රටේ පමණක් නොව ලෝකයේ අනෙක් රටවලත් එලෙසෙමයි. ලෝකයේ යට ඇඳුම් භාවිත කරන පිරිස එම යට ඇඳුම් දේශීයද විදේශීය යන්න සලකා බලනවා නම් සහ එම රටවල්වල මිනිසුනුත් ඔවුන්ගේම රටේ නිපදවන යට ඇඳුම් පමණක් නිපදවිය යුතුයි යැයි විශ්වාස කළොත් ශ්‍රී ලංකාවේ අපනයන විශාල කඩා වැටීමකට ලක්වීම නැවැත්විය නොහැකියි. එම නිසා දේශීය යටඇඳුම් පමණක් භාවිත කළ යුතුයි යන තර්කයට විද්‍යාත්මක පදනමක් නැහැ.

ලෝකයේ යට ඇඳුම් භාවිත කරන පිරිස එම යට ඇඳුම් දේශීයද විදේශීය යන්න සලකා බලනවා නම් සහ එම රටවල්වල මිනිසුනුත් ඔවුන්ගේම රටේ නිපදවන යට ඇඳුම් පමණක් නිපදවිය යුතුයි යැයි විශ්වාස කළොත් ශ්‍රී ලංකාවේ අපනයන විශාල කඩා වැටීමකට ලක්වීම නැවැත්විය නොහැකියි. එම නිසා දේශීය යටඇඳුම් පමණක් භාවිත කළ යුතුයි යන තර්කයට විද්‍යාත්මක පදනමක් නැහැ.

මීළඟට බොහෝ දෙනෙක් නගන ප්‍රශ්නය තමයි ලෝකයටම යට ඇඳුම් අපි මහනවානම් ඇයි අපිට අවශ්‍ය යට ඇඳුම් අපිටම මහන්න බැරි කියන ප්‍රශ්නය. එම ප්‍රශ්නය පැති කිහිපයකින් බැලිය හැකියි. අප මොහොතකට රෝගීන් දහස් ගණනකට සැත්කම් කරන ප්‍රසව සහ නාරි වෛද්‍යවරයෙක් සැලකිල්ලට ගමු. එම වෛද්‍යවරයා දරුවකු ප්‍රසූත කරන අවස්ථාවේදී ඇයට අනිවාර්යයෙන්ම වෙනත් ප්‍රසව සහ නාරි වෛද්‍යවරයෙක්ගේ සේවාව ලබා ගැනීමට සිදුවෙනවා. එම අවස්ථාවේදී අපිට අහන්න පුළුවන්ද “හැමෝටම ප්‍රසව හා නාරි සැත්කම් කරන්න පුළුවන්නම් ඇයි ඔබතුමියගේ සැත්කම සහ දරු ප්‍රසූතිය ඔබතුමියටම බලා ගන්න බැරිද? කියල. අන්න ඒ වගේ තර්කයක් තමයි අපි ලෝකටෙම යට ඇඳුම් මහනවනම් ඇයි අපිට අපේ ඒවා මහ ගන්න බැරි කියන තර්කය.

ශ්‍රී ලංකාව දක්ෂතාවය දක්වන්නේ ඉතාම උසස් මට්ටමේ ලෝක ප්‍රකට වෙළෙඳ සන්නාම සඳහා යට ඇඳුම් මැසීමටයි. Victoria Secret, PINK, Gap body, Calvin Klein වැනි ලෝකයේම ඉතා මිල අධික සන්නාම සඳහායි අපි යට ඇඳුම් සපයන්නේ. එවැනි මිල අධික යට ඇඳුම් මිලදී ගත හැකි අදායමක් ශ්‍රී ලංකාවේ ජනතාවට නැහැ වගේම එවැනි වෙළෙඳපොළකුත් ලංකාවේ නෑ. (ශ්‍රී ලංකාවේ එවැනි ආදායමක් ඇති අය බොහෝ වෙලාවට භාවිත කරන්නේ එවැනි සන්නම තමයි) ලංකාවේ මිනිසුන් භාවිත කරන මිල මට්ටම්වල යට ඇඳුම් මැසීමට අපේ ප්‍රධාන ඇඟලුම් කර්මාන්ත උත්සහ කළහොත් ඔවුන්ට කර්මාන්තශාලා විශාල ප්‍රමාණයක් වසන්න සිදුවෙනවා. ඒ වගේම අපේ අපනයන ආදායම විශාල ලෙස අඩු වෙනවා. එයට හේතුව වැඩි මිලකට සහ වැඩි ප්‍රමාණයකින් මිලියන 7900ක ජනතාවකට ඇඳුම් නිෂ්පාදනය කිරීමට තිබෙන හැකියාව අඩු මුදලකට මිලියන 20ක් සඳහා පමණක් සීමා කර ගැනීමට ව්‍යාපාරික කිසිසේත්ම නුවණට හුරු නොවීමයි. කෙනෙක්ට අහන්න පුලුවන් වැඩි මුදලට විකුනණ යට ඇදුම් වගේම අඩු මිලට තියන යට ඇදුමුත් මහන්න බැරිද කියල. සරළම පිළිතුර පුලුවන්. ඒත් වැඩි මිලකට වැඩි ප්‍රමාණයක් විකුණන්න පුලුවන් කම තියෙද්දි කවුද කැමති වෙන්නෙ අඩු මුදලකට අඩු ඇදුම් ප්‍රමාණයක් මහන්න. එහෙ කරොත් ඇගලුම් ක්ශ්‍රේත්‍රයේ දැනට තියන ලොකුම ප්‍රශ්ණ වලින් එකක් තමයි ශ්‍රමය ගැන තියන ප්‍රශ්ණය. මහන්න අවශ්‍ය ශ්‍රමය හොයා ගන්න එක තව අමාරු වෙනවා. දැනට ශ්‍රමය හොයන්න ඕන වැඩි මිලට මහ ඇදුම් වලට විතරයි. දැන් අඩු මිලට මහන ඒවට ශ්‍රමය ගියාම වැඩි මිලට මහන ඒවත් මහ ගන්න බැරි වෙලා අපේ අපනයනත් අඩු වෙනවා.

ඇගලුම් ක්ශ්‍රේත්‍රයේ දැනට තියන ලොකුම ප්‍රශ්ණ වලින් එකක් තමයි ශ්‍රමය ගැන තියන ප්‍රශ්ණය. මහන්න අවශ්‍ය ශ්‍රමය හොයා ගන්න එක තව අමාරු වෙනවා. දැනට ශ්‍රමය හොයන්න ඕන වැඩි මිලට මහ ඇදුම් වලට විතරයි. දැන් අඩු මිලට මහන ඒවට ශ්‍රමය ගියාම වැඩි මිලට මහන ඒවත් මහ ගන්න බැරි වෙලා අපේ අපනයනත් අඩු වෙනවා. 

ශ්‍රී ලංකාවේ තේ ගැනත් නිතරම මේ ප්‍රශ්නය අහනවා. ලෝකෙටම සිලෝන් ටී (Ceylon Tea) හැදුවට අපිට එතරම් ගුණාත්මක බවින් යුතු තේ ලැබෙන්නේ නැහැ නේද කියල නිතරම අහන්න ලැබෙනවා. එහිදී තියෙන්නෙත් එම තර්කයමයි. ඉතා ඉහළ මට්ටමේ තේ ලංකාවේ තිබෙනවා. නමුත් එය මිලෙන් ඉතා වැඩියි. ඉහළ ආදායමක් තිබෙන අය එම තේ භාවිත කරනවා. ශ්‍රී ලංකාවේ බහුතර ජනතාවගේ ආදායමට අනුව එම වටිනාකමින් වැඩි තේ මිලදී ගන්න පුළුවන් කමක් නෑ. ඒ වගේම තේ නිෂ්පාදකයන්ට ලංකාවේ මිලියන 22කට තේ නිෂ්පාදනය කිරීමට වඩා වාසිදායක වන්නේ ඊට වඩා මිලෙන් වැඩි තේ ලෝකයට අපනයනය කිරීමයි. එහි වෙළෙඳපොළ ප්‍රමාණය විශාලයි. එවිට එම ලැබෙන අමතර මුදලින් අපිට මිලදී ගත හැකි මට්ටමේ භාණ්ඩ භාවිත කිරීමට හැකියාව තිබෙනවා.

ඒක හරියට සැත්කමක් කර ගන්න ඕන වුණාම ලෝකේ හොදම සැත්කම් කරන දොස්තර මහත්තයත් වෙන දොස්තර මහත්තයෙන් ගාවට යනව වගේ. එතන තිබෙන්නෙ වෛද්‍ය විද්‍යා විද්‍යාත්මක කරුණක් වගේම ආර්ථික විද්‍යා කරුණක්. වැඩිම වාසි දායක දේ තමයි අපි කරන්න ඕන.

අප අපනයනය කරන ඇඟලුම්වලත් මුළු ක්‍රියාවලියම සිදු කරන්නේ ශ්‍රී ලංකාව තුළ පමණක් නොවේ. එම ඇඟලුම්ල නිර්මාණ දායකත්වය, ඒවාට අවශ්‍ය අමුද්‍රව්‍ය ආදිය ලබා ගන්නේ වෙනත් රටවල්වලින්.

ඒ වගේම ශ්‍රී ලංකාවේ ප්‍රධාන ඇඟලුම් නිෂ්පාදන ආයතන අදාළ ප්‍රධාන සන්නාම සහිත ආයතන සමග බුද්ධිමය දේපළ සඳහා ගිවිසුම් අත්සන් කර තිබෙනවා. එම නිසා ඔවුන් ලබාදෙන ඩිසයින් – Design (නිරූපණ සහ නිර්මාණාත්මක ආකෘති) නැවත ප්‍රතිනිර්මාණය කර ශ්‍රී ලංකාවේ හෝ වෙනත් රටක වෙළෙඳපොළට නිකුත් කළ නොහැකියි. ඒ වගේම නිෂ්පාදන ක්‍රියාවලියම අන්තර්ජාතික මට්ටමේ ප්‍රමිතීන්ට අනුකූලව සහ දැඩි මානව සහ නීතිගරුක සහ පාරසරික හිතකාමී ප්‍රතිපත්ති අනුගමනය කරමිනුයි සිදු කරනු ලබන්නේ. අවම තරමේ වැරදියට මහන ඇඳුමක්වත් වෙළෙඳපොළට නිකුත් කරන්න හැකියාවක් නෑ.

ඒ වගේම ශ්‍රී ලංකාවේ ප්‍රධාන ඇඟලුම් නිෂ්පාදන ආයතන අදාළ ප්‍රධාන සන්නාම සහිත ආයතන සමග බුද්ධිමය දේපළ සඳහා ගිවිසුම් අත්සන් කර තිබෙනවා. එම නිසා ඔවුන් ලබාදෙන ඩිසයින් – Design (නිරූපණ සහ නිර්මාණාත්මක ආකෘති) නැවත ප්‍රතිනිර්මාණය කර ශ්‍රී ලංකාවේ හෝ වෙනත් රටක වෙළෙඳපොළට නිකුත් කළ නොහැකියි. ඒ වගේම නිෂ්පාදන ක්‍රියාවලියම අන්තර්ජාතික මට්ටමේ ප්‍රමිතීන්ට අනුකූලව සහ දැඩි මානව සහ නීතිගරුක සහ පාරසරික හිතකාමී ප්‍රතිපත්ති අනුගමනය කරමිනුයි සිදු කරනු ලබන්නේ. අවම තරමේ වැරදියට මහන ඇඳුමක්වත් වෙළෙඳපොළට නිකුත් කරන්න හැකියාවක් නෑ.

පහත තිබෙන්නේ 2019 වසරේ කාන්තා සහ පිරිමි යට ඇඳුම් ආනයනය සහ අපනයනය කළ ප්‍රමාණයි. අප ආනයනය කර ඇත්තේ කොතරම් අඩු ප්‍රමාණයක්ද සහ අප අපනයනය කර ඇත්තේ කොතරම් වැඩි ප්‍රමාණයක්ද යන්න පහසුවෙන් දැක ගත හැකියි.

මුලාශ්‍රය :trademap.org සහ සුභාශිණී අබේසිංහගේ Twitter පිටුවෙන්

නමුත් එහි තේරුම දේශීය වෙළෙඳපොළට යට ඇඳුම් සැපයීමට අපේම ව්‍යාපරිකයන්ට අවස්ථාවක් නොමැති බවත් නොවෙයි. දැනට අපනයනය කරන්නේත් දේශීය ව්‍යාපාරිකයන්මයි. ඔවුන් ලෝකය සමග සාර්ථකව තරඟ කරමින් විශාල ශ්‍රී ලාංකිකයන් පිරිසකට රැකියා සහ ආදායම් උපයාදෙමින් සාර්ථකව ව්‍යාපාර කරනු ලබනවා. ඒ වගේම පමුණුව සහ විවිධ ප්‍රදේශවල ශ්‍රී ලාංකික වෙළෙඳපොළ සදහා නිර්මාණය කරන යට ඇඳුම් ඕනෑ තරම් තිබෙනවා.

ඒ වගේම යට ඇඳුම් යනු තම ශරීරයේ හැඩයට, සුව පහසුවට, සනීපාරක්ෂාවට සහ ඒ සමග ඇති වෙළෙඳනාම ලැදියාවට මෙන්ම මිලට අනුව පරිභෝජනය කරන භාණ්ඩයක් නිසා ඕනෑම වෙළෙඳනාමයක් ශ්‍රී ලංකාව තුළ මිලට ගත හැකි හැකියාවක් තිබීම ඉතා වැදහත්. එය වැදහත් ශ්‍රී ලාංකිකයන්ටමයි. අප ගුණාත්මකබවින් වැඩි දේවල් භාවිත කිරීමෙන් අපගේ ජීවිතයේ ගුණාත්මකභව වැඩි වෙනවා මෙන්ම අපගේ කාර්යක්ශමතාවයත් වැඩි වෙනවා. අපි මොහොතකට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම උදාහරණයකට ගතහොත් අපිට අවශ්‍ය ඔවුන් ජයග්‍රහනය කරමින් ශ්‍රී ලංකාවේ කීර්තිනාමය බැබළීම විනා ඔවුන් පන්දුවට පහරදෙන පිත්ත ශ්‍රී ලංකාව තුළ නිපදවීම හෝ ඔවුන්ගේ පා ආවරණ, සපත්තු ශ්‍රී ලංකාව තුළ නිපදවීම නොවෙයි. අපේ අරමුණ තරගය ජයග්‍රහණය කිරීමයි. ඒ සඳහා අප ඔවුන්ට අවශ්‍ය සියලු පහසුකම් ලබාදීම විනා අප ඔවුන්ගේ ඇඳුම් පැලඳුම් වල ජාතිය සහ ජන්මය සෙවීම කිසිම තේරුමක් නොමැති වැඩක්.

ආර්ථික තරගයේදීත් අප කළ යුතු වන්නේ ලෝකය සමග තරග කිරීමට හැකියාව තිබෙන නිෂ්පාදන වෙතින් අපගේ ශ්‍රී ලාංකිකයන්ගේ ආදායම් වැඩි කර ජීවන මට්ටම ඉහළ නැංවීම විනා අන් අයගේ නිර්මාණ වෙනුවෙන් ඊර්ශ්‍යා කරමින් ආනයන තහනම් කරමින් තරග කිරීමට අපගේ ඇති නොහැකියාව සඟවා ගැනීම නොවේ. තරගය තුළින් ආනයනික භාණ්ඩ අභිභවා යමින් එම භාණ්ඩවලට වඩා සාර්ථක භාණ්ඩ නිපදවීමෙන් වැඩි ආදායම් සහ රැකියා නිපදවීමයි.

අප කළ යුතු වන්නේ ලෝකය සමග තරග කිරීමට හැකියාව තිබෙන නිෂ්පාදන වෙතින් අපගේ ශ්‍රී ලාංකිකයන්ගේ ආදායම් වැඩි කර ජීවන මට්ටම ඉහළ නැංවීම විනා අන් අයගේ නිර්මාණ වෙනුවෙන් ඊර්ශ්‍යා කරමින් ආනයන තහනම් කරමින් තරග කිරීමට අපගේ ඇති නොහැකියාව සඟවා ගැනීම නොවේ. තරගය තුළින් ආනයනික භාණ්ඩ අභිභවා යමින් එම භාණ්ඩවලට වඩා සාර්ථක භාණ්ඩ නිපදවීමෙන් වැඩි ආදායම් සහ රැකියා නිපදවීමයි.

රජය ආනයන සඳහා බැංකු කටයුතුවලට සීමා යොදන්නේ රටේ තිබෙන ඩොලර් අර්බුදය නිසායි. අප එය තේරුම් ගත යුතුයි. අප එම ප්‍රශ්නයෙන් ගොඩ ඒමට ඩොලර් අර්බුදයෙන් පිටතට පැමිණිය යුතුයි. ආනයනවලින් එය කිරීමට උත්සාහ කිරීම ඒ සඳහා දීර්ඝ කාලීන විසඳුමක් නොවෙයි. භාණ්ඩ සහ සේවාවල ජාතියට සහ ජන්මයට වෛර කර මිනිසුන්ගෙන් වාසියට පමණක් ප්‍රයෝජනයක් ගන්නා ආර්ථික ක්‍රමයක් වෙනුවට අපට අවශ්‍ය වන්නේ භාණ්ඩ සහ සේවා භාවිත කර මිනිසුන්ට ප්‍රේම කරන ආර්ථික ක්‍රමයක් නොවෙයිද?

ධනනාත් ප්‍රනාන්දු

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *