ඩොලර් නැතිව වරායේ හිර වූ භාණ්ඩ ගෙවීම් නොකර නිදහස් කරන්න නියෝග !

මෙරටට ගෙන්වා ඇතත්, ගෙවීම් කිරීමට ඩොලර් නැති වීම නිසා වරායේ සිර වී ඇති භාණ්ඩ නිදහස් කිරීමට වහාම කටයුතු කරන ලෙස අගමැති මහින්ද රාජපක්ෂ මහතා අද නියෝගයක් නිකුත් කොට ඇත.

මෙලෙස වරායේ භාණ්ඩ හිර වීම නිසා රට තුළ විශාල භාණ්ඩ හිගයක් ඇති බව අද පැවති ජීවන වියදම් කමිටුවේ දී හෙළිදරව් වීම නිසා අගමැතිවරයා මෙම නියෝගය සිදු කොට තිබේ.

කෙසේ වෙතත්, මෙලෙස භාණ්ඩ නිකුත් කිරීමෙන් පසු අදාළ සැපයුම් කරුවන්ගේ ගෙවීම් කිරීම සහ එහි දී මතුවන නීතිමය ප්‍රශ්න පිළිබඳව ගන්නා පියවර සම්බන්ධයෙන් කිසිදු පැහැදිලි කිරීමක් සිදු වී නැත.

සීනි, කිරිපිටි, ගෑස්, සිමින්ති, ඇතුළු භාණ්ඩ ගණනාවක මිල වැඩි කිරීමේ අවසන් තීරණ සඳුදා කැබිනට් රැස්වීමේ දී ගැනීමට තීරණය වූ බව රාජ්‍ය ඇමති ලසන්ත අලගියවන්න මහතා ප්‍රකාශ කොට ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *