යුගදනවී බලාගාර විරෝධය හකුලාගන්න විමල් පිල තීරණයක ?

කෙරවලපිටිය යුගදනවි විදුලි බලාගාරයේ රජය සතු කොටස්වලින් සියයට 40 ක් ඇමෙරිකානු සමාගමකට විකිණීමේ ගනුදෙනුවට විරුද්ධ වීමට ආණ්ඩුවට සම්බන්ධ පක්ෂ දහයක් තීරණය කළ ද, එම තීරණය දුර දිග ගෙනයාමෙන් වැලකීමට එම පක්ෂ මේ වනවිට තීරණය කොට ඇති බව තතුදත් දේශපාලන ආරංචි මාර්ග කියයි.

අගමැති මහින්ද රාජපක්ෂ මහතා සමග පක්ෂ නායකයින් කළ සාකච්ඡාවෙන් පසු මෙම තත්ත්වය වර්ධනය වී ඇතැයි කියති.

විකුනන්නේ බලාගාරයේ කොටස්වලින් සියයට 40 ක් පමණක් බවත්, මේ මොහොතේ ආණ්ඩුව මුහුණ දී ඇති අර්බුදයෙන් ගොඩයාමට මෙම මුදල් අතිශයින් ම වැදගත් බවත්, මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා ඉහත කී සාකච්ඡාවේ දී පෙන්වා දී තිබේ.

බලාගාර විරෝධයට අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ සහය ද ලැබී නැත. විමල් පිලේ පසුබෑමට එය ද හේතු වී ඇති බව කියති.

මේ නිසා ජනාධිපතිතුමාට ලිපියක් යැවීමට සහ කරුණු දැක්වීමට පමණක් ආණ්ඩුවේ පක්ෂ වල විරෝධය සීමා වනු ඇතැයි අපගේ ආරංචි මාර්ග කියයි.

මේ අතර සපුගස්කන්දේ විශාල නව තෙල් පිරිපහදුවක් සඳහා ඇමෙරිකානු සමාගමක් සමග ගිවිසුමකට එළඹීමට විමල් පිලේ ප්‍රබලයකු වන බල ශක්ති ඇමති උදය ගම්මන්පිල මහතා කටයුතු කරමින් සිටින බව ද වාර්තා වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *