බාර් ඇරිල්ල බැලන්ස් කරයි ; පොත් සාප්පු අරින්නත් අවසර දෙයි

නිරෝධායන ඇඳිරි නීතිය පවතිද්දී පොත් සාප්පු විවෘත කිරීමට ද රජය අවසර දී තිබේ.

මත්පැන් අලෙවි සල් විවෘත කිරීමට රජය පසුගිය සතියේ අවසර දුන් අතර ඒ පිළිබඳව විවේචන එල්ල වෙමින් තිබිය දී පොත් සාප්පු විවෘත කිරීමේ අවසරය හිමි වී තිබේ.

බාර් එකට යනවා කියා එලියට යන්නට මහජනයාට ගිය සතියේ අවස්ථාව ලැබුණු අතර දැන් පොත් සාප්පුවට යනවා කියා ද ගමන් යන්නට පුළුවන.

සිල්ලර වෙළෙඳසල් සහ ගොඩනැගිලි ද්‍රව්‍ය වෙදෙන්ද සල් මීට පෙර සිට විවෘතව තිබිණි.

වෙළෙඳපොළ ආරංචි මාර්ග කියන්නේ දැනට අවසර දී නැත්තේ රෙදිපිළි වෙළෙඳ සල් සඳහා පමණක් බව යි.

මෙරට ජනයාට රෙදි අත්‍යවශ්‍ය නැති බව සිතන ආණ්ඩුව පසුගිය දා රෙදි ආනයනය සීමා කරන්නට ද පියවර ගත්තේ ය.

කෙසේ වෙතත්, ජනතාවට මත්පැන් අත්‍යවශ්‍ය නිසා ඒ සඳහා කල් ඇතිව ම අවසර දෙන්නට රජය කටයුතු කළේ ය. පොත්පත් වලට ප්‍රමුඛතාව ලැබෙන්නේ දෙවැනි වටයට ය.

ඒ සියල්ල ඇරියත් ඇඳිරි නීතියක් ද තිබෙන බව කියති.

මහජනයා කියන්නේ මේවා දැක්කම නොබී ඉන්න බැරි වන බව යි.

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *