කොවිඩ් නිසා ආර්ථිකය අමාරුයි ; ජනාධිපති ජාත්‍යන්තර සහාය ඉල්ලයි

කොවිඩ් වසංගතයෙන් විපතට පත්වූවන්ට සහන සැලසීමට ශ්‍රී ලංකා රජයට විශාල ආර්ථික බරක් දරන්නට වූ බවත්, ඊට අමතරව සංචාරක ව්‍යාපාරය වැනි රටේ ප්‍රධාන ආදායම් මාර්ග අහිමි වී ඇති බවත්, එකසත් ජාතීන්ගේ සංවිධානය අමතමින් ප්‍රකාශ කළ ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතා, මෙම තත්ත්වය තුළ ජාත්‍යන්තරයෙන් රටේ සංවර්ධන වැඩ පිළිවෙළට ලැබෙන සහය සාධරයෙන් පිළිගන්න බවත් ප්‍රකාශ කලේ ය.

එකසත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය නිව්යෝක් නුවර දී අමතමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ය

සංවර්ධනය වෙමින් පවතින රටවල ආර්ථික අවිනිශ්චිතතාව යෙන් මිදීමට ජාත්‍යන්තර යාන්ත්‍රණයක් අවශ්‍ය යැයි කී ජනාධිපති රාජපක්ෂ මහතා ආර්ථිකය නැවත පණ ගැන්වීමේ හා ජාතික සංවර්ධන වැඩ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමේදී ජාත්‍යන්තර ප්‍රජාවගේ සහයෝගය ශ්‍රී ලංකාව සාදරයෙන් පිළිගන්නා බවද ජනාධිපතිතුමා සඳහන් කළේය.

ජනවාර්ගික ආගම් හෝ ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව සියලු ශ්‍රී ලාංකිකයන් සඳහා සමෘද්ධිමත් සුරක්ෂිත අනාගතයක් ගොඩ නැගීම තම රජයේ ප්‍රමුඛ අරමුණ බව කී ජනාධිපතිවරයා ඒ සඳහා පියවර රැසක් ගෙන ඇති බවද කීවේය .

තිරසරභාවය යනු ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රතිපත්ති රාමුවෙි ප්‍රධාන අංගයක් ඇයිද, කාබන්හරණයට සහාය වීමේ හදිසි අවශ්‍යතාව ශ්‍රී ලංකාව අවබෝධ කරගෙන සිටින බවද, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කීවේය .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *