විශ්ව ශක්තියෙන් රෝග සුව කළ එලියන්ත වයිට් කොවිඩ් රෝගයෙන් අභාවප්‍රාප්ත වෙයි.

විශ්ව ශක්තියෙන් රෝග සුව කිරීම ගැන විශ්වාසයෙන් කටයුතු කළ එලියන්ත වයිට් මහතා කොවිඩ් රෝගීව ප්‍රතිකාර ලබමින් සිට අද අභාවප්‍රාප්ත වී තිබේ.

කොළඹ පෞද්ගලික රෝහලක දී ඒ මහතාගේ අභාවය සිදුව ඇත.

ඒ මහතා කලක් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පෞද්ගලික වෛද්‍යවරයා වශයෙන් ද කටයුතු කළේ ය.

කලක් ඔහුව හඳුන්වන ලද්දේ විශ්වකර්ම වෛද්‍යවරයා වශයෙනි.

ඒ මහතා කිසිදු එන්නතක් ලබාගෙන නොතිබූ බව ද වාර්තා වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *