ඖෂධ අධිකාරියේ දත්ත විපක්ෂයේ කවුදෝ විනාශ කරලා ? – අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන

ශ්‍රී ලංකා ඖෂධ නියාමන අධිකාරියේ පරිගණක දත්ත මැකීමට විපක්ෂයේ සම්බන්ධයක් ඇතැයි සැක කරන බව සෞඛ්‍ය රාජ්‍ය ඇමති මහාචාර්ය චන්න ජයසුමන මහතා අද පාර්ලිමේන්තුවට ප්‍රකාශ කළේ ය.

මැකු දත්තවල තිබුණේ 2015 සහ 2019 අතර කාලයේ ඖෂධ වැඩි මිලට ගෙන්වීමට අදාළ දත්ත බව කී අමැතිවරයා එම දත්ත ලෙස වැඩි මිලට ගත් බව කියන ඖෂධ සහ මිල ගණන් වාර්තාවක් ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය.

ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකීම ගැන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඒ මහතා වැඩි දුරටත් කීවේ රජයට අවශ්‍ය දත්ත කිසිවක් මැකී නැති බව යි.

මෙම දත්ත මැකීමට වගකිව යුත්තන් තවමත් සොයාගෙන නැති අතර එම කරුණු හෙළි කර ගැනීමට තවමත් පරීක්ෂණ පවත්වන බව ඇමතිවරයා ප්‍රකශ කළේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *