“පාර්ලිමේන්තුවෙන් පිටත සිට වැඩකිරීමට සූදානම් වන්න’’ – රනිල් පක්ෂ ජ්‍යෙෂ්ඨයන්ට කියයි

 

පාර්ලිමේන්තුවෙන් පිටත සිට වුව ද සැලසුම් සහගත වැඩකොටසක් කිරීම සඳහා සූදානම් වන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නිලධාරී මණ්ඩලය ඇතුළු ජ්‍යෙෂ්ඨයන් හමුවේ පැවසීය.

පාර්ලිමේන්තුවෙන් පිටත සිට රටේ බලය ඇල්ලීමේ වැඩපිළිවෙළ මුලින් හඳුන්වා දුන්නේ ලංකාවේ පළමු විධායක ජනාධිපති ජේ.ආර් ජයවර්ධන මහතා බව පැවසූ වික්‍රමසිංහ මහතා එදා එම සැලසුම ඉතා සාර්ථකත්වයට පත් වූ බව ද සඳහන් කළේය.

වර්තමානයේ මුළු පාර්ලිමේන්තුවම ජනතාවට එපා වී තිබෙන බව කී වික්‍රමසිංහ මහතා එම තත්ත්වය යටතේ ජනතාවට අවශ්‍ය විකල්පය බවට පත් වන්නේ කෙසේදැයි සිතා ඒ වෙනුවෙන් වැඩ කළ යුතු බවද සඳහන් කළේය.

එක්සත් ජාතික පක්ෂ 75 වන සංවත්සරයට සමගාමීව පැවැත්වෙන සූම් තාක්ෂණ සාකච්ඡාවකදී රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේය.

අංජුල මහික වීරරත්න

ලංකාදීප

Leave a Reply

Your email address will not be published. Required fields are marked *