කර්තෘ අඥාත බාර් ඇරිල්ල – අනුර කේ එදිරිසූරිය 

දින තුනක් තිස්සේ මත්පැන් හල් හෙවත් ” බාර් ” විවෘතව පවතී . විමතියට කරුණ සුරාසල්  ඇරිල්ලට නියෝගය දුන් කෙනෙක් සොයාගත නොහැකි වීමය.රජයේ වෛද්‍ය නිලධාරියකු කියන ආකාරයට බාර් ඇරිල්ල ජනාධිපතිවරයා දන්නේ නැත. අගමැතිවරයාද දන්නේ නැත. මුදල් ඇමැතිවරයා දන්වාද නොදන්නවාද යනවගක් හෙතෙම කීවේද නැත. සුරාබදු ⁣දෙපාර්තමේන්තුව අයත් වන්නේනම් මුදල් අමාත්‍යංශයටය.  ජනාධිපතිවරයා සහ අගමැතිවරයා රටෙන් පිටව සිටින විට වගකීම් දරන්නේ කවුද යන පැනයට ඇමැතිවරයකු පිළිතුරු දුන්නේ, ” මුදල් ඇමැතිවරයා සහ කැබිනට්ටුව” යනුවෙනි.ඒ අනුව බාර් ඇරීමද මුදල් ඇමැතිවරයා සහ කැබිනට්ටුව ගත් තීරණයක් වන්නටද  පුළුවන. නමුත් මුදල් ඇමැති හෝ කැබිනට්ටුව හෝ මෙතෙක් වගකීම බාරගෙන නැත.කෙසේ වුව බාර් ඇරීම සංවිධානාත්මකව සිදුවුණු  කටයුත්තක් බවනම් පැහැදිලිය. එසේ නැතිනම් රට පුරා මත්පැන් හල් එකවර විවෘත වන්නට හැකියාවක් නැත. පොලිස් නිලධාරින් පවා බාර් වසන්නට පියවර ගත්තේ නැත. ඒ වෙනුවට ඔවුන් මත්පැන් පෝළිම් ක්‍රමානුකූල ලෙස සකසන්නට උත්සුක වනු පෙනුණි.

කෙසේ වුව බාර් ඇරීම සංවිධානාත්මකව සිදුවුණු  කටයුත්තක් බවනම් පැහැදිලිය. එසේ නැතිනම් රට පුරා මත්පැන් හල් එකවර විවෘත වන්නට හැකියාවක් නැත. පොලිස් නිලධාරින් පවා බාර් වසන්නට පියවර ගත්තේ නැත. ඒ වෙනුවට ඔවුන් මත්පැන් පෝළිම් ක්‍රමානුකූල ලෙස සකසන්නට උත්සුක වනු පෙනුණි.

සුරා සල් වසා තැබීමෙන් රජයට දිනකට විශාල පාඩුවක් සිදුවන බව  එක් ඇමැතිවරයකු කීය.එකී අලාභය පියවා ගැනීමට සුරා සල් විවෘත කළ බව ඒ අනුව උපකල්පනය කරන්නට පුළුවන. නමුත් ආණ්ඩුව ඒබව කියන්නේ නැත. රාජ්‍ය ඇමැති චන්න ජයසුමන සුරාසල් විවෘත කිරීමට එකඟ නැත. නමුත් වචනයෙන් හැර ක්‍රියාවෙන් ඊට ඔහුගේ විරෝධයක් නැත. ජීවන වියදම ඉහළබව කියන නමුත්  සුරාසල් අසල පෝළිම් දුටුවිට එවැන්නක් නොපෙනෙන බව නාමල් රාජපක්ෂ ඇමැතිවරයා කීය. රුපියල් දෙදහසේ දීමනාව නොලැබීමගැන ඇතමුන් විරෝධය පාන නමුත් සුරා පෝළිම අනුව ජනතාවට එවැනි අපහසුතාවක් ඇතැයි නොපෙනෙනබව ඔහු වැඩිදුරටත් කීය. සුරාසල් වසාතැබීම නිසා නීතිවිරෝධී  මත්පැන් එනම් කසිප්පු සහ වෙනත් මත්ද්‍රව්‍ය  ව්‍යාප්ත වන බැවින් සුරාසල් විවෘත කිරීම වරදක් නොවනබව එක් ඇමැත්තකුගේ අදහසය. ඔහුගේ ඒ මතය සීයට සීයක්ම නිවැරදිය. මන්ද, සුරාසල් විවෘතව පැවැති, කොරෝනා නොතිබුණු සමයේ මෙරට හොරසුරා, ගංජා , මත්ද්‍රව්‍ය නොතිබුණුබව සැවොම දන්නා බැවිනි.

මත්පැන් පෝළිම් නිසා කොරෝනා ව්‍යාප්ත වන්නේයැයි ඇතමෙක් කියති. රට ලොක්ඩවුන් යැයි කියන නමුත් සතොස සමූපකාර ලොක්ඩවුන් නැත. ඒවා අසල සීනි පෝළිම් , පරිප්පු පෝළිම්,  සහල් පෝළිම් තිබේ. අරක්කු පෝළිමෙන් කොරෝනා පැතිරේයැයි කියන අය කියන්නේ සතොස පෝළිම් නිසා කොරෝනා නොපැතිරෙන බවද?

මත්පැන් පෝළිම් නිසා කොරෝනා ව්‍යාප්ත වන්නේයැයි ඇතමෙක් කියති. රට ලොක්ඩවුන් යැයි කියන නමුත් සතොස සමූපකාර ලොක්ඩවුන් නැත. ඒවා අසල සීනි පෝළිම් , පරිප්පු පෝළිම්,  සහල් පෝළිම් තිබේ. අරක්කු පෝළිමෙන් කොරෝනා පැතිරේයැයි කියන අය කියන්නේ සතොස පෝළිම් නිසා කොරෝනා නොපැතිරෙන බවද? 

ආණ්ඩුව සිතන්නේ වෙනත් ආකාරයකටය. ඒ සිතන ආකාරය අනුව සතොසෙන් සමුපකාරයෙන් , මත්පැන් හලෙන් කොරෝනා ⁣පැතිරෙන්නේ නැත. නමුත් ගමේ වෙළෙඳ සල , නගරයේ සිල්ලර කඩය, සුපිරි වෙළෙඳ සල, ස්වයංරැකියා වෙළෙඳ සල ආදියෙන් ⁣වයිරසය ව්‍යාප්තවේ.  ගමේ වෙළෙඳ සල,නගරයේ සිල්ලර කඩය, සුපිරි වෙළෙඳ සල  වසා තබන්නට නියෝගකළ ආණ්ඩුව සතොස, සමූපකාර, සහ සුරාසල් විවෘත කරන්නේ ඒ නිසාය.

බාර් විවෘත කරද්දී අනෙකුත් වෙළෙඳ සල් වසාතැබීමට විරෝධය දැක්වූ ස්වයං රැකියා ලෙස වෙළෙඳාම් කරන පිරිසකට පොලිස් විරෝධය එල්ලවන අයුරු දක්නට ලැබිණ. පිරිසට නායකත්වය දුන් දෙදෙනකුද අත්අඩංගුවට ගැනිණ . මත්පැන් පෝළිම් සකස්කළ පොලීසියම එසේ හැසිරීම ගැන පුදුම විය යුතු නැත.පොලීසියේ හැසිරීම කවදත් එසේය. උද්ඝෝෂණ කළ ගුරුවරුන් අත්අඩංගුවට ගන්නා අතර බැසිලාගමනය වෙනුවෙන් උත්සව පැවැත්වූ පාක්ෂිකයන්ට ආරක්ෂාව සැපයූවේද මේ පොලීසියමය. මත්පැන් පාරි⁣භෝගිකයන්ට පහසුකම් සලසන අතර ස්වයං රැකියා වෙළෙඳුන්  අත්අඩංගුවට ගත්තේ, මත්පැන් නිසා මෙන් නොව සිල්ලර බඩු ආදිය නිසා රෝගය ව්‍යාප්ත වන බැවින් ස්වයංරැකියා කරන්නන් අත්අඩංගුවට ගන්නා ලෙස පොලීසියට උපදෙස් දී තිබුණු නිසා   වන්නටද  පුළුවන .

මත්පැන් පාරි⁣භෝගිකයන්ට පහසුකම් සලසන අතර ස්වයං රැකියා වෙළෙඳුන්  අත්අඩංගුවට ගත්තේ, මත්පැන් නිසා මෙන් නොව සිල්ලර බඩු ආදිය නිසා රෝගය ව්‍යාප්ත වන බැවින් ස්වයංරැකියා කරන්නන් අත්අඩංගුවට ගන්නා ලෙස පොලීසියට උපදෙස් දී තිබුණු නිසා   වන්නටද  පුළුවන . 

සියල්ල එසේ තිබියදී , සුරාසල් විවෘත වූ ආකාරය හේතුවෙන් මතුවන බරපතළ ගැටලුවක් තිබේ. එනම් ජනාධිපතිවරයාත් ⁣ අගමැතිවරයාත් නොදැන රටට බලපාන තීන්දු ගන්නා තැනැත්තකු හෝ පිරිසක් ඉන්නා බවයි.එය බරපතළ තත්ත්වයකි.මෛත්‍රීපාල සිරිසේන පාලන සමයේද එවැනි තත්ත්වයක් පැවතුණි. රටේ සිදුවන ඇතැම් දේ ජනාධිපතිවරයා දැනගත්තේ පුවත් පත් වලින්බව එකල කියැවිණ. සුරාසල් විවෘතය වත්මන් ජනාධිපතිට සහ අගමැතිට පුවත්පත් මඟින්වත් දැනගන්නට ලැබී නැතිවා වන්නට පුළුවන. ඒ සම්බන්ධයෙන් ඒ⁣ දෙදනා මෙතෙක් ප්‍රකාශයක් කර නොමැති බැවින් සහ පියවරක් ගෙන නැති බැවිනි. රජයේ අනුදැනුමකින් තොරව සුරාසල් විවෘත වූයේ නම් වරද කළ පුද්ගලයන්ට විරුද්ධව වහා පියවර ගත යුතුය. එහෙත් ඒගැන පියවරක් ගන්නාබවක් හෝ නීතිය ක්‍රියාත්මක වන බවක් මේ වන තුරු පෙනෙන්නට නැත. මෙරට මත්පැන් ව්‍යාපාරයේ නියුත්තන් ආණ්ඩුවේම මැති ඇමැතින් බව එයට හේතු වශයෙන් ඇතැමුන් කියති.

වත්මන් ආණ්ඩුව බලයට පත්වූයේ ” එක රටක් එක නීතියක්” කියමිනි. එහෙත් එය එසේ නොවන බව සුරාසල් විවෘතයෙන් නැවත වතාවක් පැහැදිලි වී තිබේ. සිල්ලර කඩයට එක නීතියකි;  සුරාසලට තවත් නීතියකි.   සුරා බොන්නන්ට එක නීතියකි; උද්ඝෝෂකයනට තවත් නීතියකි.

අනුර කේ එදිරිසූරිය

 

 

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *