රාජ්‍ය සේවය :  දෙකට නැමෙන්නන්ට පමණයි! –  අනුර සූරියබණ්ඩාර

ගෙවුණු දින කිහිපයේ ඉල්ලා අස්වීම් කිහිපයක්ම සිදුවිය. ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් ඉෂිණි වික්‍රමසිංහ  එසේ ඉල්ලා අස්වූ අය අතරින් කෙනෙකි. ඉෂිණි වික්‍රමසිංහ මහත්මියගේ ඉල්ලා අස්වීමට බලපෑ හේතුව වශයෙන් සඳහන් වූයේ , රජය බාරයේ රඳවා සිටි අලි ඇතුන් පිරිසක් ඔවුන්ගේ මුල් හිමිකරුවන් යැයි කියැවෙන පිරිසකට නැවත බාරදීමට ගත් පියවරය. අලි ඇතුන් ඇතුළු වන සතුන් යනු රජය සතු දේපොළය. එහෙයින්ම වන සතුනට හිමිකරුවන්ද සිටිය නොහැකි බව පිළිගැනේ. කළ හැකි වන්නේ, රජයේ අවසරය එනම් බලපත්‍ර මත අලි ඇතුන් තම භාරයේ තබා ගැනීමය.

එසේ අලි ඇතුන් තබා ගැනීම නීත්‍යානුකූල අවසරයකින් තොරව කළ නොහැකිය. පසුගිය සමයේ එසේ නීත්‍යානුකූල නොවන ආකාරයෙන් පුද්ගලයන් විසින් රඳවාගෙන සිටි අලි ඇතුන් පිරිසක් අත්අඩංගුවට ගෙන උසාවි ⁣නියෝග අනුව පින්නවල අලි අනාථාගාරය වැනි ස්ථාන කිහිපයක රජය බාරයේ රඳවා තබා තිබුණි. එකී අලි ඇතුන් සම්බන්ධ නඩු කටයුතු තවමත් අවසන්ව නොමැති බවද පැවසේ . ඒ අනුව එකී අලි ඇතුන් සැලකෙන්නේ නඩු භාණ්ඩ වශයෙනි. මේ ආකාරයට නඩු භාණ්ඩ නිදහස් කිරීමක් ඉතිහාසයේ කවර දාවත් සිදුවී ඇත්තේද යනු සැකයකි.ඉෂිණි වික්‍රමසිංහ මහත්මියගේ ඉල්ලා අස්වීමෙන් පැහැදිලි වන්නේ එකී අලි ඇතුන් නිදහස් කිරීම  නීතිගරුක පුරවැසියනට සහ නීතිගරුක රාජ්‍ය නිලධාරින්ට එකඟ විය නොහැකි කටයුත්තක් වන බවය. එනම් වත්මන් ආණ්ඩුව නීතිය ඉක්මවා , නීතිය නොතකා කටයුතු කරමින් සිටින්නේය යන්නය.

 අලි ඇතුන් සම්බන්ධ නඩු කටයුතු තවමත් අවසන්ව නොමැති බවද පැවසේ . ඒ අනුව එකී අලි ඇතුන් සැලකෙන්නේ නඩු භාණ්ඩ වශයෙනි. මේ ආකාරයට නඩු භාණ්ඩ නිදහස් කිරීමක් ඉතිහාසයේ කවර දාවත් සිදුවී ඇත්තේද යනු සැකයකි.ඉෂිණි වික්‍රමසිංහ මහත්මියගේ ඉල්ලා අස්වීමෙන් පැහැදිලි වන්නේ එකී අලි ඇතුන් නිදහස් කිරීම  නීතිගරුක පුරවැසියනට සහ නීතිගරුක රාජ්‍ය නිලධාරින්ට එකඟ විය නොහැකි කටයුත්තක් වන බවය.

කොවිඩ් මර්දන ක්‍රියාවලියෙන් විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම ඇතුළු පිරිස කොවිඩ් මර්දන කටයුතුවලින්  ඉවත්වීමට හේතුව වශයෙන් සඳහන්  වූයේ විද්වත් මඬුල්ලේ උපදෙස් නොතකා විද්‍යාත්මක නොවන ආකාරයට කොවිඩ් මර්දන කටයුතු සිදුවෙමින් පවතින්නේය යන්නය. එකී තත්ත්වය තුළ අනාගතයේ සිදුවිය හැකි විනාශයක තමන්ට වගකීම බාර ගැනීමට නොහැකිය යන්න කොවිඩ් කමිටුවෙන් ඉවත්වූ විද්වතුන්ගේ අදහසය.

වී අලෙවි මණ්ඩලයේ සභාපති ජිටාල් මාන්නප්පෙරුම මහතාද සිය ධූරයෙන් ඉල්ලා අස්විය. වසර තුනක කාලයක් සඳහා 2019 වසරේදී එම ධූරයට පත්කරන්නට යෙදුණු මාන්නප්පෙරුම මහතා පවසන්නේ තමා ඉල්ලා අස්වන්නේ පෞද්ගලික හේතුවක් නිසාය යන්නය. නමුත් , ඔහුගේ ඉල්ලා අස්වීම සිදුවන්නේ, වී මෝල් , වී ගබඩාවලට රජයේ නිලධාරින් කඩාපනිමින් මෙරට වී මිලදී ගැනීමත් වී අලෙවියත් බරපතළ ප්‍රශ්නකාරී තැනකට පත්ව ඇති අවස්ථාවකය.

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති මහාචාර්ය ඩබ්ලිව් ඩී ලක්ෂ්මන් මහතාද ඉල්ලා අස්වූ රාජ්‍ය නිලධාරින් අතරින් කෙනෙකි. ඉල්ලා අස්වීම ඉදිරිපත් කරමින් මහාචාර්ය ලක්ෂ්මන් මහතා පැවසු කරුණුවලින් ඔහු ඉල්ලා අස්වන්නේ කලකිරීම නිසා බව පැවසිණ.මෙයට පෙරද අමාත්‍යංශ ලේකම්වරු ඇතුළු රාජ්‍ය නිලධාරින්  කිහිප දෙනෙක්ද ඉල්ලා අස්වූහ. අදාළ ඇමැතිවරුන් සමඟ කටයුතු කිරීමේදී මතුවන විවිධ හැලහැප්පීම් එකී ඉල්ලා අස්වීම් පිටුපස තිබුණුබව පැවසිණ.

ඉහත කරුණු අනුව යහපත් රාජ්‍ය නිලධාරින්ට වත්මන් ආණ්ඩුව සමඟ කටයුතු කරන්නට නොහැකි තත්ත්වයක් ගොඩනැඟී ඇතිබව පෙනෙන්නට තිබේ.

ඉහත කරුණු අනුව යහපත් රාජ්‍ය නිලධාරින්ට වත්මන් ආණ්ඩුව සමඟ කටයුතු කරන්නට නොහැකි තත්ත්වයක් ගොඩනැඟී ඇතිබව පෙනෙන්නට තිබේ.

වත්මන් ආණ්ඩුව බලයට පැමිණියේ රාජ්‍ය සේවකයනට ස්වාධීනව රාජකාරි කරන්නට ඉඩදෙනබව සහ යහපාලනය යටතේ රාජ්‍ය සේවකයන්ට ස්වාධීනව කටයුතු කරන්නට නිදහස නොතිබුණුබව කියමිනි.එහෙත් මේ වන විට රාජ්‍ය සේවකයාගේ නිදහස අහිමිව ඇතිබවට ඉහත ඉල්ලා අස්වීම් විසින් තහවුරු කෙරේ.

පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර පසුගිය දා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් කීවේ,තමා සංවර්ධන කමිටුවෙන් ඉල්ලා අස්වන්නට තීරණය කළ බවයි. හේතුව තම පක්ෂයේම ඇමැතිවරයකුගේ ක්‍රියා පටිපාටියයි. අදාළ දේශපාලකයා පොලිසිය බාර ඇමැතිවරයා සමඟ එක්වී තම ප්‍රදේශයේ  පොලීසියට බලපෑම් කරන බවත් තමාට මරණ තර්ජන පවා ඇතිවිය හැකි බවත් ජගත් කුමාර මන්ත්‍රීවරයා පවසනු පෙනිණ. ඉහත කරුණු අනුව පෙනෙන්නේ,  මේවනවිට පොලීසියේ ස්වාධීනත්වයද අභියෝගයට ලක්ව ඇති බවයි. ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයකුම තමන්ට ජීවිත තර්ජන ඇතිබව කියන්නේනම් සාමාන්‍ය ජනතාව සම්බන්ධව කිය හැක්කේ කුමක්ද?

බන්ධනාගාර කඩාපැන රැඳවියන් දණගස්වා හිසට පිස්තෝල එල්ල කළ රාජ්‍ය ඇමැතියකුගැනද කියැවේ. සිද්ධිය පිළිබඳ පරීක්ෂණයට සහයට රාජ්‍ය ඇමැති ධුරයෙන් ඉත්වනබව කීවද ඔහු ඉල්ලා අස්වී ඇත්තේ, රාජ්‍ය ඇමැති තනතුරු අඩකින් පමණි. ඊට හේතු වශයෙන් ඔහු කියන්නේ තමාට බන්ධනාගාරය තුළ මිස අනෙක් ආයතනය තුළ ගැටලුවක් නැතිබවය.එයද නරක නැත ; එක රාජ්‍ය ඇමැතිකමක් නැතත් අනෙක තිබේ. ඒ ආයතනයේ කාට හෝ පිස්තෝල පෙන්වා අවශ්‍යනම් අනෙක් රාජ්‍ය ඇමැතිකමේ රැඳී ඉන්නටද පුළුවන.

බන්ධනාගාර රැඳැවියන්ට පිස්තෝල එල්ලවන්නේ මානව හිමිකම් සමුළුව පැවැත්වෙන අතර සහ මෙරට මානව හිමිකම් සම්බන්ධව මානව හිමිකම් සමුළුවේ බරපතළ සංවාදයක් පවතින අවස්ථාවකය.මෙරට මානව හිමිකම් සහ නීතිය පිළිබඳ පාලක පක්ෂය ගරුකරන තරම ඒ අනුව පැහැදිලිය.එසේම ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආණ්ඩුවේ සාමාජිකයන් සිතන සිල්ලර ආකාරයද එමඟින් ගම්‍යමාන වේ. තත්ත්වය වඩාත් බරපතළ වන්නේ අදාළ රාජ්‍ය ඇමැතිවරයා සම්බන්ධව නීතිය සහ පරීක්ෂණ ක්‍රියාත්මක වන්නේ මන්දගාමීව බව පෙනෙන නිසාය.

බන්ධනාගාර රැඳැවියන්ට පිස්තෝල එල්ලවන්නේ මානව හිමිකම් සමුළුව පැවැත්වෙන අතර සහ මෙරට මානව හිමිකම් සම්බන්ධව මානව හිමිකම් සමුළුවේ බරපතළ සංවාදයක් පවතින අවස්ථාවකය.මෙරට මානව හිමිකම් සහ නීතිය පිළිබඳ පාලක පක්ෂය ගරුකරන තරම ඒ අනුව පැහැදිලිය.එසේම ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආණ්ඩුවේ සාමාජිකයන් සිතන සිල්ලර ආකාරයද එමඟින් ගම්‍යමාන වේ

මෑත කාලයේ සිදුවූ තවත් ඉල්ලා අස්වීමක් වන්නේ අජිත් නිවාඩ් කබ්රාල් මහතා පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වීමයි. ඒ , මහාචාර්ය ලක්ෂ්මන් මහතාගෙන් හිස්වූ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ධූරය බාරගැනීම සඳහාය.කබ්රාල් මහතා යනු පසුගිය රාජපක්ෂ පාලන සමයේ සිටි මහ බැංකු අධිපතිවරයාබව කවුරුත් දනිති. එසේම ඔහු එකී සමයේ , ග්‍රීක බැඳුම්කර, හෙජින් ගන්දෙනුව ,බැඳුම්කර සිද්ධි,  මහ බැංකු දත්ත ආණ්ඩුවට වසිදායක ලෙස වෙනස් කිරීම ආදි චෝදනා රැසක⁣ට ලක්වූ අයෙකි. මෙරට බැඳුම්කර සම්බන්ධ වෝහාරික විගණනයේද ඔහුට චෝදනා එල්ලවී තිබේ. ඒ අනුව කබ්රාල් මහතා පත්කිරීම සහ අලි ඇතුන් නිදහස් කිරීම අතර වැඩි වෙනසක් ඇත්තේ නැත.දෙකම ෂෝට්කට් වලින් නීතිය මඟහැර යාම්ය. කබ්රාල් මහතාගේ පත්වීම තවත් ආකාරයකින් ගැටලුසහගතය එනම් , දේශපාලනඥයකු මහ බැංකු අධිපති ධූරයට පත්කිරීමය.එය පැහැදිලි ලෙසම මහ බැංකුවේ ස්වාධීනත්වය ගැටලුසහගත තැනකට පත්කිරීමකි.

මේ ලියන මොහොතවන විට ලැබෙන ආරංචි නිවැරදිනම් පාරිභෝගික අධිකාරියේ විධායක අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධන මහතාද ඉල්ලා අස්වීමට සූදානමින් පසුවේ. හේතුව වශයෙන් සඳහන් වන්නේ දිගින් දිගටම එල්ලවන බලපෑම්ය. මේ අනුව පෙනෙන්නේ, රාජ්‍ය සේවය මේ වන විට දෙන දෙයක් කා වෙන දෙයක් බලාගෙන ඉන්නා තැනැත්තන්ටත් කබ්රාල් පන්නයේ කූට නිලධාරින්ටත් හැර ස්වාධීන ,  නීතිගරුක නිලධාරින්ට රැඳිය නොහැකි තැනක් බවට වේගයෙන් පත්වෙමින් ඇති බවය.එය නිසැකවම හැටනම ලක්ෂයෙන් වැඩි කොටසගේ බලාපොරොත්තු සුන්කර දැමීමකි.

       අනුර සූරියබණ්ඩාර

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *