රාජ්‍ය ඇමති ධුරයෙන් ලොහාන්ගේ අස්වීම ගැන ජනාධිපති මාධ්‍ය අංශය බොරු කියලා !

බන්ධනාගාර කළමනාකරණ සහ සිරකරු පුනරුත්තාපන රාජ්‍ය ඇමති ධුරයෙන් ලොහාන් රත්වත්තේ මහතා ඉල්ලා අස්වීම ගැන ජනාධිපති මාධ්‍ය අංශය, මාධ්‍ය වෙත බොරු තොරතුරු සපයා ඇති බව හෙළිදරව් වෙයි. මෙම තොරතුරු හෙළි වන්නේ රත්වත්තේ මහතා මාධ්‍යයට කළ ප්‍රකාශ මගිනි.

ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළේ ලොහාන් රත්වත්තේ මහතා තමන් අතින් සිදු වූ වරද පිළිගෙන සිය ඉල්ලා අස්වීම භාරදුන් බව යි.

කෙසේ වෙතත්, ලොහාන් රත්වත්තේ මහතා මාධ්‍යයට ප්‍රකාශ කළේ තමන්ට එල්ල වන සියලු චෝදනා බොරු බව යි. බීමත්ව බන්ධනාගාරවලට ඇතුළු වීම, බන්ධනාගාර තුළට ගිනි අවි රැගෙන යෑම, සිරකරුවන්ට තර්ජනය කිරීම ආදී කිසිවක් තමන් නොකළ බවත්, ඒ සියල්ල බොරු චෝදනා බවත් ලොහාන් රත්වත්තේ මහතා කියයි. එවැනි දේ කිරීමට තමන් මෝඩයෙකු නොවන බව ද ඒ මහතා කියයි.

රාජ්‍ය ඇමැතිකමින් අස් නොවී බන්ධනාගාර විෂයයෙන් පමණක් අස් වී රාජ්‍ය ඇමති ධුරය ද රැක ගැනීමෙන් ඒ මහතා මෝඩයකු නොවන බව තව දුරටත් ඔප්පු කොට ඇත.

ඒ අනුව ලොහාන් රත්වත්තේ මහතා තම වරද පිළිගෙන ඉල්ලා අස් වූ බවට ජනාධිපති මාධ්‍ය අංශය කළ ප්‍රකාශය බොරුවක් බව පැහැදිලි ය. වරද පිළිගන්නට ඒ මහතා කිසිදු වරදක් සිදු කොට නැත.

ඒ අනුව ඒ මහතාගේ ඉල්ලා අස්වීම ද අත් වැරදීමක් විය හැකි ය.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *