සමස්ත ආසාදිත සංඛ්‍යාව ලක්ෂ පහ ඉක්මවයි

අද රජය නිල වශයෙන් වාර්තා කොට ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 121 කි.

ඒ අනුව මෙරටින් වාර්තා කොට ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 11,938 ක් දක්වා ඉහළ ගොස් ඇත.

මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව අද ලක්ෂ පහ ඉක්මවා ගියේ ය.

අද දිනයේ වාර්තා වූ නව ආසාදිතයින් 2,070 ක් සමග සමස්ත ආසාදිත සංඛ්‍යාව වාර්තා වී ඇත්තේ 500,772 ක් වශයෙනි.

මේ අතර ඔක්තෝබර් 01 දා දක්වා රට වසා  තැබීමට රජය අද තීරණය කළේ ය. කෙසේ වෙතත්, මුදල් අමාත්‍යංශයේ උපදෙස් මත අද සිට මත්පැන් අලෙවි සල් විවෘත කොට ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *