ජනාධිපති රට ගොස් එන තෙක් ඇඳිරි නීතිය දීර්ඝ කරයි !

දැනට රටේ ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරි නීතිය ඔක්තෝබර් මස පළමුවන සිකුරාදා පෙරවරු 4.00 දක්වා දින දහයකින් දීර්ඝ කොට තිබේ.

මීට පෙර සතියෙන් සතිය දීර්ඝ කළ ඇඳිරි නීතිය මෙවර එකවර දින දහයකින් දීර්ඝ කිරීමට තීරණය කොට ඇත.

ජනාධිපතිවරයාගේ ඇමෙරිකානු සංචාරය නිසා මෙම දීර්ඝ කිරීම සිදුව ඇතැයි නිරීක්ෂකයෝ කියති.

21 වැනි දා සිය ඇමෙරිකානු සංචාරය ආරම්භ කරන ජනාධිපතිවරයාට  සාමාන්‍යයෙන් සිකුරාදා පැවැත්වෙන කොවිඩ් කාර්ය සාධක කමිටුවට සහභාගී වීමට ලබන සතියේ නොහැකි වනු ඇත. එබැවින් ලබන සතියේ එම රැස්වීම නොපැවැත්වෙනු ඇති බවත්, එබැවින් ඊළඟ සතියේ සිකුරාදා දක්වා ඇඳිරි නීතිය දිගු කොට ඇති බවත්, නිරීක්ෂකයෝ කියති.

තවත් පිරිසක් කියන්නේ ජනතාව රට වසන්න කී නිසා ජනතාවට එපා වනතෙක් රට වසන්න ආණ්ඩුව අධිටන් කරගෙන සිටින බව යි.

එමෙන් ම ආණ්ඩුව රට වසා ඇති බව නිවේදනය කළ ද මහජනයාගේ සංචරණ සීමා කිරෙඅමට කිසිදු පියවරක් නොගන්න බවට ද චෝදනා නැගී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *