දැන් තියෙන්නේ සීතාම්බර පටල පැළඳ ඉන්නා බවට පාරම් බෑම ය – නිශාන්ත කමලදාස


 

ලොහාන් රත්වත්තේ රාජ්‍ය ඇමති තුමා වැලිකඩ බන්ධනාගාරයට මත් පැන් පානය කොට පිස්තෝලයක් ද වනමින් බලහත්කාරයෙන් ඇතුළු වී “යකා නැටූ” බවට පුවත් පත් වල තොරතුරු පළ විය. ඊට පසු දින ඔහු අනුරාධපුර බන්ධනාගාරයට ද කඩා වදිමින් පිස්තෝලයක් පෙන්වා සිරකරුවන් කීප දෙනෙකුට තර්ජනය කළ බවත් ආරංචි පළ විය. ඔහු වෙන කෙනෙකු නොවී බන්ධනාගාර රාජ්‍ය ඇමතිවරයා වීම ද සිද්ධිය තවදුරටත් ආන්දෝලානාත්මක කිරීමට හේතුවක් විය. ජන කතා කාරයා ඔවැනි දේ හැඳින්වූයේ වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසමි ඒ අමාරුව කියා ය.

දේශපාලනඥයන්ගේ පුතුන්ගේ හැසිරීම බොහෝ තැන්වල අපට සිහිපත් කළේ වළං කඩේට පැන්න ගොනා ගේ හැසිරීම ය. ඒ තාත්තලාගේ බලතල අර ගෙන ය. එහෙත් මොහු තවදුරටත් එවැනි පුතෙකු ගණයේ ලා සැලකිය නොහැක්කේ පියා මියගොස් තිබීම නිසා පමණක් නොවේ. කීපවරක් ම මැති සබයට පත් ව ආ නිසා ය.

උඩතලවින්නේ දස දෙනෙකු මරා දැමීම සම්බන්ධයෙන් ඔහු චෝදනා ලැබ සිටියේ ය. එහෙත් ඔහු පසු ව ඉන් නිදහස් විය. ඒ ගැන තවදුරටත් ඔහු වෙත අපට ඇඟිල්ල දික් කරන්නට ඒ නිසා බැරි ය.

දැන් මේ සිද්ධියේ දී ද වුව තව සුළු පමාවකින් ඔහු නිදොස් කළ හැකි ව තිබුණේ ය. ඒ එවන් හැසිරීමක් පිළිබඳව වාර්ථා වී නැතැයි බන්ධනාගාර ප්‍රකාෂක පමණක් නොව බන්ධනාගාර අධිපති තුමා ද ප්‍රකාශ කළ නිසා ය.

මේ සිද්ධියේ දී ද වුව තව සුළු පමාවකින් ඔහු නිදොස් කළ හැකි ව තිබුණේ ය. ඒ එවන් හැසිරීමක් පිළිබඳව වාර්ථා වී නැතැයි බන්ධනාගාර ප්‍රකාෂක පමණක් නොව බන්ධනාගාර අධිපති තුමා ද ප්‍රකාශ කළ නිසා ය.

අප ඔවුන් විසින් පාවිච්චි කරන ලද වචන පරිස්සමින් හැදෑරිය යුතු ය. එවන් හැසිරීමක් සිදු වී නැතැයි ඒ දෙපොලම කීවේ නැත. කීවේ එවන් හැසිරීමක් වාර්ථා වී නොමැති බව ය.

බන්ධනාගාර නිලධාරීන්ට වාර්ථා නොවුන ද එය ඒ වනවිට ජීනිවා හි මුළු දී තිබූ මානව හිමිකම් සැසි වාරයට නම් වාර්ථා වී තිබුනේ ය. ඉතාලියේ සංචාරයක යෙදී සිටි අගමැති තුමාට පවා වාර්ථා වී තිබුනු බවට ද ඒ නිසා ම රාජ්‍ය ඇමතිතුමාට පදවිය අත්හරින්නට සිදු වූ බව ද අපි දනිමු.

බන්ධනාගාර නිලධාරීන්ට වාර්ථා නොවුන ද එය ඒ වනවිට ජීනිවා හි මුළු දී තිබූ මානව හිමිකම් සැසි වාරයට නම් වාර්ථා වී තිබුනේ ය. ඉතාලියේ සංචාරයක යෙදී සිටි අගමැති තුමාට පවා වාර්ථා වී තිබුනු බවට ද ඒ නිසා ම රාජ්‍ය ඇමතිතුමාට පදවිය අත්හරින්නට සිදු වූ බව ද අපි දනිමු.

බන්ධනාගාරයට එහෙම හැසිරීමක් පිළිබඳව වාර්ථා වී නැති තත්වයක් යටතේ පවා රාජ්‍ය ඇමතිතුමාට තම නිලයෙන් සමු ගැනීමට සිදු වීම එක් අතකට අවාසනාවන්ත ය.

සමහරු කීවේ වගකීම තමන් බාර ගෙන අස් වූ ප්‍රථම ඇමතිවරයා හැටියට ඔහු වාර්ථාවක් තබනු ඇති බව ය. එහෙත් ඇත්ත නම් ඔහුට වගකීම බාර ගැනීමට තරම් දෙයක් එතැන සිදු වී නැති බව ය. බන්ධනාගාර නිලධාරීන් අතින් සිදු වූ අතපසු වීමක් බාර ගෙන ඔහු ඉල්ලා අස් වූවා නම් ඒ ගෞරවයට ඔහුට සුදුසුකම් ලබන්නට තිබුණු නමුත් තමන් ම කරන ලද වැරැද්දක් සම්බන්ධයෙන් වගකීම බාර ගන්නට දෙයක් තිබුනේ නැත. වගකීම බාර ගත්තේ නම් කරන්නට තිබුනේ පොලීසියට ගොස් පාපෝච්චාරණයක් කර තමන්  කරන ලද වැරැද්ද සම්බන්ධයෙන් නීතිය අනුව කටයුතු කරන ලෙස ඉල්ලා සිටීම ය. එහෙම ඉල්ලා සිටිය බවක් තවම වාර්ථා වන්නේ නැත. ඉදිරියට වාර්ථා වේ යැයි සිතන්නට ද බැරි ය.

මෙයින් සිදු වූ අනෙක් කරුණ නම් බන්ධනාගාර ප්‍රකාශක ද බන්ධනාගාර බාර අධිපති තුමා ද හෑල්ලු වීම ය. තමන්ගේ වපසරියේ සිදු වන දේ ගැන අබමල් රේණුවක අවබෝධයක් නැති වීමේ විපාක නිසා ඔවුන්ට නම් දැන් සිදු වන්නේ තනතුරු වලින් ඉල්ලා අස්වන්නට ය. එසේ තමන්ගේ වගකීම බාර ගෙන අස් වූ මුල් ම රාජය නිලධාරීන් ලෙස ඔවුන්ට නම් වාර්ථාවක් තැබිය හැකි ය. එහෙත් එහෙම දෙයක් වුනේ නැත. වෙන එකක් ද නැත.

මෙයින් සිදු වූ අනෙක් කරුණ නම් බන්ධනාගාර ප්‍රකාශක ද බන්ධනාගාර බාර අධිපති තුමා ද හෑල්ලු වීම ය. තමන්ගේ වපසරියේ සිදු වන දේ ගැන අබමල් රේණුවක අවබෝධයක් නැති වීමේ විපාක නිසා ඔවුන්ට නම් දැන් සිදු වන්නේ තනතුරු වලින් ඉල්ලා අස්වන්නට ය. එසේ තමන්ගේ වගකීම බාර ගෙන අස් වූ මුල් ම රාජය නිලධාරීන් ලෙස ඔවුන්ට නම් වාර්ථාවක් තැබිය හැකි ය. එහෙත් එහෙම දෙයක් වුනේ නැත. වෙන එකක් ද නැත.

ර‌ටේ ඇතැම් උදවිය මේ රාජ්‍ය සේවකයන් දෙදෙනාට එරෙහි ව ව්‍යාපාරයක් ආරම්භ කර තිබේ. ඒ මේ දෙපොලම ලජ්ජාවක් හඳුනන්නේ නැතැයි කියා සිටිමින් ය. සාධාරණව වැඩ කරන රජයේ සේවකයන්ට දඩුවම් මාරු විනය ක්‍රියාමාර්ග ගනිද්දී ඇස් කණ් පියා සිටින අපට ඔවුන්ට මෙවැනි චෝදනා කිරීමට අයිතියක් තිබේ ද? තිස් අවුරුදු යුද්ධය අවසන් කළ ලෝකයේ දක්ෂම සේනාධිනායකයා ලෙස ලංකාවේ මිනිසුන් විසින් ම අභිෂේක කරන ලද සරත් ෆොන්සේකා මහතා පුංචි අතපසුවීමකට හිරේ දමද්දී නිසි විරෝධයක් නොදැක්වූ ජනතාවගෙන් ඔවුන් කුමක් අපේක්ෂා කරන්න ද? පිස්සු බල්ලන් සේ හැසිරෙන මිනිසුන් ආණ්ඩු කරන්නට පත් කළ අපට රාජ්‍ය සේවකයන්ට පමණක් දොස් කිව හැකි ද? ඒ නිසා රාජ්‍ය සේවකයන්ගෙන් ගේම ඉල්ලන අයට ද ඒ මැදිහත් වීම නිසා එහෙමට ගෞරවයක් ලැබෙන එකක් නැත.

ඔන්න ඔය හේතු නිසා මේ සිද්ධියෙන් ඒ කවරෙකුටවත් ගෞරවයක් හිමි වූයේ නැත. එහෙත් ආරංචි අනුව ඔහුට අස්වෙන්නට උපදෙස් ලැබී ඇත්තේ අගමැති තුමාගෙන් ය. ඒ නිසා අඩු වශයෙන් එතුමාට වත් ගෞරවයක් පිරි නමන්නට අපට බැරි ද?  ඒ ප්‍රශ්නය අප නගන්නේ වෙනදා තමන්ගේ මිනිසුන් වැරදි කරන ලද කල අහස දෙස බලා ගෙන සිටි එතුමාට ඒ අහක බලා ගැනීමේ වැරැද්ද තේරුම් ගිය බවක් ඒ උපදෙස් දීමෙන් අපට තේරුම් ගිය නිසා ය. වෙනදා එවැනි කලබැගෑනියක දී කමිටුවක් පත් කර ඒ ගැන සොයා බලන්නට යන බවක් පල කරමින් කර ඇරිය අගමැති තුමා අද වන විට වඩා පරිණත වී ඇති බවක් මේ නිසා පෙන්නුම් කරන්නේ යැයි කියා ද කෙනෙකුට කිව හැකි ය.

එහෙත් ඊට ද පරහක් තිබේ. ඇත්තටම නම් මේ කරන ලද වැරැද්දට ඉල්ලා අස් වීම ප්‍රමාණවත් වන්නේ නැත. වැරැද්ද කළ තැනැත්තාට දඩුවම් ලැබිය යුතු ය. ඒ අනුව අගමැති තුමාට කළ යුතු ව තිබුණේ වහාම රාජ්‍ය ඇමතිවරයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස පොලීසිය බාර ඇමතිවරයාට නියෝග කිරීම ය. එහෙම එකක් වුනේ නැති වාට අමතරව අපේ රටේ රාජ්‍ය නායකයෙකුගෙන් එවැන්නක් බලාපොරොත්තු වීම පවා තේරුමක් නැති වැඩකි.

ඇත්තටම නම් මේ කරන ලද වැරැද්දට ඉල්ලා අස් වීම ප්‍රමාණවත් වන්නේ නැත. වැරැද්ද කළ තැනැත්තාට දඩුවම් ලැබිය යුතු ය. ඒ අනුව අගමැති තුමාට කළ යුතු ව තිබුණේ වහාම රාජ්‍ය ඇමතිවරයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස පොලීසිය බාර ඇමතිවරයාට නියෝග කිරීම ය. එහෙම එකක් වුනේ නැති වාට අමතරව අපේ රටේ රාජ්‍ය නායකයෙකුගෙන් එවැන්නක් බලාපොරොත්තු වීම පවා තේරුමක් නැති වැඩකි.

එහෙම කලක්, තමන්ගේ එකෙකුට දඩුවම් ලබා දෙන කලක්, අපේ රටට උදාවීමට තව කාලයක් ගත කළ යුතු බව ඒ අනුව පෙනෙන්නේ ය.

මානව හිමිකම් කොමසාරිස් වරිය ද මේ සිද්ධිය හෙලා දකිමින් කතා කර තිබේ. ඒ කියන්නේ අපේ රටේ අභ්‍යන්තර කටයුතු වලට ඇඟිලි ගැසීමට ඇය තව වරක් ඉදිරිපත් වී ඇති බව ය. ඇය සම්බන්ධයෙන් කිව හැක්කේ ඇයට නම් ලජ්ජාවක් නැති බව ය. මේ රටේ බොහෝ දෙනෙකුට නුවුමනා මානව හිමිකම් ප්‍රතිෂ්ඨාපනය කිරීමට බැණුම් අහමින් ඇය වෙහෙසෙන්නේ ඒ ලජ්ජා බය නැති නිසා ය.

ඒ අනුව මේ සිද්ධිය විසින් කාගෙ කාගෙත් රෙදි ගලවා තිබෙන බවක් පෙනී යන්නේ ය. දැන් ඉතින් තියෙන්නේ සීතාම්බර පටල පැළඳ ඉන්නා බවට පාරම් බෑමට ය.

මේ සිද්ධිය විසින් කාගෙ කාගෙත් රෙදි ගලවා තිබෙන බවක් පෙනී යන්නේ ය. දැන් ඉතින් තියෙන්නේ සීතාම්බර පටල පැළඳ ඉන්නා බවට පාරම් බෑමට ය.

නිශාන්ත කමලදාස

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *