අද කොවිඩ් මරණ 118 යි ; නව ආසාදිතයින් 2271 යි

 

රජය අද දිනයේ නිල වශයෙන් නිවේදනය කොට ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 118 කි.

ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 11,817 ක් දක්වා ඉහළ ගොස් ඇත.

රජයේ නිවේදනයට අනුව අද දිනයේ අලුතින් හඳුනාගත් කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 2,271කි.

මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 498,694 ක් දක්වා ඉහළ ගොස් ඇත.

කොවිඩ් මරණ සහ රෝගීන් සංඛ්‍යාව අඩුවෙමින් ඇති නිසා රට විවෘත කළ හැකි බව සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග ප්‍රකාශ කළ ද, විශේෂඥ වෛද්‍ය සංගමය ඉල්ලා ඇත්තේ සම්පුර්ණ වාසි ලැබීමට ලබන මස මුල දක්වා රට වසා තබන ලෙස යි. ඒ පිළිබඳව හෙට දිනයේ තීරණය කරනු ඇති බව වාර්තා වෙයි.

ලබන සතියට යෙදී ඇති ජනාධිපතිවරයාගේ ඇමෙරිකානු සංචාරය ද තීරණයක් ගැනීමේ ප්‍රධාන සාධකයක් විය හැකි බව අපේ ආරංචි මාර්ග කියයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *