නයිට්‍රජන්, පොටෑසියම්, පොහොර ගෙන්න කාබනික ලේබලයෙන් අවසර !

තේ, පොල්, රබර්, ඇතුළු සියලු වගාවන් සඳහා භාවිතයට නයිට්‍රජන් සහ පොටසියම් පොහොර ගෙන්වීමට පොහොර සමාගම්වලට අවසර දුන් බව කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කරයි. පෞද්ගලික අංශයට ද මෙම අවසරය දෙන බව ඒ මහතා වැඩි දුරටත් පවසයි.

ඇමතිවරයා කියන්නේ මෙම පොහොර කාබනික පොහොර බවයි. කෙසේ වෙතත්, විද්‍යාත්මකව මෙම දෙක ම සැලකෙන්නේ රසායනික වශයෙනි. අනෙක් අතට රජය පසුගිය කාලයේ තහනම් කළ යුරියා කාබනික ද්‍රව්‍යයක් වන අතර ඒවා මුලින් ම සොයා ගන්න ලද්දේ සතුන්ගේ සහ මිනිස් මුත්‍රාවලිනි.

නයිට්‍රජන් සහ පොටසියම් පොහොර ලෙස මෙලෙස යෙදීම ඉතා මිල අධික බවත්, එයින් වගාවන්හි පොහොර අවශ්‍යතා සම්පුර්ණ නොවන බවත්, විශේෂඥ මතය වී තිබේ.

මීට අමතරව අවශ්‍ය තරම් කාබනික පොහොර නිපදවන බව රජය කීව ද, එතරම් පොහොර ප්‍රමාණයක් නිපදවීම කිසිසේත් කළ නොහැකි බවත්, ආණ්ඩුව දැනට කරන බව පෙන්වන ව්‍යාපෘති ඒ සඳහා කිසිසේත් ප්‍රමාණවත් නැති බවත්, විශේෂඥයෝ කියති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *