මහාචාර්ය ජී එල් විදේශ ඇමති වෙද්දී, මහාචාර්ය නලින් ද සිල්වා මියන්මාර තානාපති ධුරය හැර දා ගෙදර එයි !

මියන්මාර තානාපති ලෙස පත්ව සිටි මහාචාර්ය නලින් ද සිල්වා මහතා සිය තනතුරින් ඉවත් වී සියරට පැමිණ ඇති බව වාර්තා වෙයි.

තානාපති ධුරයෙන් රටට වැඩක් කරන්නට තමන්ට නොහැකි වී ඇති නිසා ඉල්ලා අස්වන බව ඒ මහතා විදේශ අමාත්‍යංශයට දන්වා ඇති බව ද වාර්තා වෙයි.

වත්මන් විදේශ ඇමති මහාචාර්ය ජී එල් පීරිස් මහතා සේවය කළ කොළඹ විශ්ව විද්‍යාලයේ ඒ මහතා සමග සමකාලීනව කලක් සේවය කළ නලින් ද සිල්වා මහතා සහ මහාචාර්ය පීරිස් මහතා අතර මතවාදී විරසකයක් එකල සිට පැවති බව තතු දත් ආරංචි මාර්ග කියයි.

ජාතික චින්තනය ගැන කතා කළ මහාචාර්ය නලින් ද සිල්වා මහතා මහාචාර්ය ජී එල් පීරිස් මහතා ඇතුළු කණ්ඩායම හඳුන්වන ලද්දේ බටහිර ගැත්තන් පිරිසක් වශයෙනි. එතුමාගේ එම විරසකය කිසිදා වෙනස්  නොවූ බව කියති.

ජී එල් පීරිස් මහතා විදේශ ඇමති ධුරය භාර ගැනීමත් සමග නලින් ද සිල්වා මහතා තනතුරින් ඉවත් වී නැවත ශ්‍රී ලංකාවට පැමිණ ඇත.

මේ වන විට ඒ මහතා නිරෝධයනයේ සිටින බව වාර්තා වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *