අනාගත විදුලි ඉල්ලුමට සපුරන්ට දැන් ම තීරණ ගෙන ක්‍රියාත්මක වියයුතු ය- ආචාර්ය තිලක් සියඹලාපිටිය

ප්‍රථමයෙන්ම මා උත්සහ දරන්නේ ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා දැක්වූ කරණු කිහිපයකට ප්‍රතිචාර දැක්වීමට ය. එයින් පළමුවැන්න, නිශ්චිතවම දළ ජාතික නිෂ්පාදනයේ වර්ධනය සමග බැලූ විට විදුලි ඉල්ලුමේ වර්ධනය වැඩි නැත. ඔබ දන්නා පරිදි ඒ ක්ෂේත්‍රවල රුපියල් මිලියන ගණනක වටිනාකම් නිෂ්පානදයන කිරීම සඳහා බලශක්තිය අවශ්‍ය වේ. ඒ නිසා ආර්ථිකයේ විදුලිය අවශ්‍යතාවය ඉහළ යනු ඇත ඒ වගේම නිශ්චිතවම අපි ඔබට ආරාධනා කරනවා මෑතක කළ හා කරමින් ඇති පර්යේෂණ ගැන අවබෝධක් ලබාගන්නට.
විදුලිබල මණඩලයේ සභාපතිතුමා මතු කළ දෙවැනි කරුණ ගැනත් යමක් පැවසීමට මම අදහස් කරමි. වාර්ෂිකව විදුලිබල සැපයුම 5%ක් නොව 10%කින් වැඩිකළයුතු බව අගමැතිවරයා ඔහුට කී බව පැවසුවේ ය. ඇත්තෙන්ම ඒ අගමැතිවරයාම 1993 දී ඒ දේම මට ද පවසා ඇත. 5%ක් ද 10%ක් ද කියන වාද කරුන කුමක් වන්නේ වි නමුත් ප්‍රශ්නය වන්නේ අපිට තීරණයක් ගැණිමට අවශ්‍යයි, ඇතිවිය හැකි ඉල්ලුමේ වැඩිවීම කොපමණ ද යන්න පිලිබඳව.
බස් සහ දුම්රිය සමග සසඳමින් ගුණාත්මක සහ කාර්යක්ෂම සේවාවක් පිළිබඳව ඉතාමත් සිත්ගන්නා සුළු ලෙස ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා තම ඉදිරිපත් කළේ ය. මට කියන්නට සතුටුයි විදුලි දුම්රිය පිලිබඳ ද ගිය සතියේ දීත් අපි කථා කළෙමු. නැවතත් අදාළ මාතෘකාවට පැමිණියහොත්, විදුලිය බිඳවැටුණු දිනයේ විදුලි ප්‍රතිලාභින් සමග අදාළ ආයතන වැඩකළ ආකාරය ගැන විශ්ලේෂණයක් කළ හැක, 2009 ඔක්තෝබර් 10වෙනි සිකුරුදා ඔබට අමතක ව ඇති නමුත් සමහර විට ඔබ නිදාගෙන නොසිටියාද වන්නට පුළුවන. මෑතක ද විදුලිය බිඳවැටෙන වනවිට ඔබ නිදාසිටියේ නැත. වාසනාවකට මෑතක විදුලිය බිඳවැටුණු අතරතුර කාලයේ මම විදේශගත වී සිටියෙමි. 2009 ජාතික විදුලි බලපද්ධතිය බිඳවැටිම සිදු වූයේ පාන්දර 1 පසුවි විනාඩි 29ට ය. විදුලි බලය නැවත යථා තත්ත්තවයට පත් කළේ සවස 2 පසුවි විනාඩි 4 ට පමණි. මේ බිඳවැටිම සිදුවුණු, නැතිනම් ආරම්භ වූ තැන වන්නේ කැළණි තිස්ස බලාගාර පරිශ්‍රය වේ. කැළණි තිස්ස විදුලි බලාගාරයේ සිට කොලොන්නාවට විදුලිය ගෙනයන ආර්, වයි, බී. ෆේස් යනුවෙන් හැඳින්වෙන තැනට සම්බන්ධ විදුලි රෑහැනයි බිඳවැටුනේ. ඔබගේ ගෙදර ආරක්ෂක ටිප් ස්විච් තියෙන බව ඔබ දන්නවා ඇත. ඒ ආකාරයට ආරක්ෂක බොත්තම් රාශියක් ජාතික විදුලිබල බෙදා හැරිමේ පද්ධතියේ තිබේ. විදුලි රෑහැන බිඳවැටිමත් සමග ඒ ආරක්ෂක බොත්තම් ක්ෂණයකින් ක්‍රියාත්මක වී වරද සිදු වූ රැහැන් සියල්ලම විසන්ධි විය. ඇත්තෙන්ම ඒක සිදු වූයේ රැහැන බිඳවැටුණු පැත්තේ නොව රැහැන් පද්ධතියේ අනික් කෙලවර් ය. නමුත් කැළණි තිස්ස බලාගාර කෙළවරේ ඇති ආරක්ෂක බොත්තම් ක්‍රියාත්මක වූයේ නැත. වෙනත් ආකාරයකට කියන්නේ නම් ටිප් ස්විච් වැඩකළේ නැත. තව තියෙනවා ආධාරක ආරක්ෂක බොත්තමක්. ඒ බොත්තමත් ඒ මොහොතේ ක්‍රියාත්මක වූයේ නැත. තව තියෙනවා දුරස්ථ ආරක්ෂක බොත්තමක්. ඒකත් ක්‍රියාත්මක වූයේ නැත. දැන් කඩා වැටුණු විදුලි රැහැන බිම පතතිත වි තිබේ. විදුලි රැහැන දිගේ විශාල ප්‍රමාණයේ විදුලි බලයක් පොළව පුරාම ගලායමින් තිබුණි. අවසානයේ උත්පාදක යන්ත්‍රවලට ඒ විදුලිය දරාගන්නට නොහැකිව වෙව්ලාගොස් තමාගේම ආරක්ෂාවට ඒවා විසින් ම එකින් එක ස්වයංක්‍රියවම අක්‍රිය කෙරින.
වාසනාවට බලාගාරය ඇතුලට විදුලි රැහැන වැටුණු හෙයින් කිසිවෙකුට අනතුරක් සිදුවූයේ නැත. එහෙත් උපකරණවලට බරපතල ලෙස හානි සිදුවිය. මෙහි ප්‍රතිඵලය වූයේ මුළු රට ම අඳුරට පත්වීම ය. මිනිසෙකුට සම්බන්ධ වෙන්නට වෙලාවක් නැති මේ සියල්ල සිදුවන්නට විනාඩි 03ක් යන්නට ඇත. නැවත විදුලිය ස්ථාපිත කිරීමට ගත් ප්‍රථම උත්සහාය තුළ අනික් බිඳ වැටීම සිදුවිය. එය සිදුවූයේ උදේ 4 පසුවි විනාඩි 44ට ය. එය පළවෙනි බිඳවැටීම සිදු වී පැය 3ක් ඉක්ම ගියා පමණි. විදුලිය නැවත් ස්ථාපිත කරන්නට දෙවැනි උත්සහාය ගන්නා විට උදේ 9 පසුවි විනාඩි 26 පසු වී තිබුණි. හවස 2.00වන විට එය නැවත යථා තත්ත්වයට පත්කර ගැනීමට හැකිවිය. ඇත්තටම ත්‍රිකුණාමලයේ අන්තිම පාරිභෝගිකයාට සම්බන්ධතාවය ලබාදෙන විට වේලාව සවස 4 පසුවි විනාඩි 2 පමණ වී තිබින. මෙහි දී පළමුවෙන්ම කොළඹට විදුලිය සැපයූවේ නැත.
2009 විදුලිය බිඳවැටිමට ඇති වූ ප්‍රතික්‍රියාව කුමක් ? අපේ ලංකා විදුලිබල මණඩලයේ උපයෝගිතා අංශය බොහෝ සේ නිහඬ විය. සිදුවූයේ කුමක් ද යන්න කිසිකෙනෙක් තියා ඇමතිවරයෙකුවත් යමක් කියනවා මට ඇසුනේ නැත. කණගාටුව පල කළේ වත් නැත. කිසියම් විශ්ලේෂණයක් හෝ ප්‍රසිද්ධකර තිබෙනවා මම නො දුටුවෙමි. මහජන අවකාශයේ වත් සිදුවූයේ කුමක් ද යන්න ගැන කථාබස් කෙරුනේ ද නැත. ඇත්තටම ඒ වෙලාවේ ක්‍රියාකළ පාලන අංශයට යම් දෙයක් කිරීමට කිසියම් උවමනාවක් තිබුණි.
ඒ අනුව පරික්ෂණ කරන්නට කොමිටියක් පත් කළේ ය. පත් කළ කොමිටිය වාර්තාවක් නිකුත් කළේ ය. එම වාර්තාවේ රෙකමදාරු 37ක් ඇතුලත් වී තිබුණි. නමුත් වාර්තාව ප්‍රසිද්ධ කළේ නැත වාර්තාව ප්‍රකාශයට පත්කළේ නැති විට සිදුවූයේ කුමක් ද යන්න අපි දන්නේ කෙසේ ද? නමුත් ඒ වාර්තාව ලිව්වේ මා ය. මා ලියූ වාර්තාව නිසා රෙකමදාරු 37ක් එහි ඇති බව මම දනිමි. ඒ රෙකමදාරුවලට කුමක් වූයේ ද යන්න ගැන කිසි ප්‍රවෘත්තියක් ගැන මම නොදනිමි. පැහැදිළි ලෙසම එම රෙකමදාරු ක්‍රියාවට නැගිය යුතු කාල නිර්ණයක් නියමකර තිබුණේ නැත. මම ද එයින් පසු ඒ ගැන එතරම් ලුහුබැන්දේ ද නැත. මම හිතන්නේ ඒ රෙකමදාරු ඩබ්ලියූ. පී. බී. නැත්නම් ඔබ දන්නා පරිදි කුණ කූඩයට යන්නට ඇත. අවසාන ප්‍රතිඵලය ලෙස ඊ ළග බිඳවැටීම එනතුරු සියලුම දෙනාම සතුටින් ඉන්නට ඇතැයි සිතිය හැක. 2015 විදුලිය බිඳවැටීම හා සම්බන්ධ නිකුත් කළ 2015 වාර්තාව ද විශාල ලෙස නොසලකා හැරියේ ය. 2016 නැවත විදුලිය බිඳවැටෙන විට 2015 වාර්තාවට සිදුවූයේ කුමක් ද යන්න සහ කරන ලද රෙකමාදාරු මොනවාද යන්න ගැන බොහෝ දෙනා කථා කරති. සිදුවන්නේ කුමක් ද යන්න තේරුම් ගැනීමට විදුලිය ප්‍රතිලාභින්ට ඉගෙන ගැනීමට මෙය හොඳ පාඩම කි.
2003 දී උතුරු ඇමෙරිකාවේ ද විදුලිය බිඳවැටිමක් සිදුවිය. ශ්‍රි ලංකාවේ පමණක් නොව ඇමෙරිකාවේ පවා විදුලිය බිඳවැටේ. අගොස්තු 14 වෙනිදා ඇමෙරිකාවේ උතුරේ හා කැනඩාවේ විශාල ප්‍රදේශයක විදුලිය බිඳවැටුනි. මිලියන 50ක පමණ ජනකායකට දින දෙකක් විදුලිය නැති විය. ඒ අතින් බැලූ කළ ලංකා විදුලි මණ්ඩලය යහපත් ය. සම්පුර්ණයෙන් එය යථා තත්ත්වයට පත් කිරීමට සති දෙකක් ගතවිය. ඇත්තටම සමහර රැහැන් පද්ධතිවලට භෞතිකව හානිවී තිබින. එය නැවත යථා තත්වයට පත් කරන අතරම නැවත ගොඩනගන්නට ද සිදුවිය. විදුලිය සපයන්නන්ගේ ප්‍රතිචාරය වූයේ විශාල අධ්‍යයනයක් කිරීම විශාල සම්මන්ත්‍රණ , වාර්තා, විශ්ලේෂණයන්, ඉතා වැදගත් ප්‍රකාශණ සහ වෙබ් අඩවිවල පවා පල වූ දේවල් අද පවා බොහෝ දෙනෙක් කියවති. නීතිමය පැත්ත ඉතා බරපතල විය. ෆෙඩරල් නීති කොමිසම, ඇමෙරිකා හා කැනඩා ඒකාබද්ධ කාර්ය සාධක බලකාය විශාල විශ්ලේෂණයක් කළා පමණක් නොව එය ප්‍රකාශයට ද පත් කළේ ය. ෆෙඩරල් බලශක්ති අංශයට තමයි පැහැදිළි ලෙසම මෙම විදුලිය කඩා වැටීමේ වගකීම පැවරුණේ. ප්‍රමාණවත් නැති සැළසුම් හා යථාර්තවාදි මිණුම් දඩු පාවිච්චියට නොගැනීමේ වගකීම ඔවුන්ට පැවරුනි. ඇත්තටම මහපොළොවේ සිදු වූ දෙය ද්වීතියික විය. අවසාන ප්‍රතිඵලය සම්පූර්ණ පරික්ෂණය අවසන් වී රෙකමදාරු ක්‍රියාත්මක කර, ප්‍රශ්නය සම්පුර්ණයෙන්ම විසඳන තුරු ඇමෙරිකාවේ කිසිකෙනෙකුට විවේකයක් තිබුණේ නැත. ඇත්තටම ඇමෙරිකාවේ විදුලිය බලය ලංකාවට වඩා ලාභ ය.
අපි කථා කරමින් සිටින්නේ මොන විදුලි අර්බුදයක් ගැන ද? මේ සම්මන්ත්‍රණයේ දී මොන අර්බුදයක් ගැන ද අපි කථා කරන්නේ. ඒක නිර්ණය කරගැනීම හොඳයි කියා මම සිතමි. ඒක අපි නිර්ණය කරගෙන නැත. එය වගකීම පිළිබඳ අර්බුධයක් ද? එසේ නැත්නම් මෙය විදුලිය සැපයීමේ ධාරිතාවය පිළිබඳ අර්බුදයක් ද? නැති නම් හැකියාව පිළිබඳ අර්බුදයක් ද? අර කී අර්බුද 3 පිළිබඳව අපිට විවිධ මැනුම් තිබෙන බව මම දනිමි. අපිට එළියක් දකින්නට පුළුවන් වෙන්නේ අර්බුදය කුමක් ද යන්න තේරුම් ගැනීමෙනි. අපිට දෙන සංඥාවන් මොනවා ද යන්න තේරුම් ගැනීමෙන් අපිට වරද අවබෝධද කරගැනීමට හැකිවෙනු ඇත. අපිට මේ වැරදීම් නිවැරදි කරගන්නට කාල සටහනක් ද තිබිය යුතු ය. අර අඳුර තුළ මේ මොහොතේ අපිට එලියක් දකින්නට සංඥාවන් නැත.
වගකීම පිළිබඳව බලමු. පක්ෂපාති විශ්ලේෂණයක් 2015 සැප්තැම්බර් මාසයේ කළ මහජන උපයෝගිතා කොමිසම පලකළේ ය. එය 2016 මාර්තුවල දී ප්‍රකාශයට පත්වි ය. මේ තුළ 2015 විදුලිය බිඳවැටිමට අදාලව පත් කළ කොමිසමේ වාර්තාව, මහජන උපයෝගිතා කොමිසම තම වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කළේ ය. ඒකට බොහොම ස්තුති ය. නමුත් ඇත්තෙන්ම මහජන උපයෝගිතා කොමිසමේ වගකීම හා ලංකා විදුලිබල මණ්ඩලය එයට දැක්වූ ප්‍රතිචාරය ඒ වෙබ් අඩවියෙන් බලාගත හැකි ය. එහි ලියා තිබෙන්නේ මොනවාද යන්න ඔබට බලාගත හැකි අතර ඒවාගේ වගකීම පිළිබඳ මට ඇත්තේ බලාපොරොත්තු කඩවිමකි. ලංකා විදුලිබල මණඩලයේ වගකිම පිළිබඳව ද මට ඇත්තතේ එවැනිම හැගීමකි. විශ්ලේෂණයේ හඬ හොඳ වූවාට ගතයුතුව තිබෙන ක්‍රියාවන් මොනවාද යන්න සඳහන් වන්නේ නැත. ඇත්තටම යථාර්තය එතරම් යහපත් නැත. මගේ දැක්ම අනුව ප්‍රධාන අවධානය ට ලක්විය යුතු අනික් කරුන වන්නේ කාල සටහන ය. එවැනක් ද නැත. උපයෝගිතා කොමිසම කාල සටහනක් ගැන අසා නැතිවා පමණක් නොව විදුලිබල මණ්ඩලය එවැන්නක් ලබාදි ද නැත. මේ අඩුපාඩකම් වලට මැදිහත් වෙන්නට ඇති අභිලාෂයක් ද එහි පෙනෙන්නට නැත. මේ සම්බන්ධයෙන් මහජන විශවාසය ඇති කිරීමට දෙයක් ද යෝජනා වි නැත. ඒකාබද්ධ සැලැසමක් සහ ක්‍රියාකාරි වැඩ පිළිවෙලක් ද මෙහි නැත. නවින ආරක්ෂක විශ්ලේෂණයක් හෝ ගණන් බැලීමක් මෙන්ම සැලසුම් කිරීමක් ද ඒ තුළ නැත. මක්නිසාද යත් විශ්ලේෂණ යනාදි දේවල් ප්‍රශ්නයෙන් බොහෝ ඈතට ගොස් තිබූ අතර ඒවා ප්‍රකාශයට ද පත් විය.
බොහෝ රටවල යොදාගන්නා නිවැරදී එළඹුම වන්නේ, සම්ප්‍රේෂණය හා බෙදාහැරීම සහ විදුලිය වෙළඳාම සම්බන්ධව ඇති වගකිම පිළිබඳ කාරණාවන් ය. මෙහිදි විදුලිය සැපයීමේ හැකියාව සම්බන්ධයෙන් ගතහොත් දැනට එහෙම ප්‍රශ්නයක් නැත. පසුගිය වසර 50 තිස්සේම විදුලිය සම්බන්ධයෙන් කිසියම් වාර අර්බුද හටගෙන තිබේ. එය ලංකාවේ විදුලිබල පද්ධතියේ සාමාන්‍ය තත්ත්වයකි. වසර පළවෙනි මාසි 5 තුළ විදුලිබල පද්ධතියේ අර්බුදයක් ඇත. නමුත් ඇත්ත අර්බුදය එන්නේ 1980 දී ය. එදා සිට අද වනතුරු අළුතෙන් ප්‍රධානත ම බලාගාරයක් ස්ථාපිතකර නැත. අද වෙනතුරු විවිධ තැන්වල නොයෙකුත් බලාගාර ඉදිකර ඇතත්, එයට විශාල කාලයක් ගොස් තිබේ. අනාගත කර්මාන්තවලට ඇති ඉල්ලුම සපුරාගන්නට තවම කිසිවක් ආරම්භකර නැත. වර්ධනය කළයුත්තේ 5%ක් ද 10%ක් යන්න කාරණයක් නොවේ. වෙලාවට තීරණ ගන්නේ නැතිනම් කළ නොහැකි ක්ෂණික තීරණ ඇත. කුමන හෝ මෙගාවෝට්ස් ගණනක ඩිසල් විදුලි ජනක යන්ත්‍ර ගැනීමට තිබේ. ඔබට එවැනි බලාගාර සතියකින් ගතහැක. එහි වියදම රුපියල් 40ක් 50ක් පමණ වේ.
සාම්පුර් බලාගාරය ගොඩනගන්නට විදුලිබල මණ්ඩලය උත්සහා කරයි. එහි ඉන්ධන වලට යන්නෙ රු 5කි. එයට තව රුපියල් තුනක් එකතුවන බව මට අසන්නට ලැබේ. ඉතා ඉක්මන් තීරණ ගත්තේ නැත්නම් තෙල් නීෂ්පාදනය කරන රටවල් වගේ ඩීසල් බලයෙන් ක්‍රියාත්මක වන විදුලි ජනක යන්ත්‍ර තමයි ගන්නට වෙන්නේ. දැන් තෙල් මිල බැසඇති නමුත් ගිය වසරට වඩා මේ වසරේ ටිකක් වැඩි වී ඇත. නමුත් අපි නැවතත් විවාද කරන්නට 1995ට ගියහොත්, එදා ගල්අගුරු බලාගාර යෝජනාව එනවිට ඒ බලාගාර නිසා තේ වගාවට හානිවන බවට විශාල විවාදයක් සමාජයේ මතුවි ය. එයට පසු එවැනි බලාගාර වලින් ජය ශ්‍රි මහා බෝධියට හානිවන බවට එවැනිම විරෝධයක් මතුවි ය. ඒ විරෝධතාවන් නිසා එම අදහස දැන් අතහැර දමා තිබේ. ඒ වෙනුවට සුලං සහ හිරු බලය යොදාගත හැකි බව කියැවින. මෙයින් විදුලබලය නිපදවන නමුත් තවමත් මේවා තිබෙන්නේ පර්යේෂණ මට්ටමේ ය. මහා පරිමාණ ලෙස ඒවා වර්ධනය කරන්නට තව කල් ගතවන්නට පුළුවන. වෙනත් රටවල විකල්ප බලශක්තිය පිළිබඳව වසර ගණන් පර්යේෂණ කර තමයි රටට ගැළපෙන ආකාරයට බලශක්තිය උපදවා කළමණාකරනය කරගන්නේ. නමුත් අවාසනාවට අපේ රටේ එය ඉටුකරගන්නට යන්නේ ඊ ළග දීනයේ දී ය. තීරණගෙන කාල සටහනකට අනුව කළහැකි දෙයක් වන මෙය ක්ෂණිකව කළහැකි දෙයක් නොවේ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *