අද කොවිඩ් මරණ 132 යි ; නව ආසාදිතයින් 2314 යි

අද දිනයේ රජය නිල වශයෙන් වාර්තා කොට ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 132 කි.

ඒ අනුව මෙරටින් මෙතෙක් වාර්තා වී ඇති කොවිඩ් මරණ සංඛාව සටහන් වන්නේ 11,699 ක් වශයෙනි.

අද දිනයේ අලුතින් හඳුනාගත් කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව වාර්තා වන්නේ 2,314 ක් වශයෙනි.

මෙරටින් මෙතෙක් වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් සමස්ත සංඛ්‍යාව අද සවස වාර්තා කොට ඇත්තේ 496,422 ක් වශයෙනි.

මේ අතර ලබන සතියේ සිට රට කෙමෙන් විවෘත කිරීමට රජය නොනිල වශයෙන් තීරණය කොට ඇති බව වාර්තා මගින් තහවුරු වෙයි.

කුඩා පාසල්, ප්‍රථමික විද්‍යාල සහ පෙර පාසල් සති දෙකකින් විවෘත කිරීමට අද තීරණය කළ බව සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද සවස ප්‍රකාශ කළේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *